තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 නොවැම්බර් 16, සඳුදා 14:27

මලින් පිරි මල් මංගල්‍යයක්

Written by 
අගයන්න
(2 මනාප)
 සොඳුරු රුවැත්තියන් සුන්දර මලක් ලෙස හැඩවෙන ඇගේ දවස නෙක වර්ණ මඟින් හැඩකරන්නට හැකිනම් මොනතරම් අපූරුද ?

මංගල උත්සවයක ප්‍රධානතම අංගයක් ලෙස සැලකෙන මංගල සැරසිලි තුළින් මංගල උත්සවයට වැඩි ආකර්ෂණයක් ලබාදෙන බව ඔබ අප සැවොම දන්නා දෙයක්. අදවන විට විශේෂයෙන්ම මෙම මංගල සැරසිලි මනාල යුවළ සැරසෙන ආකාරය අනුව නිර්මාණය කරන්නට බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. උදාහරණ ලෙස උඩරට ක්‍රමයට සැරසෙන මංගල උත්සවයකදී බොහෝවිට යොදාගනු ලබන්නේ දේශීය සංකේත අනුව සැකසුණු නිර්මාණයි. මුරගල්, ගල්කණු, සේසත්, පුන්කලස් වල අනුරුව සහර්‍ණඡ්ත පෝරු සෙටිබෑක් නිර්මාණය කරන්නට මෑත යුගයේ වැඩි නැඹුරුවක් දක්වනවා.

පහතරට ක්‍රමයට සිදුකරන මංගල උත්සවයකදී විවිධ වර්ණ රෙදි සහ එයට ගැළපෙන මල්වර්ග විසතුරු ආකෘති සහ විදුලි ආලෝකය වර්ණවත් ලෙස යොදා ගනිමින් ඉතාමත් ආකර්ෂණීය ලෙස මෙම සෙටිබෑග් සහ පෝරු නිර්මාණය කිරීම සිදුවෙනවා. බටහර්‍ණඡ්ර පන්නයට සිදුකෙරෙන මංගල්‍යයකදී නම් අශ්ව කරත්තය නවතම ආකාරයේ ආකෘතීන්ට අනුකූලව ඉතාමත් විසිතුරු ලෙස නිර්මාණය කිරීම  සිදු කරයි. මේ සියල්ලම මනාල යුවළගේ කැමැත්ත සහ ඔවුන්ට වැයකළ හැකි මුදල අනුව තීරණය කරන්නට මල් සැකසුම් ශර්‍ණඡ්ල්පීන් සැම විටම උත්සාහ  ගන්නවා. විශේෂයෙන්ම මනාල යුවලක් පෝරු සැරසිලි කිරීමේදී වඩා සැලකිලිමත්වීම වැදගත්. අප එසේ පවසන්නේ සිදුහත් කුමාරයාගේ විවාහ මංගල්‍යයේ පටන් පැවත එන මේ පෝරුවේ චාරිත්‍ර එදා සිට අද දක්වාම ඒ අයුරින් පැවතීම නිසයි. අතීතයේදී  දක්නට ලැබුණු පෝරුව මෑත යුග ය වන විට නවීකරණය වුවත් එදා පැවැති චාරිත්‍ර අදද ඒ අයුරින්ම ඉටු කිරීමට මනාල යුවළ වගේම දෙපාර්ශ්වයේම ඥාතීන්ගේ කැමැත්ත වෙනවා. විශේෂයෙන්ම සෙටිබෑක් සඳහා මල් වර්ග විශාල ප්‍රමාණයක් යොදා ගත්තත් පෝරුව සඳහා යොදාගන්නේ ඉතාමත් චාම් සහ සරල මල්වර්ග පමණයි. අතීතයේදී මේ සඳහා සුදුමල් වර්ග පමණක් භාවිත කිරීම සිරිතක් ලෙස සිදුවුවත්  පසුකාලීනව සුදු මල් අතරට දෙවැනි  මනාලියගේ සාරියේ වර්ණ මල් වර්ගත් එකතු කරන අවස්ථා තිබෙනවා.

මංගල උත්සවයක පෝරුව යනු මනාලියගේ පිරිසුදු බව සංකේතවත් කරන කැඩපතක් ලෙසද සලකනවා. එම නිසා මංගල උත්සවයක සැරසිලි සිදු කිරීමේදී ආකර්ෂණිය පෙනුම වගේම චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

උපදෙස් : පාණදුර අමා ෆ්ලෝරාහි මහේෂ් චින්තක ද සිල්වා.

7951 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 16, සඳුදා 14:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න