තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 මැයි 10, අඟහරුවාදා 11:37

නිවැරැදිව වෙඩිං කේක් හදමු විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(4 මනාප)
 හෙමි හෙමින් මේ උදාවන්නේ පතිකුලයට යන මල් මනාලියන්ගේ කාලයයි. මංගල ගමනට සැරසෙන ඔබට ඔබේම අතින් වෙඩිං කේක් සාදා ගන්න පුළුවන් වුණොත් මොනතරම් සතුටක්ද? ඒ සතුට ඔබට ලබා දෙන්නයි අපේ මේ වෑයම.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කජු ග්‍රෑම් 110 ක්

සුල්තානා ග්‍රෑම් 110 ක්

රේසින්ස් ග්‍රෑම් 110 ක්

ඉඟුරු දෝසි (ජින්ජර් පි‍්‍රසර්ව්) ග්‍රෑම් 60 ක්

චෙරි ග්‍රෑම් 60 ක්

කැන්ඩීඩ් ෆෘට්ස් (කැන්ඩීඩ් පීල්ස්) ග්‍රෑම් 60 ක්

මික්ස්ඩ් ෆෘට්ස් ග්‍රෑම් 250 ක්

ජෑම් ග්‍රෑම් 110 ක් (අපි‍්‍රකොට් හෝ ස්ට්‍රෝබෙරි)

මී පැණි මේස හැඳි 2 ක්

බ්‍රැන්ඩි මිලිලීටර් 35 ක්

වැනිලා මිලිලීටර් 10 ක්

ආමන්ඩ් එසන්ස් මිලිලීටර් 10 ක්

රුලං ග්‍රෑම් 250 ක්

දුඹුරු සීනි ග්‍රෑම් 250 ක්

ටර් ග්‍රෑම් 110 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/4 ක්

ලෙමන් ගෙඩියක ග්‍රේට් කරගත් පොත්ත

බිත්තර කහ මද 6 ක්

බිත්තර සුදු මද 3 ක්

සාදන ක්‍රමය

වියළි පලතුරු හා කජු හැර අනෙකුත් පලතුරු කුඩා කැබලිවලට කපා බ්‍රැන්ඩි හා ආමන්ඩ් එසන්ස් සමඟ කලවම්කර සති දෙකක් හොඳින් වසා තබන්න.

සති දෙකකට පසු කේක් එක හදමු. පෙර සකසා වසා තබාගත් මිශ්‍රණය විවෘත කරන්න. එයට හීනියට කපාගත් කජු, ලෙමන් පොතු, මී පැණි, වැනිලා සහ ජෑම් මේස හැඳි දෙක එකතුකර හොඳින් කලවම් කරගන්න.

බිත්තර සුදු මද වෙනම බීට් කරගන්න. සීනි, බටර්, බිත්තර කහ මද වෙනම බීට් කරගන්න. එය ක්‍රීම් එකක් වෙනතුරු බීට්කර ගත යුතුයි. බඳුනක් ළිප තබා එයට රුලං දමා යන්තම් බැදගන්න. එය හොඳින් නිවුණු පසු සාදික්කා කුඩු හා කුරුඳු කුඩු එයට දමා කලවම් කරගන්න. ඉන්පසු කහමද මිශ්‍රණයට මෙම රුලං මිශ්‍රණය එකතුකර හොඳට කලවම් කරගත යුතුයි. දැන් එයට සකසා ගත් පලතුරු එකතු කරන්න. ගසාගත් බිත්තර සුදු මද ද එයට එකතු කරමින් හොඳින් පෙරළමින් කලවම් කරගන්න.

තැටියකට පත්තර කොළ තුනක් හා බේකිං ෂීට් දෙකක් දමා සකස් කරගන්න. ඒ මත කේක් මිශ්‍රණය අතුරා සෙල්සියස් අංශක 130 ක උෂ්ණත්වයෙන් පැය 2 ක් 2 1/2 ක් බේක් කරගන්න. (කේක් එකේ සුවඳත්, වෙලාවත් ගත වූ පසු ටූත් පික් එකක් ඇන කේක් එක බේක් වී ඇත්දැයි බලන්න. විවිධ අවන්වල උෂ්ණත්වය අඩු වැඩි වෙන්නත් පුළුවන් නිසා මේ වේලාව අතරතුර ටූත් පික් එකෙන් ඇන බලන්න. ටූත් පික් එක හොඳින් පිරිසුදුව ආවොත් කේක් එක බේක් වෙලා.

