තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 පෙබරවාරි 28, අඟහරුවාදා 10:43

‘වෙඩිං එකක කැපීපෙනෙන්න මොන සාරියක්ද අඳින්න ඕනේ...’ විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
වෙඩිං එකකට ආරාධනා පතක් ලැබුණොත් ඔන්න හිතට ලොකු බරක්. වටිනා සාරියක්. ඒකට ගැළපෙන්න ජුවලරි - පර්ස් එක - සෙරෙප්පු. ඒ විතරක්ද?මේක්අප්, හෙයාස්ටයිල් දාගන්න සැලෝන් එකකට යන ගාණ ලොකු වියදමක් නේද?

 

අපේ කාන්තාවන් වැඩි දෙනෙක් හිතන්නේ වෙඩිං එකකට යන්න ගොඩක් වියදම් කරගෙන ඉස්තරම්ම දේවල් වලින් හැඩවැඩ වී යායුතු බවයි. ඇත්තටම ඔබ මේ සිතුවිල්ලෙන් මිදෙන්නට ඕන. එහෙම කියන්නේ වෙඩින් එකකට යන්න ඔය හිතන තරම් වියපැහැදම් කිරීම අනවශ්‍ය නිසයි.

එක්තරා වෙඩින් එකකට ගිය මොහොතක අප දුටුවේ ඉතාමත් වටිනා සාරි, වටිනා ආභරණ ආදියෙන් සැරසීගත් කාන්තාවන් අතර සිටි කාගේත් නෙත් සිත් පැහැරගත් යුවතියක්. චාම් විලාසිතාවන් නිසා ඇයට කැපී පෙනෙන ලස්සනක් ගෙන දී තිබුණා. නමුත් අප හඳුනන ඇය සමඟ කළ කතාබහේදී ඇය කියා සිටියේ තමන්ගේ සාරිය, ආභරණ ආදී සියල්ල අඩු මුදලකට තෝරා ගෙන එයට වටිනා පෙනුමක් ගෙන දුන් බවයි ඇත්තටම ඇය අපේ අනෙක් කාන්තාවන්ට කෙතරම් ආදර්ශයක්ද?

ජෝර්ජට්, ඉටැලියන් සිල්ක් වැනි අඩු මුදලකට ගත හැකි තනි පැහැති වර්ණවලින් යුතු සාරි ඕනෑ තරම් සාප්පුවල තිබෙනවා. ඔබ ගන්නා තනි පැහැති සාරියට ගැළපෙන පැහැයකින් නෙට් හෝ ලේස් එකත ªකරගන්න. ලස්සන බෝඩර් ඔබට මේ සඳහා තෝරා ගන්නට පුළුවන්. ඔබ මැහුමට ගෙතුමට දක්ෂ කාන්තාවක නම් ඔබේ සාරියට බෝඩරයක් අල්ලා ගන්න ලොකු වෙලාවක් ගතවන්නේ නෑ. එමෙන්ම ඔබ සාරියට එක්කර ගන්නා ලේස් හෝ නෙට් කොටසට බීඩ්ස් හෝ සීකුවින්ස් අතරින් පතරට එක්කර ගැන්මෙන් අඩු මුදලට ගත් සාරියට අලංකාරවත් වටිනා පෙනුමක් මතුකරගන්නට ඔබට හැකිවෙනවා.

තමන්ගේ අතේ ඇති මුදලට අඩු වියදමකින් තෝරා ගත හැකි යම් යම් විසිතුරු දේවල් ඕනෑතරම් තිබෙනවා. මේ දේවල් යොදාගැන්මෙන් ඔබේ සාරියට ලස්සනක් ඉස්මතු කරගන්න අපහසු වන්නේ නෑ.

ඔබ තෝරා ගන්නා සාරියේ වර්ණ ගැනත් සැලකිලිමත් වෙන්න. පැහැයෙන් වැඩි අයට තද පැහැති වර්ණවල සාරි තෝරා ගැන්ම සුදුසු නෑ. රාත්‍රී කාලයේ පැවත්වෙන උත්සවයක් සඳහා නම් තද පැහැති වර්ණයත් උදය කාලයේ නම් ළා පැහැති වර්ණයත් සුදුසුයි.

