තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 අගෝස්තු 02, අඟහරුවාදා 09:40

කේක් එකක් මේ විදිහට අයිසිං කරමු

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(2 මනාප)
බටර් අයිසිංවලින් කළ කේක් ශීතකරණයේ දාන්න එපා!

 

 

 

අයිසිං කලාව ආශ්‍රයෙන් නිවැරැදිව බටර් අයිසිං සාදාගන්නා ආකාරයත් එමඟින් කප් කේක් හැඩ ගන්වන ආකාරයත් පිළිබඳ පසුගිය සති කීපයේ දී අප ඔබව දැනුවත් කළා.

ඉතිං අද අප ඔබට කියාදෙන්නට සූදානම් වෙන්නේ කේක් එකක් නිවැරැදි ලෙස බටර් අයිසිං කරගන්නා ආකාරයයි.

කේක් එකක් බේක් කරගත් පසු එසැනින්ම එය අයිසිං කරගැනීම නොකළ යුතු දෙයකි. එය බේක් කරගත් පසු පැය තුනක්වත් හොඳින් නිවෙන්නට තබාගත යුතුයි. ඉන්පසු එය සැන්ඩ්විච් කරනවා නම් ඔබගේ අවශ්‍යතාව මත කේක් එක දෙකට හෝ තුනට හරහට (තිරස් අතට) කපාගන්න. දැන් එසේ කපාගත් එක් කොටසකට සොෆ්ට් (මෘදු) බටර් අයිසිං තවරා ගෙන අනෙක් කොටසින් වසාගත යුතුයි. ඔබ කේක් එක කොටස් තුනකට කැපුවේ නම් අනෙක් කොටස මත ද සොෆ්ට් බටර් අයිසිං තවරාගන්න. සොෆ්ට් බටර් අයිසිං නැතහොත් බටර් ක්‍රීම් අයිසිං සාදා ගැනීම සඳහා ඔබ ගන්නා බටර් ප්‍රමාණයට වඩා අඩුවෙන් අයිසිං සීනි භාවිත කරන්න. තරමක් ඝන බටර් අයිසිං සාදාගැනීමට අවශ්‍ය නම් බටර්වලට වඩා වැඩියෙන් අයිසිං සීනි යොදාගන්න.

ඉන්පසු ඉහතින් සැන්ඩ්විච් කරගත් කේක් එක සම්පුර්ණයෙන්ම බටර් අයිසිං මඟින් ආවරණය කරගත යුතුයි. ඒ සඳහා ෆ්ලෑට් නයිෆ් (පැතලි පිහියක්) භාවිත කළ හැකියි. ඔබ මෙම කේක් එක බටර් අයිසිං මඟින් හැඩගන්වා ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නොසල් පළමුව සෝදා තෙත නැතිවනතුරු හොඳින් පිසදාගන්න. පසුව ඔබට අවශ්‍ය වර්ණවල බටර් අයිසිං නොසල්වලට දමා කේක් එක හැඩගන්වා ගන්න. එහිදී ඔබ භාවිත කරන නොසලයේ සිදුර තරමක් විශාල නම් ඒ සඳහා මෘදු බටර් අයිසිං භාවිත කරන්න. එසේම නොම්බර 0, 1, 2 වැනි නොසල් ඔබ භාවිත කරන්නේ නම් ඒ සඳහා අයිසිං සීනි වැඩි ප්‍රමාණයක් දමා සාදාගත් බටර් අයිසිං භාවිත කළ යුතුයි. එමනිසා ඔබ තෝරාගන්නා නොසල්වල ස්වභාවය අනුව බටර් අයිසිං සාදාගැනීම කළ යුතුයි. නොසලයට අයිසිං දමා එකවර කේක් එක මතට ගල්වන්නත් එපා. එක් වරක් ඉවතට ගල්වා ඉන්පසුව කේක් එක මත ගල්වන්න.

මේ අයුරින් බටර් අයිසිං පමණක් යොදා ගනිමින් හැඩ ගන්වන ලද කේක් එකක් සාමාන්‍ය

උෂ්ණත්වයෙන් දින හතරක් පමණ තබා ගත හැකියි. ඒ වගේම තද අව් රශ්මිය පවතින ස්ථානවල බටර් අයිසිං මඟින් හැඩගැන්වූ කේක් තැබීම සුදුසු නැත. එවිට කේක් එක දියවීමට ඇති ඉඩකඩ වැඩිවේ. එම නිසා හැකි සෑමවිටම සාමන්‍ය උෂ්ණත්වයක් පවතින තැන්වල බටර් අයිසිං කළ කේක් එකක් තැබීම වඩාත් සුදුසුය.

වෙළෙඳපොළෙන් මිලදී ගන්නා අයිසිං කේක් වගේම ඥාතීන්, හිත මිතුරන් ඔබේ නිවෙසට ගෙන එන කේක් වර්ග ශීතකරණයේ තැබීම බොහෝ දෙනෙක් සිදු කරයි. නමුත් මෙය කිසිසේත්ම නොකළ යුතු දෙයකි. අයිසිං කේක් වර්ග ශීතකරණය තුළ තැබීමෙන් එම කේක් එකෙහි ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. මේවා බොහෝ විට බටර් අයිසිං මඟින් ආවරණයකර ඇති නිසා සාමාන්‍ය

උෂ්ණත්වයෙන් තැබිය යුතුයි. සාමාන්‍යයෙන් ශීතකරණයක් තුළ තැබිය යුත්තේ ගැටෝ වර්ග පමණි. එය ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. කේක් එකක් බටර් අයිසිං මඟින් ආවරණයකර ඉතිරිවන අයිසිං ඔබ ශීතකරණයේ තබනවා නම් එහි සිසිල් බව අඩුකර සාමාන්‍ය ප්‍රමාණයෙන් තබා ගත යුතුයි. එවිට සති දෙකක් පමණ තබා ගත හැකියි.

 

බටර් අයිසිං සාදා ගැනීමේදී ඔබට ගැටලුවක් ඇතිවුවහොත් 0718114214 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකිය.

 

 

උපදෙස් -

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

4817 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 02, අඟහරුවාදා 09:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න