තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 දෙසැම්බර් 27, අඟහරුවාදා 12:24

මනාල යුවළකගේ සැබෑම ‘හඳහන’විවාහ උත්සවයදාට කියන්න පුළුවන් විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
ජීවිතය අලුත් කරන මංගල දිනයේ රත්තරන් දියණිය අලුත් ජීවිතයකට පා තබන්නයි සූදානම. ඒ වෙනුවෙන් සිහින දකින හැමෝම දැන් තම විවාහය සැලසුම් කරනවා.මංගල දිනය සැලසුම් කිරීම නැතිනම් Wedding Plan  කිරීමේ කලාව පිළිබඳ සොයන්න අපි ගියේ වෙඩිං කලාවේ ‘විවාහ’ සොඳුරු පියසටයි.

 

 

 Event media  කියූ සැණින් රටම හඳුනන ‘දෙරණ’ රූපවාහිනියේ ‘විවාහ’ වැඩසටහනේ අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රනාන්දු සපයන මේ විවාහ අත්වැල යුවතිපතින් වන්නට සිහින මවන ඔබටත් යුග දිවියේ සදාතනික සැමරුමක් සේයි.

වසර හතරක් පුරාවට අඛණ්ඩව දිග හැරුණු ‘විවාහ’ 400 වැනි වැඩසටහන ජනවාරි 06, 07, 08 තෙදින පුරාම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අභිමානයෙන් සමරන්න සූදානම්. මෙවැනි දැවැන්ත මනාලියන් දැක්මක් තුළින් විවාහ සංකල්පයේ පරිවර්තනය පිළිබඳ ඇගේ අත්දැකීම් පෙළගැස්ම සමාජයට ඉතාමත් වැඩදායක වේවි.

විවාහ වීමට සූදානම් වෙන බොහෝ දෙනෙක් තමුන්ගේ වෙඩිං එක කලින් සැලසුම් කරනවා. ඒ නිසා ඔවුන් සේවාදායක ආයතනය වෙත එන්නට පෙර හොඳට දැනුවත් වෙලා තීරණය කරලා තමයි එන්නේ.

එසේ පැමිණෙන අයට අවශ්‍ය පරිදි සේවය ලබාදීම තමයි ආයතනයකට පැවැරෙන වගකීම. උදාහරණයක් ලෙස සෑම වෙඩිං එකකටම තේමාවක් තියෙනවා. ඉරහඳ, පුන්කළස, නෙළුම් මල, මෙවැනි තේමාවක් තෝරාගත් පසුව පෝරුව, සෙටිබැක්, මල් සැරසිලි, උත්සව ශාලාව, මේසය මේ සෑම දෙයක්ම ඔවුන්ගේ තේමාවට අනුව සකස් කළ යුතුයි.

දැන් ඊඩචදඬ රධභ කාඩ් එකක් දෙන කලාව ටිකක් වෙනස් වෙලා. කාඩ් එකත් සමඟ පුංචි තිළිණයකුත් දෙනවා. ඒ තිළිණයත් තමුන්ගේ වෙඩිං තීම් එකට අනුව සකස් කළ පුංචි සමරු තිළිණයක්.

අපි මෙතෙක් කල් ‘විවාහ’ වැඩසටහන් කරන විට දැකපු වැදගත්ම දෙය තමයි විවාහයක වැය කරන මුදලට වඩා වැදගත් වෙන්නේ එය සැලසුම් කරන ආකාරයයි.

ඒ අනුව තමයි විවාහ උත්සවය සාර්ථක වෙන්නේ. මෑතකදී අප විවාහයක් පටිගත කිරීමකට තරු පහේ හෝටලයකට ගියා. පෝරුවේ චාරිත්‍ර සිදුවෙන මොහොතේ මුදු මාරු කිරීම සිදුවෙන අවස්ථාවේ මනාලයාගේ පාර්ශ්වයෙන් මුද්ද ගෙනත් නැහැ. එක්කෙනාට එක්කෙනා මූණ බලනවා.

