තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජනවාරි 23, සඳුදා 14:28

පොඩිත්තන්ගෙ සතුටට රසම රස කේක්

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(4 මනාප)
සූපවේදයේ ඉහළින්ම හිඳින්නට අම්මා හැමදාමත් කැපවෙනවා. ඒ සඳහා ඇය රසවත් කෑම බීම අඩුවක් නැතුවම පවුලේ අයට සාදා දෙනවා. ‘තරුණී’ මේ වෙනුවෙන් විවිධ වර්ගයේ රසම රස කෑම බිම තිළිණ කරනවා. අද එහි වෙනසක් කරමින් රස වෑහෙන කේක් වර්ග කිහිපයක් සාදාගන්නා ආකාරයත් සමඟ දූ පුතුන්ගේ උපන් දිනයට හෝ හා හාපුරා කියලා පාසල් හෝ පෙර පාසල් යන දිනය සිහිවන්නට කදිම කේක් එකක් සාදා එය අයිසිං කරන ආකාරයත් පහදා දෙනවා.

 

මේ සියල්ල ඔබට තිළිණ කරන්නේ සයුරෙන් එතෙර හිඳ ලොව වටා සිටින අපේ ඇත්තන්ට රසම රස කෑම සාදාගන්නට උපකාර කරන සූපවේදිනී ජනනී ගුරුසිංහයි. Cooking Made Simple  පහසුයි රසයි ෆේස්බුක් පිටුවට එක්වී ඇගෙන් උපදෙස් ලබාගන්නත් ඔබට පුළුවන්.

උපදෙස් සහ ඡායාරූප  - සූපවේදිනී ජනනී ගුරුසිංහ

 රස වෑහෙන මග් කේක් එකතුව

 ගෙදර බඩ ගිනි හමුදාවට ඉක්මන් පිළිතුරක් තමයි මේ මග් කේක්. හුඟක් අය හදලා රස බලලා තියෙන්නේ බටර් කේක් එහෙම නැත්නම් චොක්ලට් කේක් නේද? ඔන්න අද අරන් ආවා රස තුනකින් ඔයාලට පහසුවට රසට අපි එදිනෙදා කෑම රත්කරගන්න පාවිච්චි කරන මයික්‍රොවේව් එකේ විනාඩියකින් සාදාගත හැකි මග් කේක්.

 මග් කීවට ඔයාලට පුළුවන් කප්වල, පොඩි පොඩි මොල්ඩ්ස්වල හදන්න. මේ කොයිදේත් මයික්‍රොවේව් එකේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා වෙන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් විනාඩියෙන් මග් කේක් හදමු. ඔයාලට පුළුවන් ගෙදර පාවිච්චි කරන ඝනකම් මග් එකක්, පීරිසි කෝප්පයක්, එහෙමත් නැත්නම් සිලිකන් කප් එකක්, සිලිකන් මොල්ඩ් එකක් මේ සඳහා භාවිත කරන්න. මයික්‍රොවේව් එකේ භාවිත කළ නොහැකි කප් වර්ග පාවිච්චියට ගන්න එපා. උදාහරණයක් විදියට ෆොයිල් කප්ස්.

බලන්න, හරිම ලේසියි. ඒ වගේම රසයි. බොහොම ඉක්මනින් හදාගෙන කන්න පුළුවන් කෑමක් තමයි මග් කේක්. ඔයාලත් විවිධ රසින් හදලා රස බලන්න. මයික්‍රොවේව් එකේ හදද්දි ගොඩක් වෙලා තියන්න එපා. උපරිම විනාඩි 3 යි. ඊට වඩා තියලා හදලා දරුවන්ට දෙන්න එපා. ඒ වගේම හුඟක් වෙලා තිබ්බම කේක්වල සොෆ්ට් ගතිය නැතිවෙලා තද ගතියක් එන්නේ, ඒ නිසා විනාඩියෙන් දෙකෙන් හදන්න. මෙම කේක් වැඩි වෙලා තියාගන්නේ නැතුව නිවුණු ගමන් කෑමට ගන්න. එතකොට තමයි රස. ඔයාලගේ මයික්‍රොවේව් එක ගැන දැනුවත් වෙන්න. කෝප්පයකට බාගයක් වෙන්න එක්කර හදලා බලන්න. පිපෙන විදිහ සහ වෙලාව බලාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් විවිධ රසට දරුවන් ඉල්ලූ හැටියේම හදලා දෙන්න.


