තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජනවාරි 04, සඳුදා 15:03

සුබ මොහොතකට පහන් සැරසිල්ලක්

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
 වසර උදාවෙන්නේ හැම දෙයකම නැවුම් බවක් අලුත් පෙනුමක් විදහාපාමින්. මේ කාලය තුළදී නිර්මාණය කෙරෙන සෑම නිර්මාණයකින්ම පාහේ සංකේතවත් කෙරෙන්නේ ද නව වසරක එළඹුමයි.

 

මල් සැකසුම් කලාවේදීද බොහෝ විට ඒ ඒ කාලයන්ට අනුකූලව විවිධ උත්සව සංකේතවත් කෙරෙන අයුරින් නිර්මාණය වන සැකසුම් දක්නට පුළුවන්. නත්තල් සමයේ දී නිර්මාණ වූවේද නත්තල සංකේතවත් වන ආකාරයෙන් නිම වූ සැරසිලියි. බොහෝ විට මෙවන් සැරසිලිවල අපට විශේෂත්වයක් දැකිය හැකියි.

නව වසර වෙනුවෙන් ඔබේ නිවෙසේ විසිත්ත කාමරය අලංකාරවත් කරන ආකාරයේ සැරසිල්ලක් නිර්මාණය කෙරෙන අයුරු අප දැන් බලමු.

 මෙම සැකසුම සඳහා පහත සඳහන් දේ සූදානම් කරගන්න.

 පහනක්

ෆ්‍රෙෂ් ෆෝම් එකක්

අරලිය මල්

අරලිය කොළ

කම්බි ටිකක්

 

1. ෆ්‍රෙෂ් ෆෝම් එක උඩින් පහන සමාන්තරව තබාගන්න.

2. ඉන්පසු ෆ්‍රෙෂ් ෆෝම් එක වටේට අරලිය කොළ ගසාගන්න.

3. අරලිය මල්වලට නටුවක් නොමැති නිසා අමු පොල් ඉරටුවලට මල් සම්බන්ධ කරගන්න.

4. දැන් ඔබ පොල් ඉරටුවලට අමුණාගත් අරලිය මල් ෆ්‍රෙෂ් ෆෝම් එක වටේට රඳවාගන්න.

5. සුබ මොහොතකදී නම් අවශ්‍ය වෙලාවට පහන පත්තුකර ගන්න. එවිට ඉන් දිස්වෙන අලංකාරවත් බව වඩාත් ඉස්මතු වී පෙනේවි.

  ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන දේශක - ජී. ඒ. සුදර්ශන  

අධීක්ෂණය - ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ 

5602 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජනවාරි 04, සඳුදා 15:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න