මුද්ද ගෙදර. අෂ්ටක කියනවා. ඔක්කොම දේ එතැනින් ඉවරයි. තවත් දවසක අපට හෝටලයකට එන්න කිව්වා උදේ 5.00 ට. අපි එතැනට ගියා. හෝටලය වහලා. හෝටලය අරින්නෙ උදේ 8.00 ට. පැය තුනක් අපි ගේට්ටුව ළඟ... පෝරුවේ චාරිත්‍ර උදේ 10.00 ට කිසිම දෙයක් සැලසම් කරන්න කාලයක් නැහැ. මේ වගේ අපි නොසිතන ප්‍රායෝගික ගැටලු ඇති වෙන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථා ගැන දැනුවත්වී සූදානමින් සිටීම තමයි උත්සවයේ සාර්ථකත්වය.

අපි පුංචි විවාහ උත්සවයකට සහභාගී වුණා. උත්සවය තිබුණේ හරිම සුන්දර පරිසරයක. සියලු දේ හරිම පිළිවෙළට සැලසුම් කරලා. ඒ එක එක වැඩේ පවුලේ ඥාතීන්ට භාර දීලා. විවාහක යුවළ හෝටලයට පැමිණි මොහොතේ සිට පිටවෙන මොහොත දක්වාම සිටියේ හරිම සැහැල්ලුවෙන්. සෑම අයකුම හොඳින් පිළිගත්තා. කතා කළා. ඒ උත්සවේ කුඩා දරුවන් වෙනුවෙන් විශේෂිත කෑම, තෑගි පවා තිබුණා. කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ගී ගායනා කළා. ඔවුන් සියලු දෙනා එකම පවුලේ. හරිම සරල, සැහැල්ලු උත්සවයක්.... වැය කළ මුදලත් හරිම අඩුයි.

ඇත්තටම මංගල උත්සවයක පුංචි පුංචි දේ ගැන නොසිතීම තමයි උත්සවයක් අසාර්ථකවීමට ප්‍රධාන හේතුව. කෑම බීම වගේම අමුත්තන් පිළිගැනීම, ඔවුන්ට නිසි ගෞරවය දැක්වීම මේ සෑම දෙයක්ම නිසි ලෙස සැලසුම් කළොත් උත්සවය සම්පූර්ණයි.

මංගල උත්සවයක සැලසුම් අනුව මනාල යුවළගේ ඉදිරි ජීවිතය ගැන කියන්න පුළුවන්. ජීවිතේ අලුත් වෙන හොඳම දවස හොඳට ප්ලෑන් නොකර ඉදිරියට සැලසුම් කරන්න බැහැ.

අප බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන මේ උත්සවය තමයි වසරේ පළමු වැඩසටහන. මෙයට ප්‍රදර්ශන කුටි 152 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්. ලංකාවේ ජනප්‍රියතම ආයතන විශාල ප්‍රමාණයක් මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මංගල උත්සවයක නැකැත් පත්‍රය සෑදීමේ සිට ආරාධනා පත්‍ර, ඡායාරූප ශිල්පීන්, උත්සව සැරසිලි, පෝරුවේ චාරිත්‍ර, මංගල ඇඳුම්, ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගේ උපදෙස් නොමිලේ ලබා ගැනීමටත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලැබෙනවා. දිනුම් ඇදීමෙන් මංගල උත්සව අවස්ථාවන් නොමිලේ ලබාදීමටත් විවිධ ආයතන රැසක්ම ඉදිරිපත්ව සිටිනවා. මංගල මුදු, මාල, රන් අභරණ පවා දිනා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙම වැඩසටහන පිළිබඳ යමක් දැනගැනීමට අවශ්‍ය නම් 011-2796574 අංකයට අමතන්න පුළුවන්.

3212 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 දෙසැම්බර් 27, අඟහරුවාදා 12:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න