තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 සැප්තැම්බර් 05, සඳුදා 13:58

විවාහ ගිවිස ගැනීමට... විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
විවාහ ගිවිස ගැනීමේ උත්සවයකට වගේම දෙවැනි ගමනට සරල කේක් ආකෘතියක් තෝරා ගන්න හිතන ඔබට වඩාත් සුදුසු කේක් නිර්මාණයකි මේ.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:

රාත්තල් දෙකක රවුම් කේක් දෙකක්

රාත්තල් එකක රවුම් කේක් දෙකක්

රතු පැහැති ෆොන්ඩන්ඩ් අයිසිං

නිල් පැහැති රෝයල් අයිසිං

පාච්මන්ට් අයිසිං

සුදු පබළු කීපයක්

සිල්වර් පැහැති අඟලේ රිබන් පටියක්

සෘජිෆෝම් බේස්බෝඩ් එකක්

 සාදන ක්‍රමය:

පළමුවෙන්ම බේස් බෝඩ් එක ගෙන රතු පැහැති ෆොන්ඩන්ට් අයිසිං මගින් ආවරණය කරගන්න. ඉන්පසු රාත්තල් දෙකක ප්‍රමාණයට සාදාගත් කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. දැන් එය රතු පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. පසුව රාත්තලක ප්‍රමාණයට සාදාගත් කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරන්න. එයද රතු පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණයකර මේ කේක් දෙකම බේස්බෝඩ් එක මත තබන්න.

දැන් කේක් දෙකෙහිම යටින් සහ බේස්බෝඩ් එක වටේට සිල්වර් රිබන් පටි අලවාගන්න. ඉන්පසු යටින් ඇති කේක් එක හැඩ කරගත යුතුයි. ඒ සඳහා නොම්බර 02 නොසලයට නිල් පැහැති රෝයල් අයිසිං දමා ඡායාරූපයේ දැක්වෙන පරිදි හැඩ කරගන්න.

ඉහතින් ඇති කේක් එක වටේට පබළු අලවා ඒ වටේට රෝයල් අයිසිං රවුමක් දමන්න.

පසුව පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් මල්, කොළ සහ පොහොට්ටු පොකුරු ආකාරයට සාදා කේක් එකෙහි ඉහළින් සහ අනෙක් කේක් දෙකෙහි දෙපසින් තබා සරසා ගන්න.

5561 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 සැප්තැම්බර් 05, සඳුදා 14:03
අදහස් එක් කිරීමට ලොග් වෙන්න