තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

විලාසිතා සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 ජනවාරි 22, බ්‍රහස්පතින්දා 16:23

ඔබ රැල්ලට හැඩ වෙන මනාලියක් වෙන්න එපා

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(0 මනාප)
අවුරුද්දක් ගෙවිලා අවුරුදක් ලබපු ඉක්මන කියලා කාට වුණත් හිතෙනවා ඇත. අලුත් නව වසරේ ඔබේ ජීවිතේ බලාපොරොත්තු ගොන්න අතරේ ඒ මිහිරි මංගල හීනයක් හරි අපූරුවට ඇති. ලස්සන මනාලියක් වෙන්න කවුද අකමැති.... නේද? මේ ඒ පිළිබඳව හා පුරා අවුරුද්ද ලබද්දීම ඔබට කෙරෙන දැනුවත් කිරීමයි. අපේ මනාලියෝ හුඟ දෙනෙක් ගත්තොත් එකම වාගේ කියලා බොහෝ අවස්ථාවල හිතෙනවා. උඩරට... වේවා! පහතරට වේවා! බටහිර වේවා... හැමදාමත් අපි දකින්නේ එකම විදියට.

 

එකම ක්‍රමයට හැඩ වැඩ ගන්වන ලද මනාලියන්වයි. පුංචි හෝ වෙනසක් කරන්නේ එහෙමත් කෙනෙක් පමණයි. අද වෙලා තියෙන්නේ රැල්ලට ඇදිලා යන මනාලියක් ඇන්දවීමක් නේ. කවුරුන් හෝ මනාලියන් අන්දවන කෙනෙක් කීවොත් චාම් වූ තරමටයි මනාලිය ලස්සන වෙන්නේ කියලා ඔන්න ඉතින් අපේ හැමෝම පුළුවන් තරම් චාම්ව මනාලියව අන්දනවා. ඇත්තෙන්ම මනාලිය කියන්නේ මංගල දා සුවිශේෂම චරිතය. හැමෝටම වඩා ලස්සනට ඉන්න ඕනේ ඇය. ඒත් සමහර මනාලියන් ඉන්නවා මුහුණේ රෝස පවුඩර් ටිකක් වත් නෑ.

මොකද චාම් වූ තරමටනේ මනාලිය ලස්සනයි කීවේ. ඉතින් අන්දන කෙනා පුළුවන් තරම් මනාලියව චාම් කළා. එකෙන් වුණේ ඉන්නවටත් වඩා ඇය මනාලිය වූ දවසේ කැතවෙලා. මේ නිසයි කියන්නේ රැල්ලට ඔබ ඇදෙන්න එපා. මනාලිය අන්දන කෙනා නිරන්තරයෙන්ම අලුත් දෙයක් එකතු කරන්න උත්සහ කරන්න. ඒ වාගේම මනාලියක් වෙන්න ඉන්න ඔබත් දැනුවත් වෙන්න.

ඔබට ගැළපෙන්නේ සාරියද, ඔසරියද, ගවුමද කියලා හිතන්න පුළුවන් කමක් ඔබ සතුවිය යුතුයි. ඒ ඔබේ දවස. ඔබේ ලස්සන දිහායි හැමෝම බලන්නේ... මේකප් නැතුව පුළුවන් තරම් චාම් වුණොත් ඔබෙන් විශේෂයක් කවුරුවත්ම දකින්නේ නෑ. ඕනෑම යුවතියකගේ සැඟවුණු සුන්දරත්වයක් තිබෙනවා. ඒ ලස්සන ඉස්මතු කරලා ගන්න අන්දන කෙනා දැනගත යුතුමයි. වත්මනේ මනාලිය නිරූපිකාවකගේ තත්ත්වයට පත් කරලා කවදාවත් ඔබ ඒ තැනට වැටෙන්න එපා.