මේ විදිහට වර්ණ ගළපා ගන්න. ඔබ තෝරාගෙන තිබෙන්නේ රෝස පැහැති සාරියක් නම් එයට අළු පැහැති හැට්ටයක් අඳින්නට පුළුවන්. රෝස පැහැති ආභරණ, පර්ස් එක, පාවහන් මේ සඳහා ගළපාගත හැකියි.

සාරිය අළු පාට නම් එයට රෝස පැහැති හැට්ටයක් සහ එයට කැපී පෙනෙන සේ ආභරණ පාවහන් ආදිය තෝරා ගන්න.

ළා දුඹුරු පැහැති සාරියක් නම් රෝස පැහැති හැට්ටයක් ඇඳීමෙන් කැපී පෙනෙන බවක් දිස්වෙනවා.

සාරිය කොළ පාට නම් එයට ගෝල්ඩ් පාටින් හැට්ටය ඇඳ ගෝල්ඩ් ආභරණ - පර්ස් එක, පාවහන් ආදිය තෝරා ගන්නවානම් කැපී පෙනෙන ලස්සනක් ගෙන දේවි.

කහ පැහැති සාරියකට සිල්වර් හෝ ගෝල්ඩ් පැහැයෙන් හැට්ටය ඇඳ ගෝල්ඩ් පාට නැත්නම් සිල්වර් පැහැයෙන් එයට ආභරණ - පාවහන් ආදීි දේ තෝරා ගන්න.

ඔබ සාරිය තෝරා ගත්තේ ළා දම් පැහැයෙන් නම් තද දම් පැහැයෙන් බ්‍රොකේඩ් හෝ ලේස්වලින් කළ හැට්ටයක් අඳින්න.

ලා නිල් සාරියකට නම් තද නිල් හැට්ටය, ගෝල්ඩ් හෝ සිල්වර් - රෝස පැහැයත්, රතු සාරියකට නම් කළු හැට්ටයක් - කළු සාරියකට නම් රතු කළු මිශ්‍ර හැට්ටත් අඳින්න පුළුවන්.

ඔබ මේ ආකාරයට තනි පැහැති සාරිය තෝරා ගන්නේ නම් එම වර්ණය අනුව කැපී පෙනෙන මලක් හෝ චාම් හිස සැරසිල්ලක් - ලොකු බැංගල් එකක් ලොකු බ්‍රෝච් එකක්, මාලයක්, කරාබු දෙකක් පලඳින්න. බලන්න ඉන් කැපී පෙනෙන ලස්සනක් ඔබ වෙතින් දිස්වේවි.

ඉතාම අඩු වියදමකින් ඉතාමත් ලස්සනට අවශ්‍ය ඇඳුම් කට්ටලය පහසුවෙන්ම සකස් කරගන්නට පුළුවන්. සමහරුන් සාරියට විතරක් ලොකු මුදලක් වැය කරනවා. එයට තෝරා ගන්නා අනිත් ආභරණ, හෑන්ඩ්බෑග්, සෙරෙප්පු ආදියටත් ඒ හා සමානව වියදම් කරනවා. කාන්තාවකට ලස්සන වෙන්න ඔය විදිහට අනවශ්‍ය වියදම් විච්චූර්ණ ඕනෑ නෑ. තියන තරම් දේවල් පුරවගෙන මෝස්තර නිරූපිකාවක් වෙන්න උත්සාහ කරන්න එපා. බලන්න ඒ ආකාරයෙන් හැඩ වූ කෙනකුට වඩා චාම් විලාසිතාවන්ගෙන් චාම් පෙනුමට හැඩ වූ කාන්තාවන් අනෙක් අය අතර කැපී පෙනෙන හැටි.

මීට පස්සේ නම් වෙඩින් එකකට යන එක හිතට බරක් කරගන්න එපා.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ඩල්සි හත්තැල්ල

 0773279754

4652 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 පෙබරවාරි 28, අඟහරුවාදා 10:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න