තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 සැප්තැම්බර් 13, අඟහරුවාදා 14:36

චොකලට් කේක් හදමු

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
කේක් නිර්මාණ කලාව දැන සිටීම රන් ආභරණයක් පැලඳ සිටිනවා වගේ දෙයක්. ඒ ඔබගේ හැකියාව ඔබට බොහෝ වටිනාකම් ලබාදෙනනිසාවෙනි. 

 

ඒ නිසාම චොකලට් කේක් එකක් අයිසිං කරගන්නා ආකාරය අද ඔබට පහදා දෙනවා. මේ පිළිබඳ මෙතෙක් ඔබ නොදැන සිටියා නම් මෙය ඔබට වටිනා තිළිණයක් වේවි.

අයිසිං කරගැනීමට පෙර අපි මුලින්ම චොකලට් කේක් එකක් නිවැරැදි ලෙස සාදා ගන්නා ආකාරය ඉගෙන ගනිමු.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -

බටර් ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

වැනිලා තේ හැඳි 2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

චොකලට් පවුඩර් මේස හැඳි 2 ක්

ආප්ප සෝඩා තේ හැඳි 1/2 ක්

ක්‍රීම් ඔෆ් ටාටර් තේ හැඳි 1/4 ක්

සාදන ක්‍රමය -

පළමුව සීනි බිත්තර බටර් එකට බීට් කරගන්න. කේක් එක තද චොකලට් වර්ණ විය යුතු නම් බටර් මිශ්‍රණයට චොකලට් පවුඩර් මේස හැන්දක් එකතු කරන්න. ඉන්පසු පාන් පිටිවලට බේකිං පවුඩර්, ආප්ප සෝඩා, ක්‍රීම් ඔෆ් ටාටර් සහ චොකලට් පවුඩර් මේස හැන්ද බැගින් එකතුකර තෙවරක් හළාගන්න.

දැන් මෙය බටර් මිශ්‍රණයට දමා එක් පැත්තකට කලවම් කරන්න. පසුව ඔයිල් පේපර් දමා බටර් තවරාගත් තැටියකට මෙම මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් විනාඩි 10 ක් පමණ රත්කර පසුව කේක් තැටිය දමා තවත් විනාඩි 35 ක් පමණ බේක් කරගන්න.

 

කේක් එක හොඳින් බේක්වුණු පසු අවන් එකෙන් පිටතට ගෙන පැය තුනක් පමණ වේළෙන්නට තබන්න. පසුව මෙය අයිසිං කරගත යුතුයි. චොක්ලට අයිසිං සාදාගැනීම සඳහා,

බටර්

අයිසිං සීනි

වැනිලා ස්වල්පයක්

චොකලට් පවුඩර්

ඉහත සඳහන් ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මේ සඳහා ඔබට අවශ්‍ය නම් බ්‍රැන්ඩි මේස හැන්දක් පමණ භාවිත කළ හැකියි.

ඉන්පසු මේ සියල්ලම බඳුනකට දමා හොඳින් බීට් කරගන්න.

දැන් හොඳින් නිවුණු කේක් එක ගෙන ඒ මත චොකලට් අයිසිං තවරාගන්න. ඔබට මෙය සැන්ඩ්විච් කරගැනීමට අවශ්‍ය නම් අයිසිං කිරිමට පෙර කේක් එක දෙකට කපා අයිසිං ස්වල්පයක් තවරා එකමත එක තබාගන්න. දැන් වටේටම ඔබ සාදාගත් අයිසිංවලින් ආවරණය කරගන්න.

 

චොකලට් අයිසිං සාදාගැනීමේදී ඔබට ගැටලුවක් ඇතිවුවහොත් 071-8114214 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකිය.

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

6567 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න