සාරියක ලස්සන.... පලඳනාවක ලස්සන..... පෙන්වන්න නිරූපිකාවන් භාවිතා කරනවා. නමුත් ඔවුන් ඇවිදින.... හිනාවෙන..... විදිහ ඔබට ගැළපෙන්නේ නැතිවෙන්න පුළුවන්... එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුණු මනාලියන් ඉන්නවා. තව කෙනෙක්ව අනුකරණය කිරීම නොව ඔබ ඔබ තුළින්ම සුන්දර මනාලියක්වයි එළියට අරගත යුතු වන්නේ.

හුදෙක්ම අද ජනපි‍්‍රය නිළියන් ගායිකාවන්, නිරූපිකාවන් ව මනාලියන් හැටියට හැඩ ගන්වලා තිබෙන අයුරු මාධ්‍යවලින් දකින අපේ යුවතියන් තමන් මනාලිය වෙනදාටත් ඒ විදිහට අදින්න හදනවා. මේ නිසා ඔබ තුළ සැඟව ඉන්න සුන්දර මනාලියට එළියට එන්න තිබෙන ඉඩ හරිම අඩුයි. අනික මනාලිය වෙන්න ඉන්නා යුවතිය තමුන් ගැන පූර්ණ අවබෝධයක් ඇති කරගත යුතුයි. තමන් කවුද... පවුල් සංස්ථාව මොකක්ද.... නෑදෑයින් කුමන තරා තිරමක ඉන්න අයද.... මේ දේවල් දැනගෙනයි රූ සිරියට හිත යවන්න ඕනේ.

ඒ වාගේම හුඟාක් මනාලියන් හැන්දෑවේ නික්ම යන ගමනට ගවුමක් අඳින්න පුරුදු වී ඉන්නවා. දුර බැහැර මධු සමය ගත කරන්න යනවානම් ගමන් පහසුව තකා කියලා හිතන්න පුළුවන්. ඒත් අද අල්ලපු වැටෙන් එහා වැටට පනින්නත් ගොයින් අ වේ අඳිනවා. ඒත් කමක් නෑ කියමුකො. අද බොහෝ දුර ගොයින් අ වේ එක තව කෙනකුගේ හැඟීම් අවුස්සන්නක් වෙලා. මොකද ඇඟ පසඟ සියල්ල එළියේ. මනාලිය සඟවා ගත යුතු දේවල් ප්‍රසිද්ධියේ එළියට දාපුවාම එය හරිම කැතයි. අශෝභනයි.

අනික මනාලියක් මංගල ඇඳුමින්ම මවුපියන්ගෙන් සමුගැනීම තරම් වටිනා කමක් තවත් නෑ. විලාසිතා රැලි කෙතරම් ආවත් මනාලියක වෙන්න ඉන්න යුවතිය දැනගන්න ඕනේ තම ගෞරවයට හානි නොවන විදිහට සැරසෙන්න. විශේෂම දේ තමා වයස.... අවුරුදු 20-28 ත් අතර කාලේ මනාලියකට සරිලන විලාසිතා අවුරුදු 30 පැනපු මනාලියකට නොගැළපෙන්න බොහෝ දුර ඉඩ තියෙනවා.

වයසට අනුව හැඩ වුණු විට එතන ලොකු නොගැළපීමක්. කැතත් දිස්වෙනවාමයි. මේ නිසා අලුත් අවුරුද්දේ පතිකුළයට යන්නට සැරසෙන ඔබ ඉතාම හොඳින් මේ කරුණු - කාරණා මතකයේ තබා ගන්න. මනාලිය කියන්නේ වැදගත් චරිතයක් මිස සමච්චලයට ලක්විය යුතු කෙනෙක් නෙවෙයි. නමුත් හුඟ දෙනෙක් ලැජ්ජාවට පත් වෙනවා මේ අඳින පලඳින නොයෙකුත් ක්‍රම නිසාම. අපි හරි ආදරයෙන් කියන්නේ මනාලිය ආත්ම ගෞරවය රැකගත් තැනැත්තියක් වෙන්න ඔබට සරිලන දේ ඔබම තීරණය කරන්න.

නිරූපණය - දිලි
හැඩගැන්වීම - සිතාරා දිල්හානි
ඡායාරූප - දමිත් හේවාවිතාරණ

 

 

17203 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජනවාරි 22, බ්‍රහස්පතින්දා 16:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න