තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජනවාරි 03, අඟහරුවාදා 10:39

වෙඩිං කේක් උඩින් ඔපේ යටින් හපේ වෙඩිං කේක් මොකටද අනේ? විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
පසුගිය සතියේ මාගේ ළඟම මිතුරියක් වූ හිමාලිගේ වෙඩිං එක... හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුණේ වෙඩිං කේක් එකට. එහි ඇසුරුම හරිම අලංකාරයි.ආකර්ෂණීයයි. ඇසුරුම, මෙහෙම නම් කේක් කෑල්ලේ රස... කොහොමට ඇතිද?

 

බලන්නකෝ ශානි මේකට නම් ලොකු වියදමක් යන්න ඇති. මෙච්චර ලස්සන වෙඩිං කේක් එකක් දැකලම නෑ. මේක සිහිවටනයක් විදියට තියාගන්නත් පුළුවන්. හැමෝම ආසාවෙන් වර්ණනා කළා.

මං ගෙදර ගිය ගමන් අම්මට කිව්වෙත් වෙඩිං එක ගැන. හිමාලිගේ වෙඩිං එක නම් හොඳටම තිබුණා. අම්මා ඩෙකරේෂනුත් ගොඩක් ලස්සනයි. මේ බලන්නකෝ අම්මා වෙඩිං කේක් එක. අම්මත් අතට ගත්ත ගමන් කිව්වේ ෂා! ඇත්තටම හරි ලස්සනයි දුවේ.. හිමාලි දුවට ගොඩක් වියදම් යන්න ඇති නේද? ඔව් අම්මා අනිත් වෙඩිංවල ගොඩක්ම සාමාන්‍ය කේක් බොක්ස්වල නේ දෙන්නේ. ඒත් බලන්නකෝ මේක. සිහිවටනයක් විදියට සෑහෙන කල් තියාගන්නත් පුළුවන්. ශානි කේක් පෙට්ටිය විවෘත කරලා කේක් කෑල්ලක් මවගේ කටේ තිබ්බා.

අපෝ දුවේ කේක් කෑල්ල නම් හිතපු තරම් රස නෑනේ. අනේ මන්දා දැන් හුඟක් දේවල්වල ඔපේ විතරයි.

මේ වගේ ලස්සනට හැඩට වැඩට කේක් පෙට්ටිය තිබුණත් කේක් එකේ රසය නැති අවස්ථාවන් ඔබටත් හමුවී ඇති. සමහර ඇසුරුම් නම් ඇත්තටම බොහොම ප්‍රයෝජනවත්. ඇතැම් ඒවයේ කිසිම වටිනාකමක් පෙනෙන්නට නෑ. බොරු වියදම විතරයි. ඒ වගේ කේක් පෙට්ටියකට වැයවන මුදල අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?

මංගල උත්සවයකදී දෙන වෙඩිං කේක් එක ඉතා වැදගත්. මංගල උත්සවයට එන හිත මිතුරන් වෙඩිං එක ගැන පසුව කතා කරන්නේ බොහෝ විට වෙඩිං කේක් එක රස බලද්දී තමයි. මංගල උත්සවයේ හැම දෙයක්ම ලස්සනට තිබිලා කේක් එක රසවත් නොවුණොත් ඒ අයගේ හිත්වල තිබුණ සතුට, පැහැදීමත් නැති වෙලා යනවා.

වෙඩිං කේක් එකක් නිර්මාණය කරද්දී පළමුව වෙඩිං කේක් එකටත් දෙවනුව වෙඩිං කේක් ඇසුරුම ගැනත් හිතන්න ඕනේ. සාමාන්‍ය කේක්වලට වඩා වෙඩිං කේක් සඳහා යන අමුද්‍රව්‍ය මිල වැඩි නිසා ඇතැම් නිර්මාණකරුවන් අමුද්‍රව්‍ය අඩු කරලා බාල විදියට හදනවා ගැනුම්කරුවන්ගේ උපදෙස් පරිදි. ඒ වෙඩිං කේක් හරි වෙඩිං කේක් නෙවෙයි.

කේක් ඇසුරුම ගැන කතා කරද්දී විවිධ ඇසුරුම් ඒ සඳහා යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වීදුරු, සෙරමික්, ප්ලාස්ටික්, ලෝහ යොදා ගෙන කරන කේක් ඇසුරුම් දිර්ඝ කාලයක් සිහිවටන හෝ ආභරණ බහාලුම් විදියට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතිං ඇසුරුම වියදම් දරලා කේක් එක බාල විදියට හැදුවොත් නම් ඒ ඇසුරුමෙන් වැඩකුත් නැති වෙනවා. අඩු වියදමින් ඇසුරුමක් කරනවා නම් කේක් කෑල්ලටම සරසලා බොක්ස් එකක් ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට වෙනම ඇසුරුම් අවශ්‍ය වෙන්නෙත් නෑ.

අද කාලේ පිට ඔපය ගැන විතරයි බලන්නේ. ඒ නිසා වෙඩිං ප්ලෑන් කරද්දී මේ ගැනත් සිතන්න.

 උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

 කල්‍යාණි මුණසිංහ

4766 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 03, අඟහරුවාදා 10:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න