තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ජූලි 21, බ්‍රහස්පතින්දා 10:47

බටර් අයිසිං මඟින් කප් කේක් හැඩ කරමු

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(2 මනාප)

බටර් අයිසිං කලාව ආශ්‍රයෙන් කේක් එකක් හැඩ ගන්වා ගන්නා ආකාරය පිළිබඳ තවත් පියවරක් මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.

 

නිවැරැදි ආකාරයෙන් බටර් අයිසිං සාදාගන්නා අයුරු ගිය සතියේ අප ඔබ වෙත ඉදිරිපත් කළා. ඉතිං අද අපි මේ සූදානම් වන්නේ බටර් අයිසිං ආශ්‍රයෙන් කරගත හැකි නිර්මාණ කීපයක් පිළිබඳ ඔබ වෙත තොරතුරු ගෙන එන්නයි. එහිදී අප පළමුවෙන්ම බටර් අයිසිං ආශ්‍රයෙන් කප් කේක් හැඩ කරගන්නා ආකාරය ඉගෙන ගනිමු.

කප් කේක්, තරමක් විශාල රෝසවලින් හැඩකර ඇති අයුරු ඔබ මීට පෙර දැක ඇති. නමුත් එය නිර්මාණයකර ගන්නා ආකාරය ඔබ කලින් නොදැන සිටියා විය හැකියි. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබට කැමැති වර්ණයකින් බටර් අයිසිං පයිපිං බෑගයකට දමා එයට ර්1 නොසලය සවිකර කප් කේක් එකෙහි අග සිට මැදට අත කරකවමින් රවුමට දමා ගැනීමයි. ඔබට කැමැති නම් එයට උඩින් කේක් සඳහා යොදා ගන්නා ස්ටෝන්ස් කීපයක් ඉසගන්න. බාස්කට් වීව් ක්‍රමයෙන් ද කප් කේක් හැඩකර ගත හැකියි.

ඒ සඳහා වර්ණ දෙකක බටර් අයිසිං අවශ්‍ය වේ. ඉන් එක් වර්ණයක් නොම්බර 48 නොසලයට දමා කප් කේක් එක උඩින් දිග අතට ඉරි දමාගන්න. ඉන්පසු අනෙක් වර්ණය නොම්බර 17 නොසලයට දමා අනෙක් පසට ඉරි දමාගන්න. අවසානයේ කප් කේක් එකෙහි වටේට එම නොසලයෙන්ම ෂෙල් බෝඩරයක් දමාගන්න.

කප් කේක් එකක් ස්ටාර් තබා ද සම්පුර්ණයෙන් ම ඔබට නිමකර ගත හැකියි. නොම්බර 2, 3, 4, 5, 6 යන නොසල්වලට බටර් අයිසිං දමා කප් කේක් එක මත ඩොට්ස් තබා ද කේක් එකක් අයිසිං කරගත හැකියි.

තවද ග්‍රාස් නොසලයට කොළ පැහැති බටර් අයිසිං දමා ද කප් කේක් හැඩකර ගත හැකියි.

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

5631 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූලි 21, බ්‍රහස්පතින්දා 10:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න