තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 මැයි 16, සඳුදා 14:45

මංගල ගමනට රතු රෝස මලින් කේක් නිර්මාණයක්

Written by 
අගයන්න
(1 මනාපය)
 දෙවැනි ගමනට සූදානම් වන මනාල යුවළකටයි මේ මනරම් කේක් නිර්මාණය. රතු රෝස මලින් හැඩ වැඩකර ඇති නිසා තවත් අපූරුයි.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

විශ්කම්භය අඟල් 20 සහ 24 ක ප්‍රමාණයට ෂඩාස්‍ර හැඩයට කපාගත් බේස් කොටස් දෙකක්.

රාත්තල් හතරක තැටි දෙකක සාදා ගත් බටර් කේක් දෙකක්

රාත්තල් දෙකක රවුම් තැටියක පුළුස්සා ගත් කේක් දෙකක්

නොම්බර 2 නොසලයක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව යටටම රවුම් බේස් බෝඩ් එකක් තබාගන්න. ඉන්පසු එහි උඩට ෂඩාස්‍ර හැඩයට කපාගත් බේස් දෙක තබා ක්‍රීම් ෆොන්ඩන්ට්වලින් ආවරණයකර එහි වටේට පාච්මන්ට් අයිසිංවලින් කපාගත් රතු පටි දෙකක් අලවන්න. දැන් එහි උඩින් රාත්තල් හතරක තැටි දෙකක සාදාගත් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච්කර තබාගන්න. එය ද ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගෙන එහි උඩට රතු පැහැති පාච්මන්ට් අයිසිං පටි ඡායාරූපයේ දැක්වෙන පරිදි අලවන්න.

එම කේක් එක උඩට රාත්තල් දෙකක තැටියක බේක් කරගත් කේක් දෙක තබා සැන්ඩ්විච්කර ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. දැන් මෙම කේක් එකෙහි සහ පහළින් ඇති කේක් එකෙහි වටේට නොම්බර දෙක නොසලයෙන් ෂෙල් බෝඩරයක් දමා ගන්න. පසුව රෝස මල්, පොහොට්ටු සහ කොළ පාච්මන්ට් අයිසිං මඟින් සාදා ඡායාරූපයේ දැක්වෙන පරිදි හැඩ කරගන්න.

  උපදෙස් - ස්වීට් ආට් කේක් හි ප්‍රවීණ ශිල්පිනී

ප්‍රදීකා විජේසුරිය

ඡායා -ශාන් රඹුක්වැල්ල

4453 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 16, සඳුදා 14:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න