තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 නොවැම්බර් 25, සිකුරාදා 09:32

නෙතු රැඳෙන මන බඳින විලාසිතා ලොව අතරමං නොවන්නට

ලිව්වේ  දිස්නා කුමාරි ද අල්විස්
අගයන්න
(0 මනාප)
ඇසිපිය සලන වේගයෙන් අලුත්වන විලාසිතා ඔබ දෑස් මානයේ තිබෙයි. මේ අනේක විධ විලාසිතා අතර ඔබ මොහොතක් නතර වී සිතා බලන්නේ, මෙය මට සුදුසුද? ගැළපේද? නොගැළපේද? යන්න නොවේ ද.... එලෙස ඔබට පැන නැගුණු දෙගිඩියාවට මේ සටහන අවසන නිබඳ විසඳුම් ලැබෙනු ඇත.

 

ඇඳුමක් තෝරාගැනීමේදී අප පොදුවේ විමලිසිමත් විය යුත්තේ අපේ උස, සමේ වර්ණය හා මහත පිළිබඳවයි.

එසේ සිතා බලා ඔබ මිලදී ගන්නා ඇඳුම් විලාසිතාව සැබැවින්ම ඔබ සතු ප්‍රතිරූපය වඩා සංවර්ධනය කරමින් සුවිශේෂී ලස්සනක් ඔබ වෙතින් දිස්වන්නට හේතු වෙනවා.

එසේම ඔබේ සිරුරේ ස්වභාවය යම් වෙනස්කමකින් යුතුව පෙනෙන්න සලස්වන්නත් ඔබේ ඇඳුම් පැලඳුම් ඇතුළු විලාසිතා වලට පුළුවන්.

ඒ අනුව මහත කාන්තාවක් සිහින් ස්වරූපයකින්ද සිහින් සිරුරක් මහත ස්වභාවයෙන්ද වෙනස් කර පෙන්විය හැකියි.

මහත කාන්තාවන් සඳහා ඔබේ සිරුරේ මහත ගතිය අඩුකර පෙන්වීමට වඩා සුදුසු වන්නේ විවිධ වර්ණවලින් යුතු විචිත්‍ර ඇඳුම්වලට වඩා තනිවර්ණයෙන් යුතු ඇඳුම්ය.

තද වර්ණ ඇඳුම් ඔබෙ සිරුරේ මහත අවමකර පෙන්වන අතර, දුඹුරු, රතු, මෙරුන් වර්ණය සහ තද කොළ පැහැය ඉන් සුවිශේෂයි.

විශාල මොස්තරවලින් යුතු ඇඳුම් ද තරබාරු සිරුරක් හිමි ඔබට නුසුදුසු අතර කුඩා මෝස්තර හා සිරස් අතට ඉරි ඇඳි ඇඳුම් තුළින් සිරුර සිහින් කොට පෙන්වීමට පුළුවන. මහත සිරුරක් හිමි ඔබ සාරියක් අඳින්නේ නම් ඉන් ඔබේ සිරුර සිහින් වී දිස්වේවි.

නමුත් සිරුර තව මහත් ලෙස පෙන්වන පිම්බෙන සුළු සාරි, කොට්න් සාරි වෙනුවට සිල්ක් රෙද්දෙන් නිර්මාණය වුණු සාරි තෝරා ගන්න.

ඔබට පැහැපත් සිරුරක් හිමි නම් කහ පැහැයෙන් අඩු අයෙක් නම් තද පැහැති වර්ණ භාවිත කිරීම යෝග්‍ය වේ. සාරිය මගින් සිරුර උස් හා සිහින්ව පෙන්වන නමුත් ඔසරියේ උස අඩුවී පෙනේ. සිහින් සිරුරක් හිමි කාන්තාවන් සඳහා සිහින් සිරුරක් හිමි ඔබට වඩා යෝග්‍ය ලා වර්ණයෙන් යුතු ඇඳුම් විලාසිතාය.

ඔබ ඇඳුම් සඳහා රෙදි තේරීමේදී ඝනකමින් යුතු රෙද්දෙන් නිර්මාණය කරන ලද ඇඳුම් භාවිතය වඩා උචිතයි.

