තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ඔක්තෝබර් 11, අඟහරුවාදා 09:49

මංගල ගමනට සොඳුරු කේක් නිමැවුම් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සරල සුන්දර විවාහ මංගල්ලයක සිහිනය දකින ඔබටයි මේ ආකර්ෂණීය කේක් නිර්මාණ දෙක. මංගල දිනයටත් දෙවැනි දිනයටත් ගැළපෙන ලෙස නිමවා ඇති නිසා කැමැති නම් කේක් දෙකම වුණත් තෝරාගන්න පුළුවනි.

 

ඕපන් රෝස මල් නිසා ලස්සන වැඩියි

රක්ත වර්ණ ඕපන් රෝස මලින් හැඩවුණු කේක් ආකෘතිය දෙවැනි දිනයට හරිම අපූරුයි. චාම් බවත් සරල බවත් එක්තැන් කරගනිමින් සිදුකරන මංගල්‍යකට මෙය කදිමට ගැළපේවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 18 ක විශ්කම්භය සහිත

අඟල් 6 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 14 ක විශ්කම්භය සහිත

අඟල් 6 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 12 ක විශ්කම්භය සහිත

අඟල් 6 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 22 ක විශ්කම්භය සහිත

සෘජිෆෝම් බේස්බෝඩ්එකක්

ගෝල්ඩ් පැහැති සීකුවින්ස් පටි

පබළු ලේස් පටි

ෆැලට් නයිෆ් (පැතලි පිහියක්)

රතු සහ සුදු වර්ණ පබළු

පාච්මන්ට් අයිසිං

රෝයල් අයිසිං

සාදන ක්‍රමය:

පළමුව මෙම ඩමි තුනම රෝයල් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු බේස්බෝඩ් එක වටේට ගෝල්ඩ් සීකුවින්ස් පටිය අලවන්න. දැන් ඒ මත පිළිවෙළින් ඩමි තුන තබාගන්න. ඉන්පසු මේ එක් එක් ඩමි වටා නැවතත් රෝයල් අයිසිං තවරා පසුව ෆැලට් නයිෆ් එකක් ආධාරයෙන් කේක් එක සූරන ආකාරයට මෝස්තරයක් දමාගන්න. මේ ආකාරයට ඩමි තුනම සාදාගන්න.පසුව මෙම ඩමි තුන වටාම

අඟල් 1 1/2 ක් පළල පබළු ලේස් පටි අලවන්න.

දැන් උඩම තට්ටුවේ වටේට රතු පැහැති පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් බෝල පේළියක් රඳවන්න. ඒ අතරට තැනින් තැන මුතු ඇට පේළියක් දමන්න. පසුව කේක් එකෙහි ඉහළින් වෙළෙඳ පොළෙන් ලබාගත් රතු සහ සුදු පැහැති පබළු වැල් රඳවන්න. එයට ඉහළින් මිස්ට් ඇන්ඩ් මිසිස් ලෙස සඳහන් ඕනමන්ට් එකක් රඳවාගත හැකියි.

උඩරට ක්‍රමයට හැඩවෙන ඔබට

උඩරට ක්‍රමයට හැඩවෙන මනාල යුවළකටයි මේ මංගල කේක් ආකෘතිය. බිස්කට්, ළා කහ වැනි වර්ණවලින් ඔසරිය අඳින ඔබට මේ වර්ණත් හොඳින්ම ගැළපෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 22x22 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 20x20 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 18x18 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 16x16 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 12x12 ප්‍රමාණයේ හතරැස් ඩමි එකක්

අඟල් 24x24 ප්‍රමාණයේ සෘජිෆෝම් බේස්බෝඩ් එකක්

අඟල් 26x26 ප්‍රමාණයේ සෘජිෆෝම් බේස්බෝඩ් එකක්

සීකුවින්ස් පටි - පාච්මන්ට් අයිසිං

රෝයල් අයිසිං

නිර්මාණය කිරීම:

පළමුවෙන්ම මෙම ඩමි සියල්ලම ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු මෙම ඩමි වටා රන් සහ රිදී පැහැය මිශ්‍ර සීකුවින්ස් පටි අලවන්න. දැන් නොම්බර 08 නොසලයට රෝයල් අයිසිං දමා සෑම ඩමියක් වටාම ගාලන්ඩ් හැඩතලය දමාගන්න. ඉන්පසු කොළ දමන නොසල් එකක් භාවිතකර ගාලන්ඩ් හැඩතල දෙකක් අතරට කොළ දමාගන්න.

පසුව පාච්මන්ට් අයිසිං මඟින් කටර් එකක් ආකාරයට ලිය වැලක මෝස්තරය කපා එයට දුඹුරු වර්ණ කලරිං ආලේප කරන්න. දැන් එම පටි ද ඡායාරූපයේ දැක්වෙන ආකාරයට තෙවැනි ඩමිය හැර අනෙක් ඩමි වටා අලවා ගන්න. ඉන්පසු බේස්බෝඩ් එක උඩින් ඩමි දෙකක් තබා එයට උඩින් අනෙක් බේස්බෝඩ් එක තබා ඒ මත අනෙක් ඩමි තබාගන්න. ඉහළින්ම ඇති ඩමිය උඩින් මැජෙන්ටා සහ රෝස වර්ණ පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝස මල් රඳවන්න.

ඡායා - ශාන් රඹුක්වැල්ල

 මෙම කේක් නිර්මාණ සාදා ගැනීමේදී ගැටලුවක් ඇති වුවහොත් 011-2820801 සහ 077-9600496 අංක අමතා තොරතුරු ලබාගත හැකිය.

 උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

 දීපිකා ගුණසේකර

5558 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 11, අඟහරුවාදා 09:52
මේ යටතේ එන අනෙකුත් ලිපි: « මංගල සිරි පිරි කේක් R.L. Clement »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න