තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 සැප්තැම්බර් 22, බ්‍රහස්පතින්දා 10:14

මංගල සිරි පිරි කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
දැන් දැන් විවාහ සංවත්සර උත්සවාකාරයෙන් ගන්න එකත් ප්‍රවණතාවක් බවට පත් වෙලා. ඉතින් ඔබත් විවාහ සංවත්සරය සමරන්නට සූදානම් වෙනවා කියන්නේ ඒ සඳහා කේක් එකකුත් අවශ්‍යම වෙනවා.

 

එසේ නම් අද අප ඔබ වෙත තිළිණ කරන මේ කේක් පෙළ හෙට දින විවාහ සංවත්සරය සමරන්නට සූදානම් වන ඔබ වෙනුවෙන්මයි.

මෙවැනි කේක් නිර්මාණයක් සාදා ගැනීම සඳහා ඔබට කේක් කිලෝ දෙකක් පමණ අවශ්‍ය වේ. මෙම හදවත් හැඩතලය ලබා ගැනීමට රවුම් කේක් එකක් එම හැඩයට කපා ගැනීමෙන් හෝ එවැනි හැඩතලයක් සහිත තැටියකට කේක් මිශ්‍රණය දමා බේක්කර ගැනීමෙන් ද පුළුවනි.

ඉන්පසු එසේ සාදා ගත් කේක් එක දෙකට කපා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. පසුව සම්පූර්ණ කේක් එක වටා බටර් අයිසිං තවරා ගන්න. දැන් ඊට උඩින් ඔබට කැමැති වර්ණයක ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු ඊට ගැළපෙන වර්ණය ෆොන්ඩන්ට් අයිසිං සහ පාව්මන්ට් අයිසිං භාවිතකර හදවත් හැඩතල රෝස මල්, ටෙඩිබෙයාර්ස් වැනි සතුන් ද සාදා අලවන්න.

සුදු පැහැති ලියවැල් මෝස්තරයක් සහිත කේක් එක හැඩගැන්වීම සඳහා නොම්බර 01, 02, 03, 04, 05 යන නොසල්වලින් එකක් භාවිත කළ හැකිය. එයට අමතරව හදවත් හැඩතල වටා සීකුවින්ස් පටි, රිබන් පටි වැනි දෑ අලවා ගත හැකිය. නැතිනම් ෆොන්ඩන්ට් අයිසිං භාවිතකර කුඩා මල් මෝස්තර දමාගත හැකිය.

ඉන්පසු කේක් එක මත හෝ බේස්බෝඩ් එක මත ඔබේ සුබපැතුම ලියා දැක්විය හැකිය.

මෙහි තට්ටු දෙකකින් සමන්විත කේක් එක සාදා ගැනීමේදී හදවත් හැඩතල කේක් දෙකක් අවශ්‍ය වේ. ඉන්පසු එම කේක් දෙකම සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණයකර ඉහළින් ඇති කේක් එක වටා දම් පැහැති ලේස් පටියක් අලවා ගන්න. පහතින් ඇති කේක් එක වටා රතු පාටින් ෆොන්ඩන්ට් අයිසිං මඟින් සාදා කපාගත් හදවත් හැඩතල කීපයක් අලවන්න. කේක් එකෙහි පහළින් රතු පැහැති ෆොන්ඩන්ට් අයිසිං බෝල කීපයක් සාදා අලවන්න. බේස්බෝඩ් එක වටා ද හදවත් හැඩතල කීපයක් කපා අලවන්න. කේක් එකෙහි ඉහළින් වෙළඳ පොළෙන් ලබාගත් රෝස මල් සහිත හදවත් හැඩතල දෙකක් අලවා ගන්න.

 

 

6219 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 සැප්තැම්බර් 22, බ්‍රහස්පතින්දා 10:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න