තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 සැප්තැම්බර් 12, බදාදා 14:36

වෙඩින් වීඩියෝ දැනගෙන කරමු

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(1 මනාපය)
දළ සේයා පටලයක සටහන් තැබූ මංගල සේයාරුවක අසිරිය අතීතයේ තම සොඳුරුම දිනය සිහිගන්වයි. කළු සුදු මංගල ඡායාරූප කලාව දියුණූ වෙමින් ඩිජිටල් තාක්ෂණය දක්වා දිගු ගමනක් පැමිණ ඇත්තේ අප නොසිතු ලෙසිනි. එයින් ඔබ්බට යමින් මේ වන විට මංගල දිනයේ සටහන් තැබීම විඩියෝ තාක්ෂණය ද අතික්‍රමණය කර හමාරය.

මෙලෙසින් නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරමින් පවා මංගල දිනයක විශේෂිත අවස්ථා සංරක්ෂණය කර තැබීමේ උනන්දුව මෑත කාලය තුළ වැඩි වී තිබේ. මංගල දිනයක් සඳහා අති විශාල මුදලක් විය පැහැදම් කළත් අවසානයේ අපට ඉතිරිවන්නේ එහි මතක සැමරුම් පමණකි. එම මතක සැමරුම් එලෙසින්ම ඉතිරි කර තබන්නට වීඩියෝ පටයක් තිබීම සුදුසුම ක්‍රමය ලෙස බොහෝ දෙනෙක් අද පිළිගනිති.

මංගල දිනයක් විඩියෝ ගත කිරීම පිළිබඳ නිසි පුහුණුවක් හා උපකරණ ඇති ශිල්පියෙකු හෝ ආයතනයක් තෝරාගැනීම අප මුලින්ම කළ යුතුය. මේ සඳහා වැයවන මුදලට වඩා එහි ගුණාත්මක පැත්ත පිළිබඳ සිතීම වඩාත්ම වැදගත්ය.

එම ආයතනය විසින් පටිගත කළ පැරැණි වීඩියෝ පට කිහිපයක් පළමුව හොඳින් නිරීක්ෂණය කරන්න. ඉන් පසුව ඔබ ඔහු පිළිබඳ සෑහීමට පත් වූ පසු මංගල දිනයක් සදහා විඩියෝගත කිරිමට යන ගාස්තු පිළිබඳ සාකච්ඡෘ කරන්න. සාමාන්‍යයෙන් මංගල දිනයක් සම්පූර්ණයෙන් ආවරණය සඳහා පැය 03 ක කාලයක් ගතවනු ඇත. ඔබ ඔහු සමග සාකච්ඡා කරගන්නා පැකේජය අනුව රු. 25,000.00 වැනි මුදලක සිට ලක්ෂ දෙකක් දක්වා මුදලක් සීමාව තෙක් පැකේජ පවතී.

මෙම අයකිරීම ඔබගේ මංගල දිනයේ ආවරණය වන පැය ගණන යොදා ගන්නා තාක්ෂණය, කැමරා උපකරණ යන සියල්ල මත රැඳී පවතී.

මේ අයුරින් ඔබට සුදුසු පැකේජය තෝරා ගත් පසු ඔහු සමග මංගල දිනය පිළිබඳ හොඳින් සාකච්ඡා කරන්න. පසුතල නිර්මාණය, ද ඔහුට හොඳින් පැහැදිලි කර දෙන්න. එමෙන්ම මංගල දිනයේ ඡායාරූප ගැනීමේ ශිල්පියා ඔහුගේ කටයුතු සඳහා ගන්නා කාලය හා සැලැස්ම පිළිබඳ ඔහුට පැහැදිලි කරන්න. ඒ අනුව මංගල දිනයේ වීඩියෝ ගත කිරීම පහසුවන අතර එය අනෙකුත් කටයුතු සඳහා බාධාවක් නොවන ලෙසින් ඉටුකරගැනීමට ද අවස්ථාව ලැබෙනු ඇත.

මංගල දිනය වීඩියෝ ගත කළ පසුව ද ඔබට වැදගත්ම කාර්යයක් ඉතිරි වී ඇත. ඒ මංගල දිනයේ විඩියෝ පටය සැකසීමයි.

මෙය ද එම කටයුත්ත සිදුකරන ශිල්පියා සමඟ සාකච්ඡා කර සකසා ගත යුතුමය. ඒ සඳහා යොදා ගන්නා පසුබිම් සංගීතය, සුවිශේෂ අවස්ථා පිළීවෙලින් පෙළගැස් වීම ආදිය ඔහු සමග හොඳින් සාකච්ඡා කරන්න. එම වීඩියෝ පටයට ඇතුලත් විය යුතු නම් හා විස්තර ද ඔහුට නිවැරිදි ලෙසින් ලබා දෙන්න.

බොහෝ විට මේ ලෙසින් සකස් කර අවසාන කොපිය සැකසීමට පෙර ඔබ නැවතත් එම කැසට් පටය හොඳින් නරඹන්න. එහි සියලු අඩු පාඩු සැලසූ පසුව ඔබ අවසාන කොපිය සැකසීමට අවසර ලබාදෙන්න.

මෙම කොපි කිරීම සදහා DVD පට යොදාගන්නා අතර බ්ලුරේ කළ පිටපතක් ලබා ගැනීමෙන් දිගු කාලයක් සුරක්ෂිතව තබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙහි මූලික විඩියෝ පටය Master Cassette ද ඔබට ලබා දෙන ශිල්හූ සිටිති. නැතිනම් එය සුරක්ෂිතව ඔහු සතුව පවතින බවට සහතික වේ නම් එය ඇතැම් විට පසු කාලයක දී ඉතාම ප්‍රායෝජනවත් වනු ඇත.

ඔබට ලබා දෙන කොපියට අමතරව කොපිය ඔබ ළඟ තබා ගැනීම ද සුරක්ෂිතභාවය වෙනුවෙන් ප්‍රයෝජනවනත් වනු ඇත.

උපදෙස් :
සම්පත් ප්‍රියන්ත හා නිරෝෂා පෙරේරා

11165 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 සැප්තැම්බර් 12, බදාදා 14:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න