තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 29, සිකුරාදා 13:01

Couple rings යනුවෙන් වෙළෙඳ පොළට පැමිණ තිබෙන අලුත්ම මුදු විශේෂය

ලිව්වේ  දිල්ශානි නදීරා , සුරනි ඒකනායක
අගයන්න
(14 මනාප)
රත්තරං ගැන ඉස්තරම්ම කතාවක් කියන්න අපත් එක්ක හෙට්ටි වීදියට යන්න එන්නැයි ඔබට බොහොම ළෙන්ගතුව ආරාධනය කරනවා. කැලැන්ඩරයේ පිටු එකිනෙක ගැලවිලා නැවුම් උදාවකට පෙරනිමිති බැලු බැලූ සෑම අතකින්ම දිස්වෙනවා. මේ නිසාම නගරයත් දැන් එකම සැණකෙළියක්. උත්සව සමය අලුත් අලුත් විලාසිතාවලින් ඔබගේ කනකර හැඩවැඩ කරන්න රත්තරං පුරවරය සැදී පැහැදී සිටිනවා.

අද කාලයේ බොහෝ යුවතියන් අතර අලංකාර ගල්වලින් නිම කරන ලද සියුම් මාල විලාසිතා වඩාත් ජනපි‍්‍රයයි. කෙසේ වුව ද වැඩි රත්‍රං වටිනාකමක් දිස්වන අයුරින් ද ආභරණ ඕනෑ තරම්. ඒවා එකිනෙක නොපරදවන තරමේ අපූරු රත්‍රං එකතුවකි. විලාසිතා පි‍්‍රය කරන්නන් අතර ඉන්දියානු ඇඳුම් පැළඳුම් විලාසිතාවලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. රත්තරංවලටත් එසේමයි. පෙනුමෙන් වැඩි වටිනාකමකින් සමන්විත ඉන්දියානු විලාසිතා මංගල අවස්ථා සඳහා බොහෝ දෙනකු තෝරා ගන්නවා. මාලයක් නම් ඊළඟට කරාබු. විවිධ මෝස්තරවලින් යුතු කරාබු මේ දිනවල වෙළෙඳපොළට එකතු වෙලා... හැබැයි විශේෂයෙන්ම මනාලියකට නම් ටසල්වලින් නිම වූ කරාබු සුවිශේෂයි. ඒත් අලුත්ම විලාසිතාව අනුව ටසල් සහිත කරාබු සාමාන්‍ය ගමනට වුවත් යොදාගත හැකි ආකාරයට අවශ්‍ය වේලාවට ටසල් ගැලවීමට හැකි ආකාරයට නිමකොට තිබෙනවා.

බ්‍රේස්ලට් හා වළලු සඳහා ද කාන්තාවක් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. සියුම් කැටයම් සහිත වළලු අද ජනපි‍්‍රය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. කැරට් 18 න් නිපදවන මේ වළලු සැබැවින්ම ඔබේ රූ සිරිය වඩාත් ඔප කරාවි.

විසිතුරු ගල්වලින් නිමා වූ ලොකු වළල්ලක් පැළඳීම අද තවත් ජනපි‍්‍රය විලාසිතාවක්. මනාලියක් වන යුවතියකට නම් අත පිරෙන ලොකු වළල්ල අපූරු කලඑළියක් ගෙන දේවි.

විවාහ අපේක්ෂිත යුවතිපතීන් සඳහා  Couple rings යනුවෙන් වෙළෙඳ පොළට පැමිණ තිබෙන අලුත්ම මුදු විශේෂය අලුතින් විවාහපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවළකට කදිමට ගැළපෙනවා. එකම මෝස්තරයකින් සහ හැඩයකින් යුතු මෙම මුදු විශේෂය පිරිමි පාර්ශවයට ද සුදුසු ලෙස නිමවා ඇත. මෙම මුදු විලාසිතාව සුදු රත්තරංවලින් මෙන්ම සුදු රත්තරං හා රත්‍රං මිශ්‍රව නිම කරන ලද මුදු ලෙස මිල දී ගන්නත් පුළුවන්.

විවාහ අපේක්ෂිත යුවළකට සඳහා Couple rings යනුවෙන් වෙළෙඳ පොළට පැමිණ තිබෙන අලුත්ම මුදු විශේෂය කදිමට ගැළපෙනවා.

විශේෂ ස්තුතිය

හෙට්ටි වීදියේ ස්වර්ණ මහල් හි සුසන්ත පෙරේරා මහතා සහ කාර්යය මණ්ඩලයට

ඡායාරූප – නිරෝෂ් බටේපොළ

14993 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 07, සෙනසුරාදා 11:27
මේ යටතේ එන අනෙකුත් ලිපි: සෑබැ රත්තරන් මෙසේ හඳුනා ගනිමු »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න