තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 මාර්තු 08, අඟහරුවාදා 12:26

අපේකම ලෝ පතල කළ හෝටලයක වෙඩිං එක ගනිමු ද? විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(2 මනාප)
ආදරයේ සොඳුරු නවාතැන්පළ විවාහයි. විවාහ මංගලෝත්සවය යුවතියකගේ සැබෑම සිහිනයයි. ඉතිහාසයේ පිටු අතරටම මුසු වූ ආදරයක් මල්ඵල ගැන්වූ ස්ථානයක විවාහ මංගලෝත්සවයක අසිරිය දැක ගන්නට ඇත්නම්... බොහොමයක් පතිපතිනියන් විවාහයක සිහිනය සැබෑ කරලන්නට ගල්කිස්ස මහ හෝටලය හෙවත් මවුන්ට් ලැවීනියා හෝටලය තෝරා ගනුයේ ඓතිහාසික ආදරයක් ඒ තුළ ගැබ්ව ඇති නිසා විය යුතුය. ඉතිහාසයෙන් බිඳක්

 

ඒ 1805 වර්ෂයයි. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය බ්‍රිතාන්‍යයන් යටතේ පැවති කාලයයි. එවකට බ්‍රිතාන්‍යයේ රජ කළ ධ්ධ්ධ් වැනි ජෝර්ජ් රජු ලංකාවේ පාලනය සඳහා එවූයේ ලුතිනන් ජනරාල් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාවය. කොළඹ ප්‍රදේශය වෙනුවට කොළඹින් තරමක් එහායින් වූ ගල්කිස්ස ප්‍රදේශයේ ඔහු තම නිල නිවෙස ඉදි කර ගත්තේය. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තනිකඩයෙකි. නිතරම බ්‍රිතාන්‍ය පවුල්වල අය හා ලංකාවේ රදල පවුල්වල අය මෙම සාද සඳහා පැමිණෙද්දී ඔවුන්ට විනෝදාස්වාදය රැගෙන එනු වස් නැටුම් කණ්ඩායමක් පැමිණේ. රොඩී කුලයට අයත් ඔවුන් අතරින් ලොවීනා කෙරෙහි මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා නොහොත් ආදරයට කවුරුත් කියූ කිං ටොම්ට ආදරයක් ඇතිවේ. කිවිවිටෙක ප්‍රසිද්ධියේ කළ නොහැකි වුවත් හැකි හැමවිටෙකම ඔවුන් ආදරයෙන් වෙලී සිටියි. එදා මවුන්ට් ලැවීනියා නිල නිවෙසේ බිම් මහලේ වූ වයින් ගබඩාවට ලොවීනාගේ නිවෙස පිහිටි වත්තේ සිටන් ඒමට රහස් උමගක් පවා තනවා තිබිණි.

කඳු ගැටයක් මත පිහිටි නිසාත් ලොවීනා ලැවීනියා ලෙසින් මවුන්ට් ලැවීනියා නිවෙසට එම නම ලැබී ඇත. එලෙස තම පෙම්වතියගේ නමින් තම නිල නිවෙස නම් කරන්නට තරම් කිං ටොම්ගේ සිතේ මොනතරම් ඉඩ පරාසයක් ලොවීනා වෙනුවෙන් වෙන්වන්නට ඇතිද?

කැස්සක් මෙන්ම සැඟවීමට නොහැකි වූ මෙට්ලන්ඩ් හා ලොවීනා ආදරය බ්‍රිතාන්‍ය රජුගේ සවනත වැකීමෙන් ලොවීනාගේ ආදරයට සදහටම නැවතුම් තිතක් තබන්නට මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට සිදුවුයේ ආණ්ඩුකාර ධුරය වෙනත් කෙනකුට පවරා දී යන්නට සිදුවූ නිසායි. 1824 වර්ෂයේ මෝල්ටාවේදී මියෙන තුරාම ලොවීනාගේ ආදරවන්තයා තනිකඩයෙක්ව සිටියේය.

මවුන්ට් ලැවීනියා හි පැවැති සුදු පාට කුළුණු, ඔප දැමූ බිම, කැටයම් සහිත දැව සිවිලීම, පළල් ජනෙල් වෙතින් හමා ආ මුහුදු සුළං... මේ හැමදෙයක්ම කිං ටොම් ගේ පේ‍්‍රමණීය ජීවිතයට අවශ්‍ය සුව පහසුව ළඟා කරවීය.

ආණ්ඩුකාරවරයා සහ ලොවීනාගේ ආදර කතාව වසර පහකට සීමා වෙද්දී ආණ්ඩුකාරවරයා මෙරටින් පිට වන්නේ ලොවීනාට තෑගි වශයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් හිමිකර දෙමිනි.

