තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 නොවැම්බර් 23, සඳුදා 11:42

ආරාධිතයන්ට අමතක නොවන තිළිණයක් විශේෂාංග

Written by 
අගයන්න
(2 මනාප)
 සොඳුරු විවාහයකට දකින සුබ සිහිනය යථාර්ථයක් කරගන්නටයි මේ අඩිතාලම.

 

 

ඔබේ මංගල දිනය දා පැමිණෙන නෑ හිත මිතුරු පිරිසට සිහිවටනයක් ලෙසින් තිළිණයක් ලබා දෙන්නට අදහස් කරනවා නම්... මොනවද ඒ සඳහා සුදුසු.... ඔබේ ආර්ථික ශක්තිය අනුව තෝරාගැනීම් විවිධයි. මනාල යුවළගේ නම්, විවාහවූ දිනය, ස්ථානය සලකුණුකර විවිධ දෑ පිරිනැමිය හැකියි. ඒ අතර මග් (කෝප්ප), කුඩා පසුම්බි, රෝස මල්, මල් පොකුරු, සෙරමික්වලින් කළ මංගල ජෝඩු, ආභරණ මංජුසා, කී ටැග්, විවිධ සමරු තිළිණ, ඉබි යතුරු ආදී විවිධාකාර දෑ ඔබට තෝරාගත හැකියි. මෙහිදී මෙම සමහර දෑ වෙඩිං කේක් කැබැල්ල දමන ඇසුරුම ලෙසම ලබා දිය හැකියි. එවිට කේක් කැබැල්ල වෙනමම දැවටීමක් කරන්නත් අවශ්‍ය නැහැ.

සමහර මංගල උත්සවවලදී වෙඩිං කේක් කැබැල්ලට අමතරව අයිසිංවල දැවටූ ආමන්ඩ්, කජු, චොකලට් බෝල, කප් කේක් ආදියත් හුරු බුහුටි ඇසුරමක දමා ලබා දෙන අවස්ථා තිබේ.

මෙහි දැක්වෙන්නේ එවැනි සොඳුරු තිළිණ සහ ඇසුරුම් කිහිපයකි. මෙම ද්‍රව්‍ය හදන ස්ථානයකට භාරදීමෙන් ඔබේ වත්කමේ හැටියට ඒවා නිමවා ගත හැකියි. මැටියෙන් හා ලීයෙන් කළ විවිධ නිර්මාණත් සමහර මංගල උත්සවවලදී දැකගත හැකියි.

6085 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 23, සඳුදා 11:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න