තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 නොවැම්බර් 08, අඟහරුවාදා 11:10

අගයෙන් වැඩි පෙනුමෙන් වැඩි අලංකාර කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(2 මනාප)
මල් මංගල්ලෙට නැකැත් හදාගෙන අම්මා ආවේ සතුටින්. ඒ වුණාට විනුදිට නම් වැඩ ගොඩයි. හිතන්න දේවල් වැඩියි. එයාට තාම කේක් නිර්මාණය ගැන හිතාගන්නත් බැහැලු. ඒ හින්දා අපෙන් සහයක් ඉල්ලුවා.

 

 

“මම අඳින්න හිතාගෙන ඉන්නෙ පහත රට ක්‍රමයට සාරියක්. බේජ් කලර් එක තමයි මට මැච් වෙන්නේ. යෙහෙළියන්ට නිල්, මෙරුන්, තැඹිලි වගේ වර්ණවලින් එකක් තෝරාගන්නවා. මගේ තීම් එක ‘මුතු’ මේ හැමදේටම ගැළපෙන්න සරල ඒත් ලස්සන කේක් නිර්මාණයන් පිළිබඳ අදහසක් දෙන්නකෝ.”

ඒ නිසාම මේ කේක් නිර්මාණ අප විනුදි වෙනුවෙන් තිළිණ කරනවා. බලන්න, ඔයාලටත් මේ නිර්මාණ ගැළපෙනවාද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 5x8 රවුම් ඩමි එකක්

අඟල් 5x12 රවුම් ඩමි එකක්

අඟල් 5x14 රවුම් ඩමි එකක්

අඟල් 1x20 ප්‍රමාණයේ බේස්බෝඩ් එකක්

ෆොන්ඩන්ට් අයිසිං - පාච්මන්ට් අයිසිං

රිබන්

සාරි ඇඳීමේදී යොදා ගන්නා සිල්වර් බ්‍රෝච් එකක්

සාදන ක්‍රමය

පළමුව මෙම ඩමි තුන සහ බේස්බෝඩ් එක සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු ඡායාරූපයේ දැක්වෙන පරිදි බේස්බෝඩ් එක උඩින් ඩමි සියල්ල තබා ගන්න. පසුව ඩමි වටා රිබන් පටියක් අලවන්න.

දැන් නොම්බර 05 නොසලයට රෝයල් අයිසිං දමා ඩමි වටා ඩොට්ස් දමාගන්න. දෙවැනි ඩමියෙහි පැත්තකින් රිබන් පටියක් මඟින් බෝ එකක් සාදා අලවා ගන්න. එහි මැදට සිල්වර් බ්‍රෝච් එකක් අලවන්න.

දැන් පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝසමල් සහ කුඩා ගෙඩි කීපයක් කේක් එකෙහි ඉහළින් තබා සරසා ගන්න.

මෙහි ඇති අනෙක් කේක් නිර්මාණය මෙරුන් සහ සුදු රෝස මලින් සරසා ඇත. ඒ සඳහා අඟල් 5ය8, 5ය12, 5ය14 ප්‍රමාණයට ඩමි අවශ්‍ය වේ. එසේම අඟල් 18 ප්‍රමාණයේ බේස්බෝඩ් එකක් ද අවශ්‍ය වේ.

පර්ල් වැල්, රිබන් පටි සහ ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසිං ද අවශ්‍යයි.

පළමුව ඩමි තුන ක්‍රීම් ෆොන්ඩන්ට්වලින් ආවරණය කරගෙන ඒ වටා සහ බේස්බෝඩ් එක වටා රිබන් පටියක් අලවන්න. ඉන්පසු ඡායාරූපයේ දැක්වෙන පරිදි පර්ල්ස් වැල් භාවිතකර පළමු ඩමි දෙක වටා මෝස්තරයක් දමා ගන්න.

දැන් පහළින් ඇති ඩමියට ෆොන්ඩන්ට් අයිසිං භාවිත කරමින් ටූල් එකක් හෝ මෝල්ඩ් එකක් භාවිතකර මෝස්තරයක් දමාගන්න.

ඉහළින් පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝස මල් සහ හයිඩ්‍රින්ජියා මල් කීපයක් සාදා අලවන්න.

මෙහි ඇති අනෙක් කේක් එකද ඒ ආකාරයෙන් සාදාගෙන ඇත.

   

උපදෙස් - නදී කේක් ක්‍රියේෂන්හි

නදීකා දිල්රුක්ෂි

5777 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 08, අඟහරුවාදා 11:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න