තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 ඔක්තෝබර් 25, අඟහරුවාදා 11:37

මංගල සැමරුම කලඑළි කරන කේක් නිර්මාණ

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
වර්ණවත් මල් කොමළියන්ගෙන් හැඩවුණු සුදු පැහැති කේක් නිර්මාණය විවාහ ගිවිස ගැනීමකට නම් හරිම අපූරුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

* අඟල් 14 ක විශ්කම්භය සහිත රවුම් බේස්බෝඩ් එකක්

* අඟල් 12 ක විශ්කම්භය සහිත අඟල් 5 ක් උස රවුම් ඩමි එකක්

* අඟල් 10 ක විශ්කම්භය සහිත අඟල් 8 ක් උස රවුම් ඩමි එකක්

* ගෝල්ඩ් පැහැති අඟලේ රිබන් පටියක්

* ෆොන්ඩන්ට් අයිසිං

* පාච්මන්ට් අයිසිං

 සාදන ක්‍රමය:

පළමුව බේස්බෝඩ් එක සුදු ෆොන්ඩන්ට් මඟින් ආවරණය කරන්න. මෙහි ඇති ලොකු ඩමිය ගෙන සුදු ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගන්න.

ඉන්පසු අනෙක් ඩමියගෙන එයද සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. දැන් මේ ඩමි දෙකෙහිම යටින් ගෝල්ඩ් රිබන් පටියක් අලවන්න. ඉන්පසු රෝස, ගාඩ්නියා මල් සහ පොහොට්ටු පාච්මන්ට් අයිසිං මගින් සාදා බන්ච් එකක් ආකාරයට එකතුකර කේක් එකෙහි දැක්වෙන ආකාරයට අලවා ගන්න. මෙහි ඇති කොළ කටර් එකක් මඟින් පාච්මන්ට් අයිසිංවලින් කපා ගෝල්ඩ් වර්ණය ස්ප්‍රේකර අලවා ගන්න. ඉහළින්ම ඇති ඩමිය වටා ගෝල්ඩ් බීඩ්ස් කීපයක් අලවාගන්න.

රතු රෝස මලකින් හැඩවුණු කේක් නිර්මාණය දෙවැනි දිනය වෙනුවෙන්මයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 18 විශ්කම්භය සහිත බේස්බෝඩ් එකක්

අඟල් 16 විශ්කම්භය සහිත අඟල් 6 ක් උස රවුම් ඩමි එකක්

අඟල් 10 විශ්කම්භය සහිත අඟල් 8 ක් උස රවුම් ඩමි එකක්

පාච්මන්ට් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

 සාදන ක්‍රමය:

පළමුවෙන්ම බේස්බෝඩ් එක සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. පසුව එහි යටින් සුදු රිබන් පටියක් අලවන්න. දැන් අඟල් 16 විශ්කම්භය සහිත රවුම් ඩමියගෙන එය සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. එම ඩමියේ යටින් ජිෆියෝලේස් හැඩයට මෝල්ඩ් එකක් යොදා ගනිමින් ෆොන්ඩන්ට් අයිසිං මඟින් කපා ගෝල්ඩ් වර්ණය ස්ප්‍රේ කරගන්න. ඉන්පසු එසේ සාදාගත් මෝස්තර කීපයක් දියකරගත් ජෙලටින් ආධාරයෙන් ඩමිය වටා අලවා ගන්න. දැන් අනෙක් ඩමිය ද සුදු ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. එහි එක් පැත්තකට ගෝල්ඩ් වර්ණය ස්ප්‍රේ කරගන්න. පසුව කොළ කපන කටරයක් භාවිතකර පාච්මන්ට් අයිසිං මඟින් කොළ කපා ගෝල්ඩ් වර්ණය ස්ප්‍රේ කරගන්න.පාච්මන්ට් අයිසිං මඟින්ම දිගටි තීරු කීපයක් කපා එයටද ගෝල්ඩ් වර්ණය ස්ප්‍රේ කරන්න. රතු වර්ණ පාච්මන්ට් අයිසිං මඟින් රතු රෝස මලක් ද සාදා ගන්න.

දැන් ඡායාරූපයේ දැක්වෙන පරිදි මල සහ කොළ ද බෝ එකද කේක් එක මත රඳවාගන්න.

  උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

රේණුකා උඩවත්ත

4070 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 25, අඟහරුවාදා 11:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න