තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 නොවැම්බර් 09, සඳුදා 13:21

විසිතුරු කොළවලින් මල් සැකසුමක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(2 මනාප)
 මල් සැකසුම් නිර්මාණයේදී අප බොහෝ විට යොදා ගනු ලබන්නේ විවිධ වූ වර්ණවත් මල් වර්ගයි. නමුත් මල් වර්ගවලින් මෙන්ම විසිතුරු කොළ වර්ග පමණක් භාවිතකර කළ හැකි නිර්මාණද තිබෙනවා.

 

මෙහි ඔබ දකින්නේ එවන් සැකසුමක්. විසිතුරු කොළ වර්ගවලින් පමණක් අලංකාර සැකසුමක් නිර්මාණය කෙරෙන අයුරු අද ඉගෙන ගනිමු. මෙම සැකසුම රාත්‍රී කාලයේ දී පැවැත්වෙන සාදයකදී කෑම මේසයට කලාත්මක පෙනුමක් ගෙන දෙන නිර්මාණයක් වේවි.


මුලින්ම මේ සඳහා අවශ්‍ය වන දේවල් මොනවාද යන්න විමසා බලමු.

තරමක ප්‍රමාණයේ රවුම් පැතලි ලී කොටසක්.

ප්‍රමාණ දෙකකින් යුත් ජෑම් බෝතල් කීපයක්.

පාවෙන ඉටිපන්දම්.

ලොකු ඉටිපන්දමක්.

කම්බි

ෆ්‍රෙෂ් ෆෝම් එකක්

මේ සඳහා යොදා ගත හැකි කොළ වර්ග -

කෝඩ් ලයින්, සැන්ඩ්‍රියානා, ගොටි සොපියානා, කෝප්ප කොළ, චයිනිස් ග්‍රාස්, මෙවන් විසිතුරු කොළ වර්ග ඔබට ගෙවත්තෙන්ම පහසුවෙන් සපයා ගත හැකිවේවි.

1. අප කලින් උපදෙස් දී ඇති ආකාරයට ෆ්‍රෙෂ් ෆෝම් කැබැල්ල වතුරේ පොඟවා ගන්න. ඉන්පසු කෝඩ්ලයින් කොළවලින් අවශ්‍ය සැකිල්ල සාදාගන්න.

2. ඉන්පසු කෝප්ප කොළ ගෙන සාදාගත් සැකිල්ලට හානියක් නොවන සේ වටේට රඳවන්න. ගොටි සොපියානා කොළත් ඒ අතරට වටේට රඳවාගන්න. ඔබ කැමැති හැඩයකට වුවත් මෙහිදී කොළ රඳවාගත හැකියි.

3. මීළඟට සැන්ඩ්‍රියානා කොළ එකින් එක ගෙන කොළ පහ බැගින් මලක් ආකාරයට එකට එකතුකර කොළ අග්ගිස්සෙන් නවා ගැට ගසාගන්න.

4. සැන්ඩ්‍රියානාවලින් නිමකරගත් කොටස් ඔබ නිර්මාණය කරන සැකසුමට සම්බන්ධකර ගන්න. ඒ මැදින් ලොකු ඉටිපන්දමක් රඳවන්න.

5. දැන් ඔබ කැමැති ආකාරයට චයිනිස් ග්‍රාස් වටේට රඳවා ඉටිපන්දම දල්වා ගන්න.

6. කොළ රඳවා නිම වූ පසු ඉදිරිපසින් වතුර පිරවූ ජෑම් බෝතල් තබා ඒ තුළ පාවෙන ඉටිපන්දම් රඳවා දල්වාගන්න.

7. රාත්‍රි සාදයේ මඳ ආලෝකයක් ඇති පසුබිමක මෙවන් සැකසුමකින් දිස්වන කලාත්මක බව කෑම මේසයට වැඩි අලංකාරයක් ගෙන දේවී.

 

ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන උපදේශක - ජී. ඒ. සුදර්ශන 

6985 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 09, සඳුදා 13:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න