තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 අගෝස්තු 08, සඳුදා 15:16

මල් මංගල්ලෙට සොඳුරු කේක් නිමැවුම් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
මංගල උත්සවයකදී මංගල කේක් ආකෘතියටත් විශේෂ තැනක් තියෙනවා.ඒ නිසාම හැමෝම වෙහෙසෙන්නේ තමන් සිත්ගත් අයුරින් ලස්සනට කේක් එක නිර්මාණය කරගන්නයි. බලන්න, රෝස, ඕකිඩ් සහ බේබි ස්බ්‍රෙත් මල්වලින් හරි අපූරුවට හැඩකරලා තියෙනවා. මේ කේක් නිර්මාණය ඒ සඳහා කදිම තෝරාගැනීමක් නොවේද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

අඟල් 36x3 ප්‍රමාණයේ රවුම්

හැඩැති බේස් බෝඩ් එකක්

අඟල් 24x5 විශ්කම්භය සහිත

ඩමි එකක්

අඟල් 18x5 විශ්කම්භය සහිත

ඩමි එකක්

අඟල් 14 ක විශ්කම්භය

සහිත ෂඩාස්‍ර ආකාරයට

සාදාගත් බේස් බෝඩ්එකක්

ෂඩාස්‍ර ආකාරයට සැකසූ

අඟල් 12 ක් උස

ස්ටෑන්ඩ් එකක්

අඟල් 12 x5 ප්‍රමාණයේ

රවුම් ඩමි එකක්

බාස්කට් ආකාරයට සැකසූ

අඟල් 10x8 ක් උස ඩමි එකක්

බාස්කට් ආකාරයට සැකසූ

අඟල් 7x8 උස ඩමි එකක්

අයිවරි වර්ණ ෆොන්ඩන්ඩ් අයිසිං

රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

 

සාදන ක්‍රමය

මෙහිදී පළමුව බේස් කොටස් සහ ඩමී කොටස් සියල්ලම අයිවරි වර්ණ ෆොන්ඩන්ඩ් අයිසිං මඟින් ආවරණය කරගන්න. පසුව මෙම ඩමි වටා රිබන් කොටස් අලවන්න. බේස් කොටස් මත ලියවැල් මෝස්තරයක් යොදා ගන්න. ඒ මත රෝයල් අයිසිං මඟින් මල් කටරයකින් කපාගත් මල් ටූල්කර අලවා ගන්න. දෙවැනි තට්ටුව වටාද ඉහත කටරයෙන් කපාගත් මල් ළඟින් ළඟින් අලවා ගන්න. මල් මැදට සුදු ස්ටෝන්ස් අලවන්න. තෙවැනි රවුම වටා නැවතත් ලියවැල් මෝස්තරයක් දමා ටූල් කරගත් මල් අලවාගන්න. එම රවුම උඩින් ෂඩාස්‍ර හැඩැති බේස් බෝඩ් එක තබන්න. දැන් එයට ස්ටෑන්ඩ් එක රඳවා එයට ඉහළින් සිව්වැනි තට්ටුව තබන්න. එය වටා මල්කටරය මඟින් කපාගත් මල් ළඟින් ළඟින් අලවා මල් මැදට සුදු ස්ටෝන්ස් අලවන්න.

පස්වැනි තට්ටුව සඳහා ලියවැල් මෝස්තරයක් දමා එහි මැදින් ටූල් කරගත් මල් අලවන්න. මල් මැදට ස්ටෝන්ස් අලවන්න. හයවැනි තට්ටුව ද මේ ආකාරයටම සකසා ගන්න.

දැන් මෙම තට්ටුව උඩින් පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝස, ඕකිඩ් මල් සහ පොහොට්ටු ද කොළ ද එකතුකර බන්ච් එකක් ආකාරයට රඳවන්න. ඉන්පසු ඡායාරූපයේ දැක්වෙන පරිදි අනෙක් ඩමි වටා ද සාදාගත් මල් පොහොට්ටු සහ කොළ තබා අලංකාර කරගන්න.

 උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

ඡායා – ශාන් රඹුක්වැල්ල

5732 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 08, සඳුදා 15:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න