සිහින් කුඩා සිරුරක් හිමි ඔබට විශාල මෝස්තර සහිත ඇඳුම් විලාසිතා නොගැළපෙන නමුත් ඔබට සිහින් උස සිරුරක් ඇත්නම් ඇඳුමේ මෝස්තරයේ ගැටලුවක් නැත.

උසින් අඩු කාන්තාවන්ට වර්ණ කිහිපයක් සංයෝජනය වූ ඇඳුම් වලට වඩා සුදුසු වන්නේ තනි වර්ණයෙන් ඇඳුම් භාවිතයයි. උසින් අඩු පෙනුම වැළැක්වීමට තනි වර්ණවලට හැකියාව තිබෙනවා.

දිළිසෙන වර්ණවලින් සිදුවන්නේද උස අඩුකර පෙන්වීමයි. උසින් අඩු ඔබ තෝරාගැනීමේදීද පිම්බෙන රෙද්ද වෙනුවට සැහැල්ලු බවින් යුතු චාම් රෙද්දෙන් යුතු සාරි විලාසිතා තෝරාගන්න. විශාල මෝස්තරවලින් යුතු ඒවා තෝරා නොගන්න වගබලාගන්න.

මහත බඳ පටි භාවිතය උස අඩුකරපෙන්වන නිසා සිහින් ඉණ පටි භාවිතය ඔබට වඩා යෝග්‍යයයි.

වඩා සිහින් වූ සිරුරක් ඔබට ඇත්නම් සිරුරට ඇලුණු හෝ එල්ලෙන සුළු ස්වභාවයේ ඇඳුම් ඔබට ගැළපෙන්නේ නැත.

විශාල ප්‍රමාණයේ ආභරණ හා ආභරණ විශාල ප්‍රමාණයක් පැලදීමද සිහින් සිරුරක් හිමි ඔබට නොගැළපෙන්නේ විශාල ප්‍රමාණයේ ආභරණ වැඩියෙන් කැපී පෙනෙන නිසයි.

මේ නිසා සරල චාම් ආභරණ සැමවිටම ඔබ තෝරාගන්න.

සිහින් සිරුරක් හිමි ඔබ උස කාන්තාවක් නොවේ නම් විශාල අත්බෑග් තෝරා නොගන්න. එමගින් සිදුවන්නේ ඔබේ සිරුරේ ප්‍රමාණය තවත් කුඩාකර පෙන්වීමයි.

සිහින් සිරුරක් හිමි ඔබේ පාවහන් සරල ස්වභාවයක් ගැනීම වැඩි සුන්දරත්වයකට හේතු වේ.

සමේ වර්ණය අනුව පැහැපත් කාන්තාවන්ට ඕනෑම වර්ණයක ඇඳුම් විලාසිතාවක් යෝග්‍යය.

සුදු පැහැයට හුරු දිප්තිමත් වර්ණ භාවිතය ඔබෙන් වැඩි සුන්දරත්වයක් දිස්වීමට හේතුවේ.

දවල් කාලයේ උත්සව ආදිය සඳහා සුදුවර්ණය යෝග්‍ය වුවද රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සව සඳහා සහභාගි වීමේදී තද වර්ණයේ විලාසිතා භාවිතය වැඩි අලංකාරයක් ගෙනදේ.

තලෙළු පැහැයෙන් යුතු කාන්තාවන්ට වඩා සුදුසු වන්නේ තද වර්ණයෙන් යුතු ඇඳුම් භාවිතයයි.

දම් රතු, තද නිල් කොළ වැනි වර්ණ මගින් ඔබේ පැහැයට වඩා වැඩි සුන්දරත්වයක් එක් කරනු ඇත.

වර්තමානයේ ඇතැම් තරුණියන් තම ඇස ගැටෙන විලාසිතා එසැනින් තමා සතු කර ගැනීමේ රැල්ලක් ඇතත්, සිරුර බාහිරයට නිරාවරණය වන අයුරින් විවිධ විලාසිතා වෙළෙඳපොළ ආක්‍රමණය කළත් ඔබ තම සුන්දරත්වය හා ගෞරවය සුරැකෙන සේ විලාසිතා අනුගමනය කිරීමට බුද්ධිමත් විය යුතුමය.

 තොරතුරු අන්තර්ජාලය අසුරිනි

5308 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 නොවැම්බර් 25, සිකුරාදා 09:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න