තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 පෙබරවාරි 28, අඟහරුවාදා 12:06

මල් මංගල්ලෙට හැඩැති කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
රෝස මල් ගෙනෙන හැඩ / මංගල්‍යයක දෙවැනි දිනයට වගේම විවාහ සංවත්සරය සමරන්නට සූදානම් වන ඔබටයි මේ කේක් නිර්මාණය.

 

  

අවශ්‍ය ද්‍රව්‍ය:

ඔබට කැමැති වර්ගයකින් සාදාගත් කිලෝ දෙකක රවුම් කේක් දෙකක්

ක්‍රීම් බටර් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

වෙළඳපොළෙන් ලබාගත් කුරුලු ජෝඩුවක්

 සාදන ක්‍රමය:

පළමුව කේක් දෙක ගෙන එක මත එක තබා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු ක්‍රීම් බටර්

  අයිසිං මඟින් සම්පූර්ණ කේක් එක කවර්කර ගන්න.

දැන් ක්‍රීම් පැහැති ෆොන්ඩන්ට් අයිසිං කොටසක් ගෙන මෝස්තර සහිත රෝලින් පින් එකකින් තුනීකර රැලි සිටින ලෙස කේක් එක මත තබා කවර් කරගන්න. එහි යටට ෂෙල් බෝඩරයක් දමන්න.

දැන් පාච්මන්ට් අයිසිං මඟින් රෝස මල්, පෙටෝනියා මල් සහ කොළ සාදා ගන්න. ඉන්පසු සෘජිෆෝම් කොටසක් මඟින් හදවතක හැඩය කපා එයද ෆොන්ඩන්ට් අයිසිං මඟින් කවර් කරගන්න. පසුව එය කේක් එක මත රඳවා එහි වටේම මල් බන්ච් එකක් ආකාරයට රඳවා ගන්න. හාට් එක මැදින් කුරුලු ජෝඩුව සවිකරන්න.

හාට් එක වටේට හා කේක් එක වටේටත් පුංචි මල් සහ කොළ රඳවාගන්න.

** * * * * * *

 ෆැන්ටසි මල් ගෙනෙන එළිය

ක්‍රීම් සහ දම් පැහැය තීම් කලර් එක කරගත් මංගල උත්සවයකටයි මේ කේක් ආකෘතිය. බලන්න ෆැන්ටසි මල් නිසා කේක් එකට අමුතුම කලඑළියක් ලැබිලා තියෙනවා නේද කියලා.

 අවශ්‍ය ද්‍රව්‍ය:

අඟල් 18 විශ්කම්භය සහිත අඟල් 5 ක් උස ෂඩාස්‍ර හැඩැති ඩමි එකක්.

අඟල් 16 ක විශ්කම්භයක් සහිත අඟල් 5 ක් උස ෂඩාස්‍ර හැඩැති ඩමි එකක්

අඟල් 12 ක විශ්කම්භය සහිත අඟල් 5 ක් උස ෂඩස්‍ර හැඩැති ඩමි එකක්

අඟල් 10 ක විශ්කම්භය සහිත අඟල් 5 ක් උස ෂඩස්‍ර හැඩැති ඩමි එකක්

අඟල් 7 ක විශ්කම්භය සහිත අඟල් 5 ක් උස ෂඩාස්‍ර හැඩැති ඩමි එකක්

අඟල් 20 ක විශ්කම්භය සහිත බේස්බෝඩ් එකක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

රෝයල් අයිසිං

 සාදන ක්‍රමය:

පළමුව දියකරගත් ජෙලටින් කෝප්පයක් ගෙන බ්‍රෂ් එකක ආධාරයෙන් ඩමි සියල්ලේම ගාගන්න. ඉන්පසු ක්‍රීම් පැහැති ෆොන්ඩන්ට් අයිසිං මඟින් ඩමි සියල්ලම කවර්කර ගන්න. පසුව බේස් බෝඩ් එක මත ඩමි තබාගන්න.

දැන් ගෝල්ඩ් පැහැති රෝයල් අයිසිං නොම්බර දෙක නොසලයට දමා ලියවැලක ආකාරයට පහළ සිට උඩට අයිසිං කරගන්න. ඒ ලියවැල අතරට පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් ෆැන්ටසි මල් දමන්න. කේක් එකෙහි ඉහළම ඩමිය උඩින්ද මල් කීපයක් තබාගන්න.

පසුව රෝයල් අයිසිං මඟින් බීඩ්ස්වල හැඩයට ඩමි අතර ඩොට්ස් තබාගන්න.

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති පිළිබද උපදේශිකා සුජාතා ජයරත්න

077 - 3760101

4440 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 පෙබරවාරි 28, අඟහරුවාදා 12:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න