1877 දී ද මවුන්ට් ලැවීනියා ග්‍රෑන්ඩ් හොටෙල් යන නම නිල වශයෙන් ලැබේ. දෙවැනි ලෝක යුද සමයේ හමුදා කඳවුරක් සහ හමුදා රෝහලක් ලෙසත් යොදා ගත් මවුන්ට් ලැවීනියා හෝටලය 1956 දී බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ දර්ශන පසුතලයක් ද වේ.

1957 දී ලංකාවේ පළමු රාත්‍රී සමාජ ශාලාව ලිට්ල් හට් ලෙස හෝටලයට අනුබද්ධව ඇරඹේ. වර්තමානයේ මවුන්ට් ලැවීනියා හෝටලයේ සභාපතිවරයාවන සනත් උක්වත්ත මහතාගේ පියා යු. කේ. එඩ්මන්ඩ් මහතාට මවුන්ට් ලැවීනියා හෝටලයේ හිමිකාරත්වය ලැබෙනුයේ 1975 දීය.

 මවුන්ට් ලැවීනියා හෝටලයේ විවාහ මංගල්‍යයක අසිරිය ද දශක ගණනාවක් ඈතට දිව යයි. 1970 දශකයේ විවාහ මංගල්‍යයන් හි කෑම ලෙස සවස තේ පානයක් පමණක් පැවතිණි.

අදටත් ප්‍රධානම උත්සව ශාලාව ලෙස ගැනෙන එම්පයර් බෝල්රූම් ප්‍රථම උත්සව ශාලාව ද වේ. එදා විවාහ මංගල්‍යයේ අසිරිය විඳි පතිපතිනියන් අද තම විවාහයේ 50 වැනි සංවත්සරය නොහොත් රන් ජුබිලිය සැමරීමට යොදා ගන්නේත් ගල්කිස්ස මහ හෝටලයම යි.

එම්පයර්, රීජන්සි, හොරයිසන්, ඉම්පීරියර් යනුවෙන් උත්සව ශාලා හතරක් ඇති අතර උදේ, සවස වශයෙන් නැකැත් ඇති දිනවල දිනකට විවාහ මංගල්‍යයන් 8, 10, 12 ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වේ. විවිධ ආගම් අදහන අය ඔවුන්ගේ ආගමට, සංස්කෘතියට අනන්‍ය අයුරින් විවාහ මංගල්‍ය පවත්වයි. යුරෝපා රටවලින් පැමිණෙන අය නිවාඩුව සහ විවාහ මංගල්‍යය යන දෙකම එකවිට යොදා ගනියි. බොහෝ විට එවැනි විවාහවල සිටිනුයේ මනාල යුවළ පමණී. මංගල්‍ය සඳහා සෙසු පිරිස ලෙසත්, සාක්ෂි ලෙස අත්සන් කරනුයේත් මවුන්ට් ලැවීනියා හෝටලයේ කාර්යය මණ්ඩලයයි.

ඉන්දියන් විවාහ මංගල්‍යවලදී මනාල යුවළ සමඟින් නෑදැයන් සතියක් පමණ වෙන වෙනම හෝටලයේ කාමර වෙන් කරවා ගෙන සිටියි. සංගීත්, මෙහෙන්දි, මණ්ඩා... යනාදී වශයෙන් උත්සව සියල්ල පවත්වා පිටත්ව යයි.

එම්පයර් ශාලාවේ 250 - 400 ත් අතර, රිජන්සි ශාලාවේ 150-200 ත් අතර, හොරයිසන් හි 250 ක් එම්පිරීයර් හි 100 ක පිරිසකට සහභාගී වීමට ඉඩකඩ තිබේ. ඒ පෝරුව, සෙටි බැක්, හෙඩ් ටේබල්, ඩාන්සින් ෆ්ලෝ... යනාදිය සඳහා ඉඩකඩ වෙන් කිරීමෙන් පසුවය.

ගල්කිස්ස මහ හෝටලය මුහුදු වෙරළේ පැවැත්වෙන විවාහ මංගල්‍යයන් සඳහා ඉතාමත් ප්‍රසිද්ධය. මුහුදු රැල්ල පිස එන මාරුතයේ පහස විඳිමින් 1000-2000 ක් අතර පිරිසකට විවාහ මංගල්‍යයයේ අසිරියට සහභාගී වීමට හැකිවේ.

කාමරයක් වෙන් කරවා ගැනීමෙන් විවාහ මංගල්‍යයේ ඡායාරූප, පී‍්‍ර ෂුට් හි ඡායාරූප ගැනීමට අවසර ලැබේ. ඒ සඳහා ගල්කිස්ස මහ හෝටලයේම විවාහ මංගලෝතසවය පැවැත්විය යුතුම නොවේ.

ගල්කිස්ස මහ හෝටලය හෙවත් මවුන්ට් ලැවීනියා හෝටලය ඇති ඓතිහාසික වටිනාකමක් සමඟින් එහි නම වඩාත්ම දිදුලන්නේ අපටම ආවේණික වූ තුනපහ පදමට ගැළපු දේශීය ආහාරවේලක රසය බලන්නට හැකි වීමයි.

