තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජූනි 14, අඟහරුවාදා 10:57

මල් මංගල්ලෙට අලංකාර කේක් ආකෘති විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී දීපිකා ගුණසේකර

 

 

 

මෙම කේක් නිර්මාණය කරගැනීමේදී ඔබටත් ගැටලුවක් ඇතිවුවහොත් 0112820801 සහ 0779600469 අංක අමතා තොරතුරු ලබාගත හැකිය.

 විවාහ මංගල්‍යයකදී කාගෙත් නෙතු රැඳෙනා මංගල කේක් ආකෘතියට නවමු වෙනසක් නව අරුතක් එක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටින මනාලියන් වෙනුවෙනුයි මේ කේක් නිර්මාණය.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 18x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 16x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 12x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිං

ගෝල්ඩ් පැහැති ලේස් පටියක්

පාච්මන්ට් අයිසිං

රෝයල් අයිසිං

 සාදන ක්‍රමය

පළමුව අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිං මඟින් ඩමි සියල්ලම ආවරණය කරගන්න. ඉන්පසු ගෝල්ඩ් පැහැති අඟල් තුනක් පළල පටියක් ගෙන ඩමි තුනෙහිම යටින් දමාගන්න. එය ඡායාරූපය දෙස බැලීමෙන් ඔබට දැකිය හැකියි. දැන් දුඹුරු පැහැති රෝයල් අයිසිං නොම්බර 03 නොසලයට දමා ඡායාරූපයේ දැක්වෙන මෝස්තරය දමාගන්න.

ඉන්පසු මෙම ඩමිවල ඉහතින් ඇති මෝස්තරය දමාගත යුතුයි. ඒ සඳහා නොම්බර 05 නොසලය භාවිතකර ස්කැලප් ආකාරයට දමන්න. පසුව නොම්බර 02 නොසලයෙන් ඉහත මෝස්තරයට පහතින් ස්ක්‍රෝල් මෝස්තරයක් දමන්න. දැන් බේස් බෝඩ් එක මත ඩමි දෙකක් තබා එයට ඉහතින් ඕනමන්ට් එකක් තබන්න. එයට උඩින් කුඩාම ඩමිය තබාගන්න. පසුව පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝස මල් කොළ, සහ පොහොට්ටු තබා ඉහළම ඩමිය සරසාගන්න. නැතිනම් අනෙක් කේක් එකෙහි දැක්වෙන ලෙස කපල් ඕනමන්ට් එකක් තබන්න.කේක් එකෙහි දැක්වෙන ලෙස කපල් ඕනමන්ට් එකක් තබන්න.


  උඩරට පන්නයට හැඩවෙන මනාලියකගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුයි මේ අපූරු කේක් නිර්මාණය. චාම් වර්ණ යොදා ගනිමින් ලියවැලක ආකෘතියෙන් හැඩවී ඇති නිසා එහි සුන්දරත්වය තව තවත් වැඩි වී ඇති බව නම් සැබෑවක්.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 18x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 16x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 12x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අඟල් 8x7 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

අයිවරි වර්ණ ෆොන්ඩන්ට්

පාච්මන්ට් අයිසිං

අඟල් 22ය24 ප්‍රමාණයේ සෘජිෆෝම් බේස් එකක්

සිල්වර් ගෝල්ඩ් මිශ්‍ර ස්වීකුවින්ස් පටි

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ලම අයිවරි වර්ණ (ඇත්දළ පැහැති) ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු මෙහි ඇති ලොකුම ඩමිය බේස්බෝඩ් එක මත තබා එයට උඩින් රවුමට කපාගත් සෘජිෆෝම් කොටසක් තබන්න. එයට උඩින් උස අනුව පිළිවෙළට ඉතිරි ඩමි ටික තබන්න. දැන් මෙම හැම ඩමියකට යටින් සිල්වර් සහ ගෝල්ඩ් මිශ්‍ර සීකුවින්ස් පටියක් අලවන්න.

එම පටිවලට උඩින් පාච්මන්ට් අයිසිං පටි තීරු කපා එම පටි තීරු උඩින් මල් කොළ සහිත කවර් එකක් තබා කපාගත් ලියවැල් මෝස්තරය මත රිදී සහ ගෝල්ඩ් වර්ණ ස්පේ‍්‍ර කරගන්න. දැන් එසේ වර්ණ ස්පේ‍්‍ර කරගත් ලියවැල් මෝස්තරය ඩමි වටා අලවාගන්න. අවසානයේ කේක් එකෙහි ඉහළින්ම මනාළ යුවළකගේ අනුරුවක් තබන්න.

   ඡායා - ශාන් රඹුක්වැල්ල

7078 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූනි 14, අඟහරුවාදා 11:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න