තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජනවාරි 11, සඳුදා 14:37

මංගල උත්සවයක මේස සැරසිල්ලක් නිර්මාණය කෙරෙන අයුරු විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(3 මනාප)
 මල් සැකසුම් කලාවේදී නිර්මාණය කෙරෙන විවිධ නිර්මාණාත්මක සැකසුම් පිළිබඳ දැන් ඔබ දැනුවත්. මෙහිදී ඔබ මේස සැරසිලි නිර්මාණය වන අයුරු ගැන අවබෝධයක් ලබන්නට ඇති.

 

අද ඉදිරිපත් කෙරෙන මෙම මල් සැකසුම නිර්මාණය කොට තිබෙන්නේ උස වීදුරු වාස් එකකයි. විශේෂයෙන්ම මේ ආකාරයේ මල් සැකසුම් බොහෝ විට නිර්මාණය කරනු ලබන්නේ මංගල උත්සව සඳහායි.

මේ සඳහා මෙහි පෙනෙන ආකාරයේ උස වීදුරු වාස් එකක්

ෆ්‍රෙෂ් ෆෝම් එකකින් භාගයක්

කම්බි

ඒරම් ලිලී, ටයිගර් ලිලී, මැක්‍රම් ඩේසි, අයි වී කොළ සහ හයිඩ්‍රෙන්ජ් අවශ්‍ය වෙයි.

01. පළමුව ඒරම් ලිලී මල්වල දිගට ඇති නැටි කපා ඒවා වීදුරු බඳුන ඇතුළට දමාගන්න. වාස් එක පිරෙන සේ මෙම මල් නැටි දමා ගත යුතුයි. අවශ්‍ය නම් මෙයට වතුර පුරවා ගැන්ම ද කළ හැකියි.

02. දැන් වීදුරු වාස් එක උඩින් ෆ්‍රෙෂ් ෆෝම් එක තබන්න.

03. ෆ්‍රෙෂ් ෆෝම් එකෙහි පහළට වන්නට අයි වී කොළ රඳවන්න. ඉන්පසු කම්බිවල සවිකරගත් ඒරම් ලිලී මල් ගසාගන්න.

04. ඒරම් ලිලී ෆ්‍රෙෂ් ෆෝම් එක උඩට සහ වටේ පැතිවලට එන සේ ගසාගන්න.

05. ඉන්පසු ටයිගර් ලිලී මල් සහ මල් පොහොට්ටු ද අතරට රඳවන්න. ඉන්පසු මැක්‍රම් ඩේසි මල් සහ නැනිබෙරිස් පොකුරු සහ හයිඩ්‍රෙන්ජ් මල් ද කම්බිවලට සම්බන්ධකර රඳවාගන්න.

මල්වල වර්ණ ගළපා ගැන්මෙන් මල් රඳවන ආකාරයෙන් මල් සැකසුමට වැඩි අලංකාරවත් බවක් එක්කර ගත හැකියි.

06. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ නිම කරගත් මල් සැකසුමයි.

 

ඉදිරිපත් කිරීම - ලස්සන ෆ්ලෝරා ඇකඩමි ප්‍රධාන

දේශක - ජී. ඒ. සුදර්ශන 

7498 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජනවාරි 11, සඳුදා 14:52
අදහස් එක් කිරීමට ලොග් වෙන්න