තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජනවාරි 17, අඟහරුවාදා 12:29

මෙහෙම ස්ලිම් ෆිට් අඳින්න ගියොත් Fit එක හැදෙයි ද මන්දා? විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
කිටි කිටියේ හිරට හිරේ අඳින ඇඳුම් විලාසිතාව දැනටමත් ඔබත් වසඟ කරන්. “ස්ලිම් පිට් තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක” සාප්පු සවාරියේ යන ඔබ බොහොමයක් නිමි ඇඳුම්සල්වලින් මෙවැන්නක් කියනවා අහලා ඇති.

 

 

මේක තරමක් මහත එසේත් නැත්නම් තරබාරු සිරුරක් හිමි අපේ යුවතියන්ට ඉහේ මලක් පිපුණා වගේ. පුළුවන් තරම් හිරට ඇඳලා ඇඟේ හැඩය ෂේප් කරගන්න කදිම අවස්ථාවක්. එල්ලා වැටුණු පපු ප්‍රදේශය, ඉදිරියට නෙරා ආ බඩ, කළවා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඔවුන් ස්ලිම් පිට් සොයා වෙළෙඳසැල් පීරා යනවා. ඒ වෙනුවෙන් ඕනෑම මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නත් සූදානම්.

එහෙත් ඔබ දන්නවාද, ඔබේ සිරුරේ හැඩය, ප්‍රමාණය ඇඳුමෙන් අඩුකර පෙන්වීමට දරන උත්සාහය ඔබේ සෞඛ්‍යාරක්ෂිත බවට ලොකු හානියක් බව. ජ්‍යෙෂ්ඨ භෞත චිකිත්සකවේදී ආරියදාස ගෝවින්න මහතාගේ මේ අදහස් පෙළගැස්ම ඔබේ නිරෝගී හෙට දවසක් උදෙසාය.

ඔබ ඇඟටම හිර වූ ඇඳුමක් ඇඳගෙන ගමනක් ගියත් එය සෘජුවම නොදැනෙන මුත් මහත් හිරිහැරයකි. බලන්න බස් රියකදී, දුම්රියකදී අත ඔසවන්නට හරිම අපහසුයි. ඒක හිතට කරදරයක්. නිතරම ඇඳුම ඉරෙයි, පැලී යයි, නූල් බුරල් වී යතැයි හැඟීමෙන් කාලය ගත කරන්නට වෙනවා. ඒක දෛනික වැඩ කටයුතු සඳහා ලොකු බාධාවක්. මානසික පීඩා විඳීමක් වෙනවා. ඉතිං හිරට හිරේ අඳින මේ ඇඳුම් නිදහසේ අතපය චලනය කිරිමටත් මහත් බාධාවකි. තවත් පැත්තකින් ඇඟට තද වූ ඇඳුමකින් සැරසී සිටීමේදී ඉතා ඉක්මනින් දහදිය දමනවා. මේ අපහසුතාවය ක්‍රමයෙන් වැඩි වී යාමේදී ක්ලාන්තය වුව ඇති වෙනවා. කොහොම නමුත් ඔබ සිරුරේ හැඩය ඔප් නැංවීමට අඳිනා තද ඇඳුමින් ස්වභාවික ලෙස මාංශ පේශීන්ට චලනයවීමේ අවස්ථාව මඟ හැරී යනවා. ඉන් ඔබේ කොන්දේ හා බෙල්ලේ මාංශ පේශීන්ගේ වේදනාව ඇති වේ. මෙයින් මාංශ පේශීන් අතර පීඩනයක් ද ඇති වේ.

තවත් අපේ කාන්තාවන් සිදු කරන වරදක් තමයි තදට ඇඟේ ගාණට අඳින කලිසමට ඊටත් වඩා තද බඳ පටියක් බැඳීම. මේ තත්ත්වය බොහොම භයානකයි. ඒ කියන්නේ කල්ගත වී යාමේදී පාදවල රුධිර සංසරණයට පවා බාධා ඇති වෙනවා. අපේ හුඟක් කාන්තාවන්ට මැදි වියේදී නහර ගැට ගැසීමේ තත්ත්වය ඇති වෙන්නේ මෙන්න මේ හේතුව මතයි. තවත් එතරම් සැලකිල්ලට නොගන්නා කරුණක් වන්නේ මේ තදට බඳිනා බඳ පටි නිසාම සම අව පැහැ ගැන්වීමයි. රූපලාවණ්‍යාගාර වෙත ගොස් හෝ වෙන වෙන ක්‍රම මඟින් සමේ ඇතිවන අව පැහැය වළක්වා ගන්නට උත්සාහ කළත් හේතුව මෙය බව ඔබට සොයා ගන්නට නොහැකි හෝ ප්‍රමාද වේ. එතනදී සාරියකින් හැඩවීමේ අවස්ථාව වුව අහිමි වී යා හැකියි. මේ නිසාම හිරට ඇඳුම් ඇඳීමට පෙර සමේ සංවේදිතාව ගැනත් වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතිය යුතුයි. මීට අමතරව සම ඇදීමේ සංවේදනවල ගැටලු තත්ත්වයන් ඇතිවේ. උදා: ඇඟ හිරි වැටීම.

උදරය තදවෙන අයුරින් ඇඳුම් ඇඳීම මඟින් කෑම දිරවීමේ ක්‍රියාවලියට බාධා හට ගන්නවා. එබැවින් ඔබට බියෙන් සැකෙන් යුක්තව තමයි ආහාර ගැනීම පවා සිදු කරන්නට වෙන්නේ.

පෙර සඳහන් කළ පරිදි අනවශ්‍ය හිර ඇඳුම් දෛනිකව ඇඳීමෙන් දමන දහදිය මඟින් සමේ දිලීර වැනි ආසාදන තත්ත්වයන් පවා හට ගනී. විශේෂයෙන් ඉකිලි ප්‍රදේශවල.

ඔබට මේ කිසිදු තත්ත්වයක් වරක් දෙවරක් තද ඇඳුමක් ඇන්දාට සිදු වෙන්නේ නැහැ. එහෙත් පුරුද්දක් වශයෙන් දෛනිකව සිදු කළහොත් පසුකාලීනව ඇඟ, අත පය, කොන්ද හිරි වැටීම, දැවී යනවා සේ දැනීම වැනි විවිධ සංවේදනා හට ගනී. කාලය ගතවීමත් සමඟ ස්නායු ආබාධවලට මුල් වන්නේ මෙලෙස ඔබ නොසිතා සිදු කරන පුංචි වැරැදි පුරුදුයි.

අනවශ්‍ය ලෙස තදවන ඇඳුම් ඇඳීමෙන් ඔබ සමාජයේ අනවශ්‍ය විහිළුවකට ද ලක් වේ. කෙසේ නමුත් එය ඔබේ සෞඛ්‍යාරක්ෂිත බවටත් වක්‍රාකාරව බලපානු ඇත. ඒ බව දැන දැනත් මින් ඉදිරියටත් ඔබ කිටි කිටියේ හිරට ඇඳුම් ඇඳගෙන යනවාදැයි තීරණය කරන්න.

 උපදෙස් - භෞත චිකිත්සකවේදී

ආරියදාස ගෝවින්න

3645 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 17, අඟහරුවාදා 12:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න