තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූලි 06, සිකුරාදා 09:38

මංගල දිනයේ සොඳුරු මතක සටහන්

ලිව්වේ  තිලානි ශානිකා විතානච්චි
අගයන්න
(1 මනාපය)
යුවළකට තමන්ගේ ජීවිතයටම සුන්දරත්වයක් ගෙනෙනා විවාහ මංගලෝත්සවය තම ජීවිතයේ කඩ ඉමකි. මංගලෝත්සවයක් සංවිධානය කිරීමේදී අනෙකුත් කටයුතු තරමටම තමමංගලෝත්සවය පිළිබඳ මතක සටහන්ද ඔබට වැදගත්ය. මතක සටහන් ලෙස තම ජිවිතයේ ඉතිරි කර ගන්නා ඡායාරූප මතක සටහන පිළිබඳ මංගලෝත්සවයේ අන් අංග කෙරෙහි මෙන් ඔබගේ අවධානය යොමු වුණිද?

 වැඩිපුර සිතා නොබලන වැඩි අවධානයක් යොමු නොවන අංශයක් වූ ඡායාරූපකරණය නම් කටයුත්තේදී මේ ගැනත් සිතන්න. මංගල උත්සව ඡායාරූප ශීල්පියෙකු පිළිබඳ සොයා බැලීමේදී ඔබට ඔබගේ මිතුරු - මිතුරියන්ගේ සහාය ලබාගත හැකිවේ. ඊට අමතරව ඔබගේ පවුලේ සහෝදර - සහෝදරියන්ගේ නෑදෑයන්ගේ, සහායද ඔබට වැදගත් වෙනු ඇත.

ඔවුන්ගේ මංගල උත්සව ඡායාරූපයට නැගූ අවස්ථා හා ඒ අය පිළිබඳ තොරතුරු ඇසුරින් ඡායාරූප ශිල්පියා කවුද යන්න ඔබට තීරණයකට පැමිණිය හැකිය. එමෙන්ම ඔබ කැමැති ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන් ගැනත් සොයා බලන්න.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඔබ තෝරා ගන්නා ඡායාරූප ශිල්පියා හමුවන්න. ඒ හමුවීම සඳහා වේලාවක් වෙන් කර ගන්න . ඡායාරූප ශිල්පියා කුමන මට්ටමේ අයෙකු වුවද ඔහු පිළිබඳ ඔහු ගත් ඡායාරූප පිළිබඳ සොයා බැලීම ඔබට අයත් කාර්යයකි.

ඔබ මත පැවරෙන වගකීමකි. ඔබගේ මංගල උත්සවයේ මතක සටහන පිළිබඳමනා අවබෝධයක් යොමු කරන්න. ඒ මතක සටහනඔබට ඉතිරිවන්නේ ඡායාරූපකරණය නිසා බැවින්

පළමුව ඔබගේ අවධානය ඡායාරූප ශිල්පියාටයොමු කරන්න.අප එසේ පවසන්නේ එවැනි මතක සටහනකසුන්දර බව රැඳෙන්නේ ඔබ එදිනට තෝරාගන්නාඡායාරූප ශිල්පියාගේ දක්ෂතාවය මත වීමය. ඒනිසා මංගල උත්සවයක ඡායාරූපකරණය යනුවිශාල වගකීමක් පැවරෙන කාර්යයකි. එම වගකීමනිවැරදිව අවබෝධ කරගත් ඡායාරූප ශිල්පියෙකුට ඔබගේ සුන්දර මතක සටහන ඡායාරූප කරණයටනැගීමට ඉඩ සලසා දෙන්න.එහිදී ඔබ තෝරා ගන්නා ඡායාරූප ශිල්පියා ඊටවඩාත් සුදුස්සෙකු විය යුතුය. මෙහිදී ඡායාරූප දඩයමේ යන්නන් ගැන විශේෂයෙන් සැලකිලිමත්වන්න. සමහර අය පැමිණ ඔබගේ ජීවිතයේසුවිශේෂි අවස්ථාව තමාට භාර දෙන්න යැයි පවසනඅවස්ථාවන්ට ඔබට මුහුණ දීමට සිදුවෙනු ඇත.

ඔවුන්ට තම කටයුත්ත භාරදීමට ප්‍රථම ඔවුන් ගැනකතාබහ කර එකඟතාවයකට පැමිණීම සුදුසුය.මංගල උත්සවය ඡායාරූප කරණයට නැගීමේදීසියලු කාරණා ඒ හමුවීමේදී ඔබට කතාබහ කර දැන ගත හැකිය. විශේෂයෙන්ම ඒ ශිල්පියා මීට පෙර ගත්ඡායාරූප බලන්න. එකම මාතෘකාව වුවද එක් එක්ශිල්පියා ඡායාරූප ගත කරන්නේ ඔවුන්ටආවේණික වූ ශෛලියකිනි.

සමහර ශිපීන් ආලෝකය සහ අඳුර හුවාදැක්වීමට කැමතිය. තවත් සමහර ශිල්පීන්ස්වාභාවික පසුතල සහ එළිමහනේ රූගතකිරීම්වලට කැමැතිය. ඊට වඩා වෙනස් අදහස් දරනශිල්පීන් මේ හැම එකක්ම අත්හදා බැලීමට කැමැතිය.

මේ අතරින් ඔබේ රුචිකත්වයට ගැළපෙන ඡායාරූපශිල්පියා තෝරා ගන්න.මේ එක් එක් ශිල්පියා මංගල උත්සව ඡායාරූපගත කිරීමේදී අය කරන මිල ගණන් විවිධය. ඒ මිලගණන් විමසා සිටින්න. මුළු මංගල උත්සවය සඳහාවන සියලු ඡායාරූපවල වියදම්වලඇස්තමේන්තුවක් ලබාගැනීමට අමතකනොකරන්න. මංගල උත්සවය සඳහා මුදල් වෙන්කිරීමේදී මංගල උත්සවය ඡායාරූපකරණයටනැගීම සඳහා ද මුදල් වෙන් කිරීමට අමතකනොකරන්න.

අත ඇති මුදලට හා තම කැමැත්ත පරිදි තෝරාගන්නා ඡායාරූප ශිල්පියා ඔබගේ සොඳුරු සිහිනයේමතක සටහන් අපූරුවට ඡායාරූපයට නගනුනියතය.

11062 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 06, සිකුරාදා 09:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න