තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 නොවැම්බර් 16, සඳුදා 11:16

කොෆි ටේබල් එකට හැඩැති මල් බඳුනක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(3 මනාප)
 මල් සැකසුමක් කරන විට අප එය නිර්මාණය කරනු ලබන්නේ කුමන අවස්ථාවක් උදෙසාද කුමන ස්ථානයක් සඳහා ද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.

 

මල් සැකසුම් පාඨමාලාවේදී අප ලබාදෙන ශිල්පීය දැනුම ඔබට වැදගත් වන්නේ එම නිසාමයි. මල් සැකසුමක් නිර්මාණය කිරීම යනු මල් කිනිති කොළ ඉති කීපයක් එකට එක්කර බඳුන්ගත කිරීම පමණක් නොවේ. මෙහි ක්‍රම සහ විධි බොහෝමයක් තිබෙයි. එයට අනුකූලව මල් සැකසුමක් නිර්මාණය විය යුතුයි.

මල් සැකසුමක් නිර්මාණය කිරීම ඉතා සරල දෙයක් ලෙස පෙණුනත් මෙහිදී අනුගමනය කෙරෙන ශිල්පීය ක්‍රම එයට වැඩි අගයක් වැඩි වටිනාකමක් මෙන්ම ක්‍රමවත් බවක් ගෙන දෙයි. මෙවර ඉදිරිපත් කෙරෙන මෙම මල් සැකසුම විසිත්ත කාමරයට මෙන්ම කොෆි ටේබල් එකක් සඳහා ද වඩාත් සුදුසු නිර්මාණයකි.

මෙයට අවශ්‍ය වන්නේ

පැතලි බඳුනක්

ෆ්‍රෙෂ් ෆෝම් කැබැල්ලක්

ගේජ් 20 කම්බි

 භාවිත කෙරෙන මල් සහ කොළ

ඇස්ට්‍රමේරියා

හයිඩ්‍රෙන්ජියා

ලෙදර් ෆර්න්ස්

සුපර් ඩේසි

අයි වී කොළ

රතු රෝස - චයිනිස්ග්‍රාස් - සැන්ඩ්‍රියානා කොළ

බොහෝ විට මෙවන් සැකසුමක් කොෆි ටේබල් එක සඳහා නිර්මාණය කරනවා නම් ඔබ සකසන මල් සැකසුමේ ප්‍රමාණය තීරණය විය යුත්තේ කොෆි ටේබල් එකෙහි ප්‍රමාණය අනුවයි.

 1. මුලින්ම කළ යුත්තේ අප මීට පෙර උපදෙස් දී ඇති පරිදි නිර්මාණය කරන මල් සැකසුමේ දිග නිර්මාණය කර ගැන්මයි. ඒ සඳහා යොදා ගන්නා බඳුනේ දෙපසට අයි වී කොළ රඳවා සැකිල්ල සකසාගන්න.

2. මෙහිදී සැකසුම ආරම්භකර තිබෙන්නේ ඇස්ට්‍රමේරියා මල්වලින්. සකසාගත් සැකිල්ලට හානියක් නොවෙන සේ වටේට මල් රඳවන්න. උඩු අතටත් මල් කීපයක් රඳවන්න.

3. ඉන්පසු රෝස මල් ගෙන මල් සැකසුමේ දෙපසට මල් රඳවන්න. ඒ අතරතුර උඩු අතට ද රෝස මල් රඳවන්න. හයිඩ්‍රෙන්ජියා මල් ද අලංකාරය මතුවන අයුරින් රඳවාගන්න.

4. ලෙදර් ෆර්න්ස් සුපර් ඩේසි අතරට යෙදිය හැකියි. ඉන්පසු සැකිල්ලට හානියක් නොවන සේ මල් සැකසුමට පහළින් චයිනිස් ග්‍රාස් රඳවාගන්න.

ඔබ නිර්මාණශීලී වේ නම් මල් සැකසුමක ආකර්ශණීය බව වඩාත් හොඳින් මතුකර දක්වන්නට හැකිවේවි.

   

අධීක්ෂණය - ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය ලසන්ත මලවිගේ

 ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන

දේශක - ජී. ඒ. සුදර්ශන 

8324 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 16, සඳුදා 11:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න