බේක් වී අවසන් වූ කේක් එක පිටතට ගන්න. ඉන්පසු බ්‍රැන්ඩි කෝප්ප කාලක් බ්‍රෂ් එකකින් (පි‍්‍රන්සලකින්) කේක් එක පුරාම ගා ගන්න. මෙය නිවුණු පසු හොඳින් ඔතා තවත් සතියක් තියන්න. ඊට වඩා වැඩි කාලයක් තියනවා නම් තවත් හොඳයි.

සතියක් තබා ගත්තාට පසු එය රිච් කේක් ලෙසත් භාවිත කරන්න පුළුවන්. කැමැති නම් මාස 5-6 ක් බ්‍රැන්ඩි යොදා තියාගන්න. එතකොට වඩාත් රසයි. මෙලෙස සාදාගත් කේක් එකෙන් ග්‍රෑම් 400 ක් සඳහා පහත ද්‍රව්‍ය වලංගු වේ. ඉහත කේක් එකේ බර අනුව එම ද්‍රව්‍ය ගළපාගන්න.

වෙන් කරගත් කේක් කොටස හොඳින් කුඩු වෙන්නට කඩාගන්න. දැන් එයට ස්ට්‍රෝබෙරි සහ ඇපි‍්‍රකොට් ජෑම් මේස හැඳි 1 1/2 බැගින් දමන්න. මී පැණි තේ හැඳි එකක් ද එකතු කරන්න. දෑත් හොඳින් සෝදාගන්න. නැත්නම් ඉටි අත් මේස් දෙකක් පලඳින්න. ඉන්පසු කේක් මිශ්‍රණය හොඳින් අනා කලවම් කරගන්න.

දැන් බේකිං පේපර් එකක් එළාගන්න. ඒ මත කලවම් කරගත් කේක් මිශ්‍රණය දමා ඔබට අවශ්‍ය උස අනුව තුනී කරගන්න.

දැන් අපි ආමන්ඩ් අයිසිං එක සාදා ගනිමු.

ආමන්ඩ් පිටි ග්‍රෑම් 150 ක්

මේ සඳහා ඔබට කජු භාවිත කළ හැකි අතර එම කජු හොඳින් පිටි වෙන සේ කොටා සාදාගත යුතුයි.

අයිසිං සීනි ග්‍රෑම් 80 ක්

කුඩු කරගත් සීනි ග්‍රෑම් 80 ක්

ආමන්ඩ් එසන්ස් බින්දු 3 ක්

බ්‍රැන්ඩි තේ හැඳි 2 ක්

බිත්තර 1 ක්

සාදන ක්‍රමය

හොඳින් පිරිසුදු වියළි බඳුනක් ගන්න. එය ළිපේ තබා එයට සීනි හා අයිසිං සීනි එකතු කරන්න. එයටම බිත්තරය ගසා එකතුකර හොඳින් කලවම් කරගන්න. එලෙස මඳගින්නේ එම මිශ්‍රණය ළිපේ තිබෙන අතරතුරම හොඳින් බීට් කරගන්න. ක්‍රීම් එකක් වෙනතුරු බීට් කරගත යුතුයි.

දැන් එම බඳුන ළිපෙන් පිටතට ගෙන සිසිල් ජල බඳුනකට බස්සවා නිවෙන්නට තබන්න. ඒ අතරේ බ්‍රැන්ඩි හා ආමන්ඩ් එසන්ස් එකතුකර නැවත බීට් කරගන්න. ඉන්පසු එයට ආමන්ඩ් පිටි හෝ පිටි කරගත් කජු ටිකෙන් ටික දමා අතේ නොඇලෙන පදම එන තෙක් අනාගන්න. එම මිශ්‍රණය රෝලිං බෝඩ් එකක් මත තබා රෝලිං පින් එකෙන් තුනී කරගන්න. එලෙස තුනී කරගත් ආමන්ඩ් අයිසිං එක පරෙස්සමට ගෙන සාදා තුනී කරගත් කේක් එක මත අතුරාගන්න. එම ආමන්ඩ් අයිසිං එක කේක් එක මත නොරැඳේ නම් ජෑම් ටිකක් බ්‍රෂ් එකකින් තවරාගන්න.

මෙම ග්‍රෑම් 400 න් කෑලි 8 ක් කපාගත හැකියි. සාදාගත් ආමන්ඩ් අයිසිං පේස්ට් එකෙන් කෑලි 12 ක් පමණ කවර් කරගත හැකියි.

 සටහන - මෙම කේක් සෑදීම පිළිබඳ ජනනී ගේ උපදෙස් අවශ්‍ය නම් “Cooking made simple  පහසුයි රසයි” ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.

 ඉතාලියේ පර්මා නගරයේ පදිංචි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

9560 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 10, අඟහරුවාදා 11:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න