තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජූනි 20, සඳුදා 15:04

අයිසිං කලාවේ විසිතුරු මංපෙත් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(2 මනාප)
 සොඳුරුතම කේක් නිර්මාණයකින් ගෙනෙන කලඑළිය බොහෝය. ඒ නිසාම අපි විවිධ උත්සව හැඩ කරන්නට කේක් නිර්මාණ තෝරා ගන්නෙමු.

 

 

මෙහි විස්මය රැඳී පවතින්නේ අයිසිං කිරීමේ තාක්ෂණය මතය. අලංකාර ලෙස අයිසිං කළ කේක් එකක් කොතැනදීත් කැපී පෙනෙන්නේ එනිසාය.

අයිසිං කලාවේ නිරත වෙන්නට කැමැති ඔබ වෙනුවෙන් අයිසිං මල්, කොළ, සත්ත්වයන්, විවිධ ලියවැල් මෝස්තර ආදිය නිර්මාණය කරන අයුරු පහදා දී ඇත. බටර් අයිසිං කලාව ද කේක් නිර්මාණ කලාවේ දී සුවිශේෂීය. බටර් අයිසිං මඟින් සැබෑ ලෙසම කේක්වලට සුන්දර පෙනුමක් සමඟ රසයක් ද එක්කළ හැකියි. එනිසා කේක් නිර්මාණය කරන ඔබ බටර් අයිසිං මඟින් අයිසිං කිරීමේ කලාව ද ප්‍රගුණ කළ යුතුයි. ඒ සඳහා අත්වැලක් වෙන්නට තරුණී අද සිට සූදානම්.

ප්‍රමාණයෙන් විශාල කේක්, කුඩා කේක් සහ කප් කේක් ද බටර් අයිසිං මඟින් හරි අපූරුවට හැඩ කළ හැකියි. විවාහ මංගල, විවාහ ගිවිස ගැනීම්, උපන්දින කේක් මෙන්ම විවිධ අවස්ථා අනුව සැකසෙන කේක් ද බටර් අයිසිං කලාවෙන් අලංකාර කරගන්නට පුළුවනි. එමෙන්ම රෝස මල් ආදී මල් වර්ග, කොළ ආදිය ද නොසල් භාවිතකර හරි අපූරුවට නිමවා ගන්නට බටර් අයිසිං කලාව උපකාරී කරගත හැකියි.

අපි ඒ පිළිබඳ අවශ්‍ය කරුණු ඉදිරියේ දී පියවරින් පියවර නිවැරැදිව අධ්‍යයනය කරමු. මෙහි දැක්වෙන්නේ එලෙස බටර් අයිසිං මඟින් හැඩ කළ කේක් හා කප් කේක් නිර්මාණ කිහිපයකි.

නොම්බර 103, 104, 105 විල්ටන් නොසල් භාවිත කිරීමෙන් කුඩා රෝස මල් බටර් අයිසිං මඟින් නිර්මාණය කරගන්නට පුළුවනි.

නොසල් අංක 124 හා 125 මඟින් ලොකු රෝස මල්, මල් පෙති, ඩ්‍රැප්, රෆ්ල්ස්, ස්වැග්ස් ආදී විවිධ රැලි මෝස්තර සහ බෝ දමා ගැනීමට හැකියි.

 

 

 

උපදෙස් - කේක් නිර්මාණ ශිල්පිනී

විලාසිනී වක්වැල්ල 

6157 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූනි 20, සඳුදා 15:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න