තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 නොවැම්බර් 21, සඳුදා 14:21

විවාහ ගිවිසගන්න දා කේක් එකට මොනර යුවළක් විශේෂාංග

ලිව්වේ  දුෂාන්ති මදනායක
අගයන්න
(0 මනාප)
විවාහ ගිවිස ගැනීමේ උත්සවයකට හොඳින්ම ගැළපෙන කේක් නිර්මාණයකි. කොටයක් උඩ වසා සිටින මොනර ජෝඩුවකගේ රැවින් හැඩවෙන නිසා මෙය විවාහ ගිවිසගැනීමේ උත්සවයට ආකර්ෂණයක් ගෙනදේවි.

 

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

බටර් කේක් රාත්තල් 10 ක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

 බටර් කේක් සාදා ගැනීම සඳහා

බටර් කිලෝ එකක්

සීනි කිලෝ එකක්

පිටි කිලෝ එකක්

ඩුම් ඩුම් බේකිං පවුඩර් තේ හැඳි 10 ක්

ඩුම් ඩුම් වැනිලා පවුඩර් තේ හැඳි 5 ක්

බිත්තර 20 ක්

කිරිපිටි තේ හැඳි 10 ක්

 සාදන ක්‍රමය

දැන් ඉහත සඳහන් සියල්ල මිශ්‍රකර ගනිමින් පෙර කියාදී ඇති ආකාරයට කේක් මිශ්‍රණය සාදාගන්න. පසුව අඟල් 6 විශ්කම්භය සහිත තැටි තුනකට සහ අඟල් 8 විශ්කම්භය සහිත තැටි තුනකට කේක් හයක් වන පරිදි මිශ්‍රණය දමාගන්න.

පසුව සෙල්සියස් අංශක 150 ක උෂ්ණත්වයෙන් විනාඩි 45 ක් පමණ බේක් කරගන්න.

දැන් බටර් ග්‍රෑම් 500 ක්, ඩුම් ඩුම් අයිසිං සීනි කිලෝ 1 1/2 ක් පමණ සහ ඩුම් ඩුම් වැනිලා පවුඩර් තේ හැඳි 2 ක් එකතුකර බටර් අයිසිං සාදාගන්න.

ඉන්පසු ඩුම් ඩුම් අයිසිං සීනි කිලෝ එකක්, ඩුම් ඩුම් ජෙලටින් මේස හැන්දක් ඩුම් ඩුම් ලික්විඩ් ග්ලූකෝස් අවුන්ස දෙකක්, බිත්තර සුදු මදයක්, බටර් තේ හැන්දක්, ඩුම් ඩුම් ආමන්ඩ් එසන්ස් තේ හැන්දක් මේ සියල්ල එකට එකතුකර පෙර කියාදී ඇති ආකාරයට ෆොන්ඩන්ට් අයිසිං සාදාගන්න.

දැන් කලින් සාදාගත් අඟල් අටේ විශ්කම්භය සහිත කේක් තුන සහ අඟල් හයේ විශ්කම්භය සහිත කේක් තුන ගෙන බර් අයිසිං දමා සැන්ඩ්විච් කරගන්න.

පසුව මේ කේක් දෙකම හොඳින් ස්මූත් කරගන්න. දැන් සම්පූර්ණ කේක් එක වටාම බටර් අයිසිං තවරන්න.

ඉන්පසු සාදාගත් ෆොන්ඩන්ඩ් අයිසිං ගෙන එයට

 

කෝන් ෆ්ලවර් මිශ්‍රකරගෙන රෝල් කරගන්න. පසුව මේ කේක් දෙක ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න.

පසුව ලී කොටයක ස්වරූපය එන පරිදි ටූත්පික් එකක් ආධාරයෙන් ඉරි ඇඳගන්න. හදවත හැඩය ද මෙලෙසම ඇඳගන්න. දැන් මේ කේක් දෙකම ඩුම් ඩුම් දුඹුරු පැහැ කලරිංවලින් ස්ප්‍රේ කරන්න. මොනරා සාදා ඇත්තේ ෆොන්ඩන්ට් අයිසිංවලිනි. මොනරාගේ පිහාටු සඳහා මොනර පිලෙහි හැඩයට නිල්, දම්, කොළ සහ ගෝල්ඩ් වර්ණයන් පෙති කපා එකමත එක තබා අලවාගන්න. මෙහි බේස්බෝඩ් එක අඟල් 15 ක විශ්කම්භය සහිතය. එයද ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න.

අවසානයේදී ගෝල්ඩ් එඩිබල් වර්ණය භාවිත කරමින් කේක් ආට් පෙයින්ට් බ්‍රස් එකක් මඟින් කේක් එකෙහි අවශ්‍ය තැන්වල සියුම්ව වර්ණ ගන්වාගන්න.

  

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

5159 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 21, සඳුදා 14:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න