තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජූලි 12, අඟහරුවාදා 10:49

කැලෑ රෝස මල් ඇත්දළ පැහැයට හරි එළියයි

ලිව්වේ  Unx¹[ì z‹xpR£yDÇ
අගයන්න
(0 මනාප)
 යුවතියකගේ ජීවන මං තලාවේ සොඳුරුතම කඩඉම ඇගේ විවාහයයි. එදින සියලු කටයුතු සිදුවන්නේ ද ඇගේ කැමැත්තට අනුවය. ඉතිං තවත් අපූර්ව බවක් ගෙනෙන මෙවැනි කේක් නිර්මාණයකින් ඇගේ සොඳුරු දවස තවත් ඔපවත් කරන්නට හැකිනම් එය මොනතරම් අපූරුද?

 

අයිවරි පැහැති වයිල්ඩ් රෝස මලින් හැඩවුණු මේ කේක් නිර්මාණය වෙනසක් සොයන ඔබටමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 20 x6 රවුම් ඩමි එකක්

අඟල් 15 x5 රවුම් ඩමි එකක්

අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

 සාදන ක්‍රමය

පළමුව ඉහත සඳහන් ඩමිදෙක ගෙන ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු එම ඩමි දෙකෙහි යටින් ක්‍රීම් පැහැති රිබන්

පටියක් අලවා ළඟින් ළඟින් පර්ල්ස් අලවාගන්න. දැන් පාච්මන්ට් අයිසිං භාවිතකර ප්‍රමාණ කීපයකින් වයිල්ඩ් රෝස මල් (කැලෑ රෝස මල්) සාදා කේක් එක මත ඡායාරූපයේ දැක්වෙන පරිදි රඳවන්න. මෙහි ඉහළින්ම සෘජිෆෝම් මඟින් කපා ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගත් කපල් එකක් තබාගන්න. අවසානයේ කේක් සෑදීමේදී භාවිත කරන ඊඩිබල් ඩස්ට් එක සම්පුර්ණ කේක් එක මත ස්ප්‍රේ කරගන්න.

දියරැලි ගෙනෙනා අසිරිය

දියරැලි ක්‍රමයට රෝස පාටින් හැඩවුණු තවත් අපූරු කේක් නිර්මාණයකි මේ.

 අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 18 x8 රවුම් ඩමි එකක්

අඟල් 14 x4 රවුම් ඩමි එකක්

අඟල් 10 x2 රවුම් ඩමි එකක්

අඟල් 6 x6 රවුම් ඩමි එකක්

රෝස පැහැති ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

පබළු වැල් කීපයක්

වෙළෙඳ පොළෙන් ලබාගත් ගෝල්ඩ් පැහැති කොළයක්

 සාදන ක්‍රමය

පළමුව මෙහි යටට ඩමිය නිර්මාණය කරගනිමු. එහිදී රෝස පාට වර්ණ කීපයක් ෂේඩ් වන ආකාරයට දියරැලි ක්‍රමයට පටි කපාගන්න. දැන් එම පටි ඩමියේ ඉහළ සිට පහළට ඡායාරූපයේ දැක්වෙන පරිදි අලවාගන්න. මෙහි දෙවැනි තට්ටුව ළා රෝස පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගෙන ඒ වටා ස්ටෝන්ස් අලවන්න.

තෙවැනි තට්ටුව ගෝල්ඩ් පැහැති කොළයෙන් ආවරණය කරගත යුතුයි. සිව්වැනි තට්ටුව නැවත ළා රෝස පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගෙන වටේට ස්ටෝන්ස් අලවාගන්න. දැන් මෙම සියලුම ඩමිවල පහළින් පබළු වැල් පේළියක් තබන්න.

පසුව රෝස පැහැති පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් වයිල්ඩ් රෝස මල් කීපයක් සාදා එය ඡායාරූපයේ දැක්වෙන පරිදි කේක් එක මත රඳවාගන්න. අවසානයේ සෘජිෆෝම් මඟින් කපා ෆොන්ඩන්ඩ් අයිසිං ආවරණය කරගත් කපල් එකක් කේක් එකෙහි ඉහළින් රඳවාගන්න.

 මේ කේක් නිර්මාණ පිළිබඳ ඔබටත් දැනගන්න අවශ්‍ය නම් 0777788952 අංකයට අමතන්න.

 උපදෙස් - කේක් නිර්මාණ පිළිබඳ සූපවේදී ශෂී හරීන්ද්‍ර

(චෙෆ් වර්ම්)

4413 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූලි 12, අඟහරුවාදා 12:14
අදහස් එක් කිරීමට ලොග් වෙන්න