තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජූනි 07, අඟහරුවාදා 12:33

මංගල ගමනට සොඳුරුතම කේක් නිර්මාණ විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(2 මනාප)
 තම හද සොරා ගත් ආදරණීයයා සමඟ සොඳුරු ලොවකට පිවිසෙන්න සෙනෙහසේ මන්දිර තනන්නේ යුවතියන්ය. මේ නිසාම ඔවුන් තම මංගල දිනයඅමරණීය මතකයක් ලෙස හද ගැබේ රඳවාගන්නට දරන වෙහෙස ද අපමණය.

 

කාගේත් ඇගැයුමටත් පැසසුමටත් ලක්වෙන මංගල උත්සවයක් වෙනුවෙන් දකින අපමණ සිහින අතරට මංගල කේක් ආකෘතිය ද එක් වේ. තේමාවකට හැඩවෙන මංගල උළෙලක තම අභිමතය අනුව එක්කර ගත හැකි නිර්මාණ බොහෝය. මෙහිදී උඩරට, පහතරට බටහිර ආදී ක්‍රම අනුව ද කේක් නිර්මාණ වෙනස් වේ.

අද අප ඔබට ගෙන එන්නේ පහතරට මෙන්ම බටහිර ක්‍රමයට හැඩවෙන මනාලියකට තම මංගල කේක් ආකෘතිය ලෙස ගත හැකි අගනා තෝරා ගැනීම් කිහිපයකි. දෙවැනි ගමනට මෙන්ම විවාහ ගිවිස ගන්නා දිනටත් ඔබේ කැමැත්ත අනුව මෙවැන්නක් ගළපාගත හැකියි. විවාහයෙන් පසු මතක පොතේ පිටු පෙරළද්දී ඔබ තෝරා ගත් කේක් නිර්මාණයේ අලංකාරය තවත් සුන්දරව පෙනේවි.

කේක් නිර්මාණ කලාවේ වෙනසකට කැමැති ඔබටත් මේ නිර්මාණවලින් අදහස් ලබාගත හැකියි.

 

 කේක් නිර්මාණ ඉදිරිපත් කිරීම - සූපවේදී

ශෂී හරීන්ද්‍ර 

මේ කේක් නිර්මාණ පිළිබඳ දැනගන්න අවශ්‍ය නම් 0777788952 අංකයට අමතන්න.  

6844 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූනි 07, අඟහරුවාදා 12:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න