තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 මැයි 25, සඳුදා 13:28

සොබා දහමට ආදරය කරන්නම හිතෙන ප්‍රීෂුට් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
දහසකුත් පෙරුම් පුරාගෙන අතිනත් පැටලෙන මංගල සිහිනයක සොඳුරු චමත්කාරයේ ආශ්චර්යය, අපූරු මතක සටහනක් ලෙස ජීවිතය පුරාවට සනිටුහන් කරන පී‍්‍රෂුට් දැන් වඩාත් ජනපි‍්‍රය වෙලා. 

 

මෙහි විශේෂත්වය වඩාත් දැනෙන්නේ අපේ මේ පුංචි රටේ ස්වභාවික සෞන්දර්ය කැටිකර ගනිමින් අතිශයින්ම කලාත්මක වූ සුන්දර වටපිටාවක චමත්කාරය නිර්මාණශීලීව කැමරා කාචයේ සනිටුහන් වූ පසුවයි. 

මෙය ඉතාම සුන්දර මතක සටහනක් ලෙස ජීවිතයට සමීපවන නිසාම ඔවුන්ටම වෙන්වූ ලොවක සැරිසරන අපූර්වත්වය වින්දනය කරන්නට ඡායාරූප කරණයේ නවතම තාක්ෂණයට ඔවුන් නතු වෙලා. 

මෙහි දකින්නේ ජනපි‍්‍රය රංගන ශිල්පිනියන් වන ඉෂාරා සදමිණි සහ ලෝචනාගේ පී‍්‍රෂුට් ඡායාරූප නිර්මාණශීලී කැමරා ඇසට හසුවූ අයුරුයි. එය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්දික මල්ලවආරච්චිගේ තෙවන ඇසට ලක්වූවක් දැන් තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි වෙනස් වෙන්න ඕනේ. පරණ තාලෙට සිතුවොත් අලුත් බවක් නෑ. තරුණ තරුණියන් වෙඩින් එකට කලින් පී‍්‍රෂුට් එකට පෙනී ඉන්න වැඩි කැමැත්තක් උනන්දුවක් දක්වනවා. අපට ඡායාරූප ශිල්පීන් හැටියට ඉදිරියට යන්න වෙන්නේ ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක ගියොත් විතරයි. 

තමන්ගේ ආර්ථික මට්ටමට අනුව සමහරුන් පිටරටවලට ගොස් ෆී‍්‍රෂුට් කරන අවස්ථා බොහොමයි. ඒ හැරෙන්නට අපේම රටේ ඉතාමත් සූන්දර වූ කලාත්මක වටපිටාවක් ඇති තැන් තිබෙනවා. මේ තැන්වල තිබෙන්නේ අපූරුම සුන්දරත්වයක්. දක්ෂ ඡායාරූප ශිල්පියකුට තම නිර්මාණශීලී බවත් සමඟ මේ සුන්දරත්වය ග්‍රහණයකර ගැනීමෙන් නිර්මාණාත්මක ඡායාරූප කැමරාවට හසුකර ගන්න පුළුවන්. 

අප ළඟදී සීගිරි ගලේ සීගිරි ලලනාවන් විදිහට මනාලියගේ යෙහෙළියන් යොදාගෙන අලුත්ම සංකල්පයට අනුව ෆී‍්‍රෂුට් එකක් කළා. 

වෙඩිං එක දවසට මේ වගේ නිර්මාණාත්මක දෙයක් කිරීමට අපහසුයි. හේතුව එහිදී ඡායාරූප ශිල්පියාට ලැබෙන්නේ පැයක් දෙකක් වැනි සීමිත කාලයක් නිසයි. 

නමුත් ෆී‍්‍රෂුට් එකකදී අවශ්‍ය ආකාරයට ඇඳුම් කීපයක් වෙනස් කරමින් ලොකේෂන් වෙනස් කරමින් වැඩි කාලයක් අරගෙන රොමැන්ටික් විදිහට කපල් ෂූට් එකක් කරන්න පුළුවන්. 

වෙඩිං එක දවසට සීමිත කාලයක් තුළ ආසන්න තැනක එක් පසුතලයකට සීමා වෙලා ගන්න ඡායාරූප නිර්මාණාත්මක නෑ.  ෆී‍්‍රෂුට් එකක් කිරීමේදී අප බොහෝවිට තෝරාගන්නා පසුතලය ස්වාභාවික සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ කලාත්මක බවක් ඇති වටපිටාවක් විය යුතුයි. විශේෂයෙන් මේ සඳහා බොහෝ විට තෝරා ගැනෙන්නේ නුවර - පේරාදෙණිය - ගලහා නුවරඑළිය - දියඇලි ආශි‍්‍රත දර්ශන - ලෝකාන්තය - රිවර්ස්ටන් - ලෝකාන්තය මාඳුගඟ - දූපත් - ගාලු කොටුව - දියත උයන - ගම්පහ ගාර්ඩන් - විහාර මහාදේවි පාක් ආදී ස්ථානයි. 

මේ අතරින් ගලහා නුවරඑළිය අවට ඉතාම සුන්දරයි. ඒ ආශි‍්‍රතව ඇති දර්ශනීය පසුතල මේ සඳහා යොදා ගන්නට පුළුවන්. මේ තැන් ගවේෂණය කරලා කැමරාවට නිර්මාණාත්මකව හසුවන තැන් තෝරාගත යුතුයි. සමහර ෆී‍්‍රෂුට්වලදී අපට හසුවන පසුතල අපේ ලංකාවේ ද කියලා සිතා ගන්නට බැරි තරම්.  වෙඩින් එකට මාසෙකට කලින් ෆී‍්‍රෂුට් එකක් කරන්න පුළුවන්. 

මේ වගේ ෆී‍්‍රෂුට් එකක් කරන්නත් වාලේ කරන්නට බෑ. හේතුව එය ඉතා නිර්මාණශීලීව සුක්ෂමව කළ යුතු දෙයක් නිසයි. කැමරා ශිල්පියාගේ ඇසට හසුවන දේ තමයි ෆී‍්‍රෂුට් එකකදී වඩාත් වැදගත් වන්නේ. මෙහි ඡායාරූප දෙස බැලීමේදී ඔබට ඒ බව හොඳින් වැටහේවි. 

8255 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න