තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 පෙබරවාරි 28, අඟහරුවාදා 10:09

බෞද්ධ කතෝලික විවාහයකදී මේ උපදෙස් පිළිපදින්න විශේෂාංග

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ආදරයේ සුවිශේෂී සංධිස්ථානයක් තමයි විවාහය. එවන් සුන්දර වූ ආදරයකට මිල මුදල්, වයස් පරතරය වගේම ආගම් භේදයත් බලපාන්නේ නෑ.

 

 

එහෙත් එකම ආගමක දෙදෙනෙක් විවාහ වෙනවාට වඩා වෙනත් ආගම් දෙකක දෙදෙනෙක් විවාහ වන විට ඒ ඒ ආගමික චාරිත්‍ර වෙනස් වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම බෞද්ධ කතෝලික විවාහකට පිවිසෙන්නේ නම් විවාහයට පෙර කළ යුතු නීතිමය අවශ්‍යතා කිහිපයක්ම තියෙනවා. එවැනි විවාහයක් අපේක්ෂිත අයට මේ ලිපිය වඩාත් වැදගත් වේවි.

කතෝලික ආගමට අනුව විවාහයක් සිදුවෙද්දී අනිවාර්යයෙන්ම විවාහයට පෙර පල්ලියේ පැවැත්වෙන පංතියට සහභාගිවිය යුතුයි. එහිදී එයට සහාගිවීමට හැකියාව තිබුණේ කතෝලික ආගමිකයාට පමණයි. නමුත් දැන් කතෝලික හා බෞද්ධ දෙදෙනාටම සහභාගි වීමේ හැකියාව තියෙනවා. මෙම පංතිය පැවැත්වෙන්නේ දවස් දෙකක් පමණයි.

දැන් වැඩි වශයෙන් කතෝලික හා බෞද්ධ යන ආගම් දෙකෙන් විවාහ වන නිසා එම පංතිවලට බෞද්ධ දර්ශනයත් ඇතුළත් කරනවා.

විවාහ වීමට නියමිත දිනට මාස 6 කට කලින් විවාහය පිළිබඳ තම ප්‍රදේශයේ පල්ලියේ පියතුමන්ව දැනුවත්කළ යුතුයි. පල්ලියේ පියතුමා විසින් අදාළ පංතිවලට යොමු කිරීමට කටයුතු කරනවා. එම පංතිවල දී කතෝලික ධර්මය, මානසික සුවය, මූල්‍ය කළමනාකරණය ආදී විවාහ දිවිය සාර්ථකව ගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකරනවා. අද කාලේ වැඩි වශයෙන් නැන්දම්මා, ලේළි අතර ආරවුල් ඇති වෙනවා. එවැනි ගැටලු අවම කරගැනීමට පිළියමක් ලෙස පංති පැවැත්වෙන දින දෙකෙන් එක දිනක වරුවක් මවුපියන්ට උපදෙස් ලබාදීම සිදු කරනවා.

පල්ලියේ නීත්‍යානුකූලව විවාහ වුණාට පසුව කුමන හෝ වෙනත් ආගමික චාරිත්‍රයකට අනුව විවාහ විය නොහැකියි. එහෙත් බෞද්ධ ආගමිකයන්ගේ පෝරුවේ චාරිත්‍රය සංස්කෘතික චාරිත්‍රයක් නිසා පල්ලියේ පූජාවෙන් පසුව පෝරුවේ චාරිත්‍රය ඉටු කිරීමේ හැකියාව තියෙනවා.

 විවාහ අපේක්ෂිත ඔබට විවාහ ලියාපදිංචිය පිළිබඳ ගැටලු ඇත්නම් පහත විවාහ රෙජිස්ටාර්වරුන් අමතා උපදෙස් ලබාගත හැකියි.

කීර්ති අබේසිංහ බණ්ඩාර

රත්නපුරේ - නඳුන් කෝරලේ

විවාහ, උප්පැන්න, මරණ

රෙජිස්ටාර් - වේවැල්වත්ත

071-8282433

*******

 එස්. එම්. එස්. පෙරේරා

ගම්පහ දිස්ත්‍රික් රෙජිස්ටාර් සංගමයේ ප්‍රධාන ලේකම්, දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න සහ මරණ රෙජිස්ටාර් සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති

විවාහ රෙජිස්ටාර් දකුණු අලුත්කූරු කෝරලයේ

077-9093805

  විශේෂ ස්තූතිය - ගරු ෆ්‍රැන්සිස් මයිකල් පියතුමා

2321 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 පෙබරවාරි 28, අඟහරුවාදා 10:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න