 

  

බිත්තර රහිත කැරට් මග් කේක්


 අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ගාගත් කැරට් කොප්ප 1/4 ක් (මේස හැඳි 3 ක ප්‍රමාණය)

වියළි මිදි මේස හැඳි 1 ක ප්‍රමාණයක්

පිටි මේස හැඳි 6 ක්

සීනි මේස හැඳි 4 ක්

කිරි මේස හැඳි 4 ක්

එළවළු තෙල් මේස හැඳි 2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

ලුණු ස්වල්පයක්

වැනිලා තේ හැඳි 1/4 ක්

 සාදන ක්‍රමය

පිටි, කුරුඳු කුඩු, ලුණු, බේකිං පවුඩර්, සීනි එකට එකතු කරකලවම් කරගන්න. එයට කැරට් හා වියළි මිදි ද එක් කරන්න. එළවළු තෙල්, කිරි, වැනිලා ද එකතුකර හොඳින් කලවම් කරන්න. මේ ප්‍රමාණවලින් කෝප්ප දෙකකට සෑදිය හැකියි. මයික්‍රොවේව් එකේ තැබීමට සුදුසු කෝප්ප හෝ මග් දෙකක් ගෙන මිශ්‍රණය හැන්දකින් එක්කරන්න. පිපෙන්න ඉඩ තියෙන අයුරින් එක් කරන්න. විනාඩි එකක් මයික්‍රොවේව් දාලා ගන්න. වැඩි රසට ක්‍රීම් චීස් හෝ බටර් ක්‍රීම් අයිසිං යොදාගෙන කෑමට ගන්න.


 රෙඩ් වෙල්වට් මග් කේක්

 අවශ්‍ය ද්‍රව්‍ය

සීනි මේස හැඳි 4 ක්

පිටි මේස හැඳි 4 ක්

කොකෝ පවුඩර්

තේ හැඳි 3 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4 ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක්

ලුණු ස්වල්පයක්

එළවළු තෙල් මේස හැඳි 3 ක්

කිරි මේස හැඳි 3 ක්

ලෙමන් යුෂ හෝ විනාකිරි තේ හැඳි 1/4 ක්

බිත්තර 1 ක්

වැනිලා තේ හැඳි 1/4 ක්

රතුපාට කලරිං තේ හැඳි 1/2 ක්

 සාදන ක්‍රමය

සීනි, පිටි, බේකිං පවුඩර්, කොකෝ පවුඩර්, ලුණු, කුරුඳු කුඩු එකට එකතුකර කලවම් කරන්න. එයට බිත්තරය, වැනිලා, කිරි, තෙල්, ලෙමන් සහ රතු පාට එකතුකර හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර කෝප්ප දෙකකට වත්කරන්න. විනාඩි එකක් මයික්‍රොවේව් එකේ තියලා ඉක්මනින් මග් කේක් හදාගන්න.


 

චොකලට් බනානා මග් කේක්

 අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් ගෙඩි භාගයක් (ලොකු කෙසෙල් නම්)

බිත්තර 1 ක්

පිටි මේස හැඳි 2 ක්

කොකෝ පවුඩර්

තේ හැඳි 2 ක්

සීනි මේස හැඳි 3 ක්

කිරි මේස හැඳි 1 ක්

බේකිං පවුඩර් තේ

හැඳි 1/4 ක්

වැනිලා තේ හැඳි 1/4 ක්

ලුණු ස්වල්පයක්

 සාදන ක්‍රමය

 කෙසෙල් ගෑරුප්පුවකින් හොඳින් පොඩි කරගන්න. පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර්, ලුණු, සීනි කලවම් කරගන්න. එයට බිත්තරය, කිරි, කෙසෙල් එකතුකර කලවම් කරගන්න. කොටස් දෙකකට බෙදා කෝප්ප දෙකකට එක්කර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබා කේක් හදාගන්න.

4234 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජනවාරි 23, සඳුදා 14:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න