තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූලි 06, සිකුරාදා 15:01

“මන නන්දන ආලිංගන මංගල මියැසිය...”

ලිව්වේ  තිලානි ශානිකා විතානාච්චි
අගයන්න
(0 මනාප)
සංගීත කණ්ඩායමක් තෝරා ගන්නා විට සැලකිලිමත් විය යුත්තේ මොනවාගේ කාරණාවන්ද ? “සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහොමයි. පළමුවෙන්ම ඔබගේ අවධානය යොමුවිය යුතුවන්නේ මංගල උත්සවයට සහභාගිවන අමුත්තන් ගණන සහ තෝරාගෙන ඇති උත්සව ශාලාවේ ප්‍රමාණය ගැනයි. කුඩා ශාලාවක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා වැඩි පිරිසක් ඉන්න සංගීත කණ්ඩායමක් තොරාගත්තොත් ඔවුන්ට වැඩිපුර ශබ්ද උපකරණ භාවිත කිරීමට සිදුවන නිසා එම ස්ථානයේ අනවශ්‍ය ඝෝෂාකාරී තත්වයක් ඇතිවිය හැකියි. ඒ නිසා එවැනි තැනකට සුදුසු වන්නේ ඒකපුද්ගල හා ද්විපුද්ගල වාදක කණ්ඩායමක්. ස්ථානයට සුදුසු ලෙස කණ්ඩායම තෝරගැනීමෙන් ඔබගේ පොකැට්ටුවටත් වාසියක් සැලසේවි.

මංගල උත්සවයකට වාදක කණ්ඩායමක් තෝරාගැනීමේදී ඔබගේ අවධානය ඊට යොමු කළ යුත්තේ උත්සවය පැවැත්වීමට මාස තුනකටවත් කලින්. එහිදී ඔබ තෝරා ගන්නා සංගීත කණ්ඩායම පිළිබඳ දැනුවත් බවක් ඔබට නැත්නම් ඔබ කළ යුත්තේ ඔවුන් සහභාගී වූ උත්සවයන්හි සේවාදායකයකුගෙන් අදහස් විමසීමයි. එහෙමත් නැත්නම් ඔවුන් සම්බන්ධවූ උත්සවයක වීඩියෝ හා සීඩී පට නැරැඹීමයි. ඉන් ලබා ගන්නා තක්සේරුව ඔස්සේ සංගීත කණ්ඩායම තෝරා ගැනීම කළ පසුව ඔවුන් එදිනට ගායනා කරනා ගීත ලැයිස්තුවක් ලබාගන්නටද අමතක නොකරන්න. එවිට ඔවුන් ගායනා කරන ගීත පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලබාගත හැකි මෙන්ම ඔබගේ මනාපය පරිදි තෝරාගත් ගීත කණ්ඩායම ලවා ගායනා කිරීමේ හැකියාවත් ලැබෙන්නේ එවිටයි. ඒවගේම ඔබ කැමති ගීත තිබෙන්නේ නම් ඒ පිළිබඳත් සංගීත කණ්ඩායම සමග කතාබහ කිරීමෙන් එකඟතාවකට පැමිණිය හැකියි.

සංගීත කණ්ඩායමකින් විය යුත්තේ පැමිණ සිටින පිරිසකගේ කාන්සිය මඟහරවන සංගීතයක් ලබාදීමයි. බොහෝ දෙනෙකු මංගල උත්සවය සංගීතවත් කිරීමට ච්බ් කෙනෙකුගේ සේවය ලබාගැනීමට පෙලඹෙනවා. ඉන් අනවශ්‍ය ඝෝෂාකාරී බවක් ඇතිවී උත්සවයෙහි නිස්කලංක බවට බාධා ඇතිවෙන්නට ඇති ඉඩකඩ බොහොමයි. ච්බ් එකකට වඩා වාදක කණ්ඩායමකින් ප්‍රාසාංගික බවක් බලාපොරොත්තු වියහැකි බැවින් ගීත රසවිඳින අතරම කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් පිළිබඳත් පැමිණ සිටින අයට යම් රසවින්දනයක් ලැබිය හැකියි.

