තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 පෙබරවාරි 14, අඟහරුවාදා 13:02

නැවුම් අරුත් ගෙනෙන කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ප්‍රදීකා විජේසූරිය 077-6873588

 

 

 

බීච් වෙඩිං එකට කේක් එකක්

  

මුහුද තේමා කරගනිමින් සිදුකරන විවාහ මංගල්‍යයකට හොඳින්ම ගැළපෙන කේක් ආකෘතියකි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 14x14 ප්‍රමාණයේ බේස්බෝඩ් එකක්

අඟල් 12x12 ප්‍රමාණයේ හතරැස් කේක් දෙකක්

අඟල් 10x10 ප්‍රමාණයේ හතරැස් කේක් දෙකක්

බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

වෙළෙඳපොළෙන් ලබාගත් මනාල යුවළකගේ රුවක්

    සාදන ක්‍රමය:

පළමුව බේස්බෝඩ් එක සී ග්‍රීන් වර්ණ ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු අඟල් 12ඔ12 ප්‍රමාණයට සාදාගත් කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා පසුව සම්පූර්ණ කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කරගන්න.

ඒ ආකාරයට අනෙක් කේක් දෙක ද සැන්ඩ්විච්කර බටර් අයිසිං තවරා ගන්න. දැන් කේක් දෙකම සී ග්‍රීන් වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරන්න. පසුව මෙය බේස්බෝඩ් එක උඩ තබා කේක් දෙකෙහි යටින් සහ බේස්බෝඩ් එකෙහි යටින් සිල්වර් රිබන් පටියක් අලවන්න. ඉන්පසු නොම්බර 2 නොසලයෙන් කළු වර්ණයෙන් මුහුදු ගස් ඇඳගන්න. කේක් දෙක යටට නොම්බර 03 නොසලයෙන් බීඩ්ස් වර්ක් එකක් ආකාරයට දමාගන්න. ඉන්පසු කලින් සාදා වේළාගත් සිප්පිකටු හැඩතල කේක් එකෙහි අලවන්න. උඩට මනාල යුවළගේ රුව තබන්න.

 

කේක් එකට ඕපන් රෝසස්

  ගැහැනු ළමයි රෝස මල්වලට හරිම කැමැතියි. ඒ හින්දා ඔවුන් තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවල රෝස මල් යොදා ගන්නවා. බලන්නකො මේ කේක් එක හැඩකරලා තියෙන්නෙත් ඕපන් රෝස මල් දෙකකින්. මේ වගේ කේක් එකක් විවාහ ගිවිස ගැනීමේ උත්සවයකට වගේම උපන් දිනයක් හැඩ කරන්නත් හරිම අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 12 ක විශ්කම්භයෙන් යුතු බේස්බෝඩ් එකක්

අඟල් 10 ක විශ්කම්භය සහිත රාත්තල් දෙකක් ප්‍රමාණයෙන් සාදාගත් රවුම් කේක් දෙකක්

අඟල් 8 ක විශ්කම්භය සහිත රාත්තල් 1 1/2 ක තැටියක සාදාගත් රවුම් කේක් 3 ක්

අඟල් 6 ක විශ්කම්භය සහිත රාත්තලක ප්‍රමාණයට සාදාගත් රවුම් කේක් දෙකක්

මේ සඳහා ඩමි ද භාවිත කළ හැකියි.

බටර් අයිසිං

සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිං

රෝස පැහැති ෆොන්ඩන්ට් අයිසිං

සිල්වර් රිබන් පටියක්

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය:

පළමුව රාත්තල් දෙකේ කේක් දෙක එක මත එක තබා බටර් අයිසිං මඟින් සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු රාත්තල් 1 1/2 කේක් තුන ද එලෙසම සැන්ඩ්විච් කරගන්න. මේ ආකාරයටම රාත්තලේ කේක් දෙක ද සැන්ඩ්විච්කර සම්පූර්ණ කේක් තුනම බටර් අයිසිංවලින් කවර් කරගන්න.

ඉන්පසු රාත්තල් දෙකක ප්‍රමාණයට සාදා සැන්ඩ්විච් කරගත් කේක් එක සහ රාත්තලේ ප්‍රමාණයට සාදා සැන්ඩ්විච් කළ කේක් එක සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න.

පසුව අනෙක් කේක් එක රෝස වර්ණ ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු රෝස පාට ෆොන්ඩන්ට් අයිසිං මඟින් බේස්බෝඩ් එක ආවරණයකර ඒ මත අඟල් දහයක විශ්කම්භයට සාදාගත් සුදු පැහැති කේක් එක තබා එහි නොම්බර 1 හෝ 2 නොසලයෙන් කළු ෆොන්ඩන්ට්වලින් ලියවැල් මෝස්තරයක් දමන්න. අඟල් 6 ක විශ්කම්භයෙන් සාදාගත් කේක් එක වටා ද ඒ ආකාරයටම ලියවැල් මෝස්තරයක් දමාගන්න.

මැදින් ඇති කේක් එක කලින් සාදා වේළාගත් හයිඩ්‍රෙන්ජියා මල්වලින් සරසා ගන්න. කේක් තුන වටාම සිල්වර් රිබන් පටි අලවා අවසානයේ පාච්මන්ට් අයිසිං මඟින් සාදා වේළාගත් ඕපන් රෝස් මල් දෙකක් තබා කේක් එක සරසා ගන්න.

 ඡායා - ශාන් රඹුක්වැල්ල

3410 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 පෙබරවාරි 14, අඟහරුවාදා 13:07
අදහස් එක් කිරීමට ලොග් වෙන්න