තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 අගෝස්තු 23, අඟහරුවාදා 14:11

සුන්දර මතක සැමරුමකට මංගල කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
පුන්කලස කේක් එකට ගෙනෙන ලස්සන උඩරට සම්ප්‍රදායට අනුකූලව විවාහ මංගල්‍යයට සැරසෙන මනාල යුවළකටයි මේ මංගල කේක් ආකෘතිය. සෞභාග්‍යයේ සංකේතය වන පුන්කලස් යොදාගෙන මෙම කේක් ආකෘතිය නිර්මාණය කරඇති නිසා වටිනාකමත් ඉහළයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 22x22 ප්‍රමාණයේ අඟල් 4 ක් උස හතරැස් ඩමි එකක්

අඟල් 18x18 ප්‍රමාණයේ අඟල් 6 ක් උස හතරැස් ඩමි එකක්

අඟල් 12 ක විශ්කම්භය සහිත අඟල් 6 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 10 ක විශ්කම්භය සහිත අඟල් 6 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 8 ක විශ්කම්භය සහිත අඟල් 10 ක් උස රවුම් ඩමි එකක්

අඟලක් උස බේස්බෝඩ් එකක්

රන්වන් පැහැති පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් පුන්කලස් 5 ක්

රෝයල් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

නිර්මාණය කිරීම

පළමුවෙන්ම මෙම ඩමි සියල්ලම ඇත්දළ පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු ගෝල්ඩ් පැහැති පාච්මන්ට් අයිසිං තුනීකර ඡායාරූපයේ දැක්වෙන පරිදි කාඩ්බෝඩ් එකක් මත පලාපෙති මෝස්තරයක් ඇඳ කපා එය තුනී කරගත් පාච්මන්ට් අයිසිං මත තබා කපාගන්න. මේ සඳහා එවැනි පලාපෙති ප්‍රමාණ කිහිපයකින් කපාගත යුතුයි. පසුව එය ඡායාරූපයේ දැක්වෙන පරිදි ඩමි වටේට අලවා ගන්න. ඒ අතර ළා ක්‍රීම් පැහැති රෝයල් අයිසිං නොම්බර 03 නොසලයට දමා ලියවැල් මෝස්තර දමාගන්න. ඉන්පසු පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් පුන්කලස් හතරක් ගෙන ඡායාරූපයේ දැක්වෙන පරිදි දෙවැනි සහ තෙවැනි ඩමි ළඟින් තබාගන්න. එයට වඩා තරමක් විශාලව සාදාගත් තවත් පුන්කලසක් කේක් එකෙහි ඉහළින්ම තබන්න. පසුව පාච්මන්ට් අයිසිං මඟින්ම සාදාගත් රෝස පොහොට්ටු, අරලිය මල්, ස්පෙනොටිස් මල් සාදා පුන්කලස් මත තබා සරසා ගන්න.

 

 


    පීකොක් බ්ලූ පැහැය තේමාව නම්...

 මොනරාගේ හැඩය වගේම මොනරාගේ පැහැය තේමා කරගත් විවාහ මංගල්‍යයකටයි මේ කේක් ආකෘතිය.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 24x24 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

ඟල් 20x20 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 18x18 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 12x12 ප්‍රමාණයේ හතරැස් ඩමියක්

අඟල් 10x10 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 8ය8 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

පාච්මන්ට් අයිසිං

රෝයල් අයිසිං

ඇත්දළ පැහැති ෆොන්ඩන්ට් අයිසිං

 නිර්මාණය කිරීම

පළමුවෙන්ම මෙම ඩමි සියල්ලම ඇත්දළ පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු සෑම ඩමියක් වටාම රන් පැහැය සහ රිදී පැහැය මිශ්‍ර සීකුවින්ස් පටි අලවා ගන්න. දැන් නොම්බර 08 නොසලයට රෝයල් අයිසිං දමා සෑම ඩමියක් වටාම ගාලන්ඩ් හැඩතලය දමාගන්න. ඉන්පසු මොනර පිල්වල හැඩය කාඩ්බෝඩ් එකකින් කපා එය තුනී කරගත් පාච්මන්ට් අයිසිං මත තබා කපාගන්න. මොනර පිලේ වර්ණය ලබාගැනීම සඳහා කේක් වර්ණ ගන්වන වර්ණකයන් වන පීකොක් බ්ලු වර්ණය ගෙන පාච්මන්ට් අයිසිං මඟින් කපාගත් මොනර පිල්වල ස්ප්‍රේ කරන්න.

පසුව මේවා වේළෙන්නට තබන්න. දැන් පාච්මන්ට් අයිසිං මඟින්ම මොනරාගේ කද කොටස සාදා එයටද පීකොක් බ්ලු වර්ණය ස්ප්‍රේ කරන්න.

ඉන්පසු ඉහළම ඩමිය මත සාදාගත් මොනරාගේ කඳ කොටස රඳවා මොනර පිල් කම්බි ආධාරයෙන් පිටතට නොපෙනෙන පරිදි මොනරාට සවිකරන්න. පහළින් ඇති ඩමි දෙක වටාද මොනර පිල් සවිකරන්න.

මෙම ඩමි පිළිවෙලට තබාගැනීමේදී තෙවැනි ඩමිය ඉහළින් අඟල් 3 ක් පමණ උස සෘජිෆෝම් කොටසක් තබාගන්න. ඒ වටාද සීකුවින්ස් පටියක් අලවා ගන්න. දැන් එම කොටස උඩින් අනෙක් ඩමි තුන තබාගත යුතුයි.

  ඡායා - ශාන් රඹුක්වැල්ල

 

මෙම කේක් නිර්මාණය කරගැනීමේදී ඔබටත් ගැටලුවක් ඇතිවුවහොත් 011-2820801 සහ 077-9600469 අංක අමතා තොරතුරු ලබාගත හැකියි.

5279 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 23, අඟහරුවාදා 14:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න