ඔබටත් ගීත ගැයීමේ හැකියාවක් තිබේ නම් සංගීත කණ්ඩායම සමග පෙර පුහුණුවක් ලබාගෙන එම අවස්ථාව ලබා ගත හැකියි. මන්ද මංගල උත්සවයකදී මනාල යුවළ ගීතයක් දෙකක් ගැයීම පැමිණ සිටින පිරිසට විශේෂ අත්දැකීමක් වන නිසයි. මංගල උත්සවයට විවිධ මට්ටමේ රසිකයන්, විවිධ ජාතීන්ට අයත් අමුත්තන් සහභාගිවිය හැකි නිසා ඔවුන් කෙරෙහිද ඔබගේ අවධානය යොමුවීම වැදගත්. ඒ නිසා සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමේදී පැරණි ගීත වගේම මෑත කාලයේ ජනපි‍්‍රය ගීතත්, බටහිර, හින්දි, දෙමළ ගීතත් ගැයීමට ඔවුන්ට හැකිද යන්න විමසා බැලීමට අමතක නොකරන්න. අනෙක් විශේෂ කරුණක් වන්නේ සංගීත කණ්ඩායම භාවිත කරන ඇඳුම් පැලඳුම් පිළිබඳ ඔබගේ සැලකිල්ලයි. සමහර වාදක කණ්ඩායම් තම ඇඳුම් පැලඳුම් පිළිබඳ සැලකිලිමත් නොවන අවස්ථා අප ඕනතරම් දැක තිබෙනවා. ඒ ඔස්සේ උත්සවයට යම් හානියක් පැමිණීම ඔබට නොවැළැක්විය හැකියි. ඔබගේ විවාහය පැවැත්වෙන්නේ රාත්‍රී කාලයේදී නම් Mirror, Balls, Discolights, fog machines ආදිය භාවිතයෙන් උත්සවයට එකතු වන්නේ අමතර අලංකාරයක්.

සංගීත කණ්ඩායම මෙහෙය වීමේදී ඔවුන්ගේ සැලැස්ම පිළිබඳත් යම් අවධානයක් ඔවුන් තෝරාගැනීමට පෙර යොමු කරන්න. මනාල යුවළ මුලින්ම උත්සව ශාලාවට පැමිණෙද්දී ඔවුන්ව පිළිගැනීමට සංගීත කණ්ඩයක් වාදනය කිරීම, පොල්තෙල් පහන දැල්වීමේදී, කේක් කැපීමේදී ඊට සුදුසු වාදනයක් ඉදිරිපත් කිරීමෙන් ඒ අවස්ථාව වඩාත් තීව්‍ර වේවි. මුල් පැය දෙක, තුන ආදර ගීත ගායනා කිරීම වඩාත් සුදුසු බව කියන්නට ඕන.

මනාල යුවළ මධු සමය සඳහා පිටවීමට ඇඳුමක් අඳින්නේ නම් ඔවුන් යළිත් උත්සව ශාලාවට පැමිණෙන විට ඔවුන්ව පිළිගැනීමට වාදක කණ්ඩයක් භාවිතා කිරීමෙන් හැමෝගේම අවධානය මනාල යුවළ වෙතට යොමුවෙන බව අරුමයක් නොවෙයි. මනාල යුවළට නර්තනයකට ආරාධනා කිරීමත්. පැමිණ සිටින අයට නර්තනයයෙහි යෙදීමට වේග රිද්ම ගීත ආරම්භකර මනාල යුවළ පිටත්වීමට විනාඩි 15 - 20 පමණ පෙර ඒ සියල්ල අවසන් කළ යුතුයි. එසේ නොවුණ හොත් මනාල යුවළ පිටත්වූ බවවත් කිසිවෙක් දන්න නැති නිසයි. ඔවුන් පිටත්වීමේ අවසාන විනාඩි 15 - 20 දී ඔවුන්ගේ අනාගත දිවියට සුබ පැතුම් එක්කරන ගීත ගායනා අතරින් මේ දෙපළට පිටත්විය හැකිය.

බොහෝ මංගල උත්සවයන්හිදී අපි දැක ඇත්තේ වාදක කණ්ඩායම ඔවුන් කැපී පෙනීම සඳහා අධික ශබ්දයක් භාවිත කරමින් වාදනය සැපයීමයි. ඉන් සිදුවන්නේ අනවශ්‍ය ඝෝෂාකාරී බවක් එක්වීමත්, පැමිණ සිටින පිරිස අපහසුතාවට පත්වීම පමණයි. එහෙත් සිදුවිය යුත්තේ වාදක කණ්ඩායමේ කැපී පෙනීම නොව මනාල යුවළ ඉස්මතු වීමයි.

සංගීත කණ්ඩායමේ ශබ්දය පාලනය කරගත යුතු තවත් කරුණක් වන්නේ උත්සවයට පැමිණෙන ඇතැම් ආරාධිතයන් එහි පැමිණෙන්නේ ගීත අසන්නටම නොවීමයි. කාලෙකින් පසුව මුණ ගැහෙන පිරිස සමග ආගිය තොරතුරු කතා කිරීමට ඔවුන් පෙලඹෙන නිසාම ඝෝෂාකාරී බව ඔවුන්ට කරදරයක් විය හැකිය.

ඒ නිසා ඔබගේ මංගල උත්සවයට සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමේදී මේ කරුණු පිළිබඳ විමසිලිමත් වීමෙන් සුන්දර මංගල දිනයක් ඔබටත් හිමිවෙනු නියතයි.

 

 

7305 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න