වර්තමානයේ අධ්‍යක්ෂක ධුරයක් දරන ප්‍රවීණ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාට එහි ගෞරවය නිතැතින්ම හිමිවනු ඇත.

දේශීය කෑම වට්ටෝරු පිළිබඳ සුපරීක්ෂණය එතුමන් අතින් සිදුවේ.

මීට අමතරව චීන ආහාර (චෙෆ් ජේසන්), ඉන්දියානු ආහාර (චෙෆ් සිංග්), බටහිර ආහාර (ජර්මන් ජාතික චෙෆ් මයික්), ජපන් ආහාර පිළියෙළ වේ. මවුන්ට් ලැවීනියා හෝටලයේ විධායක සුපවේදී කීර්ති සෙනෙවිරත්න යටතේ සූපවේදීන් එකසිය පනහකට අධික පිරිසක් සිටියි.

විවාහ මංගල්‍යයක් සඳහා මවුන්ට් ලැවීනියා හෝටලය තෝරා ගනිද්දී ඔබ තෝරාගත් දිනය නැකැත් දිනයක් වන නිසා කලින්ම වෙන් කරගත යුතුවේ.

ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු අතර කුමන හේතුවක් නිසා හෝ තම මුදල් නැවත නොලැබේ.

මංගල්‍යයට සති 2, 3 කට පෙර මුළු මුදලම ගෙවිය යුතු වේ. එහිදී එදින කෙරෙන සම්පූර්ණ මංගල්‍යයේ විස්තර පැයක පමණ කාලයක් සාකච්ඡා කෙරේ.

අත්තිකාරම් මුදලක් ගෙවූ දා පටන් බැන්ක්විට් සේල්ස් අංශය එම විවාහ මංගල්‍යයේ සාර්ථකත්වය වෙනුවෙන් ඇප කැප වී සිටියි. එහි ප්‍රධානියා ඉන්දික ජයවර්ධනයි. විවාහ මංගල්‍යය පැවැත්වෙන දා සියලු කටයුතු සිදුවන්නේ බැන්ක්විට් ඔපරේෂන් (මෙහෙයුම්) අංශයෙනි.

ලැවීනියා (රුපියල් 4700), කොලෝනියල් (රුපියල් 5000), ගවනර්ස් (රුපියල් 5400) වශයෙන් කෑම වට්ටෝරු 3 ක් පවතී. එහිදී සැලඩ් බාර්, ඩ්‍රසිංස්, සුප්, බත්/නුඩ්ල්ස්, ඉස්සෝ/දැල්ලෝ, මාළු, කුකුළු මස්, හරක්මස් සහ ඌරු මස්, එළුමස් කොන්ඩිමන්ට්ස් (රසකාරක), එළවළු, අතුරුපස යනාදී වශයෙන් වට්ටෝරුව සැකසේ. වෙල්කම් ඩ්‍රින්ක්ස්, අයිස් කාවිං, පුටු ආවරණ යනාදිය සඳහා යම් මුදලක් අය කෙරෙන අතර කේක් ස්ට්‍රක්චර් එක තැබීමට අලංකාර ලෙස ෆි‍්‍රල් කරන ලද මේසය, සාම්ප්‍රදායික පොල්තෙල් පහන, සාම්ප්‍රදායික සෙටිය හා කොෆි ටේබල් එක, වායු සමීකරණය කරන ලද නවීන ස්ටුඩියෝව, චේන්ජිං රූම් එකක්, මධුසමය ගත කිරීම සඳහා ආදරණීය ලෙස සකස් කළ කාමරය (පසුදා උදේ ආහාරය සමඟින්) පළමු විවාහ සංවත්සරයේ දී රාත්‍රී භෝජන වේලක් නොමිලේ හිමිවේ.

මවුන්ට් ලැවීනියා හෝටලයේ පැවැත්වෙන එක් විවාහ මංගල්‍යයක් වෙනුවෙන් එහි සියලුම කාර්යය මණ්ඩලය කොයිම ලෙසකින් හෝ සම්බන්ධ වේ.

ඔවුන් සියලු දෙනාගේම අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵයක් ලෙස ආදරණීය යුවළකට තමන්ගේ ජීවිතයේ ලස්සනම ලස්සන දවස බෙහෙවින් සුන්දර, අමරණීය සිහිවටනයන් රැසක් දායාද කරන එකක් වනු නොඅනුමානය.

 විශේෂ ස්තූතිය

ගල්කිස්ස මහ හෝටලයේ කළමනාකාරිනි

(ආයතනික සන්නිවේදන සහ මහජන සම්බන්ධතා)

ටීනාස් අමිට් ට 

7703 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මාර්තු 08, අඟහරුවාදා 12:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න