තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මාර්තු 14, අඟහරුවාදා 12:19

සාදය හැඩකරන විසිතුරු කප්කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
කේක් නිර්මාණ අතර දැන් දැන් කප් කේක්වලට තිබෙන ඉල්ලුම නම් ඉහළයි. උපන්දින කේක්වලට වගේම විවාහ මංගල උත්සවවලටත් විවිධ හැඩයට අයිසිං කළ කප්කේක් නිර්මාණ දකින්න පුළුවන්. අප මේ තිළිණ කරන කප්කේක් විලාසිතා කීපයත් හෙට දින අලුත් නිර්මාණ සිදුකරන්නට බලාසිටින ඔබ වෙනුවෙන්මයි.

 

මෙහිදී පළමුව අප කප් කේක් සාදාගන්නා ආකාරය ඉගෙන ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

බටර් ග්‍රෑම් 200 ක්

පිටි ග්‍රෑම් 300 ක්

සීනි ග්‍රෑම් 200 ක්

බිත්තර 3 ක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

කිරිපිටි මේස හැන්දක්

වැනිලා එසන්ස් හෝ වෙනත් එසන්ස් වර්ගයකින්

තේ හැඳි 1 ක්

 

සාදන ක්‍රමය:

පළමුව බටර් සහ සීනි බීට් කරන්න. ඉන්පසු එයට බිත්තර එකින් එක දමමින් සීනි දියවනතුරු බීට් කරගන්න. දැන් පිටි, බේකිං පවුඩර් සහ කිරි පිටි එකට මිශ්‍රකර තෙවරක් හළාගන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එය ඉහත මිශ්‍රණයට එකතුකර හොඳින් කලවම් කරගත යුතුයි. පසුව වැනිලා ද එයට එකතු කරන්න. දැන් කප්කේක් තැටි මත පේපර් කප් දමා ඉහත මිශ්‍රණය කප් එකෙන් 1/2 කට හෝ 3/4 කට පුරවා ගන්න. පසුව මෙම තැටිය කලින් රත්කරගත් අවන් එකක සෙල්සියස් අංශක 175 - 200 අතර උෂ්ණත්වයෙන් විනාඩි 30 ක් පමණ බේක් කරගන්න. අවශ්‍ය නම් පලතුරු කැබලි ද එකතුකර තවත් රසවත් කරගත හැකියි.

 

අයිසිං කරගැනීම සඳහා:

බටර් ග්‍රෑම් 200 ක්

අයිසිං සීනි ග්‍රෑම් 400 - 600 අතර

එසන්ස් වර්ගයකින් තේ හැඳි 1/4 ක්

වැනිලා තේ හැන්දක්

 

සාදන ක්‍රමය:

පළමුව ඉහත සියල්ල එකට මිශ්‍රකර හොඳින් බීට් කරගන්න. ඔබට වර්ණ කීපයක බටර් අයිසිං අවශ්‍ය නම් ඉහත මිශ්‍රණය කොටස් කීපයකට බෙදා ඒ ඒ වර්ණ කලරින් දමාගන්න.

පසුව නොම්බර 21 නොසලයට බටර් අයිසිං දමා කප් කේක් එකෙහි රවුමට උඩට එන ආකාරයට අයිසිං කරගන්න. ඉන්පසු පාච්මන්ට් අයිසිංවලින් රෝස මලක් සාදා එයට උඩින් තබන්න. කොළ නොසලයෙන් කොළ දමා ගන්න. 2 ච් නො. 16, 17, 18, 67 සහ 233 යන නොසල්වලින් කප් කේක් මත විවිධ හැඩතල දමා අයිසිං කළහැකියි. පසුව පාච්මන්ට් අයිසිං මඟින් විවිධ නිර්මාණ සාදා ඉහතින් අයිසිං කරගත් කේක් මත තබා සරසා ගත හැකිය.

තවද සුගර් බීඩ්ස් හෝ ස්ප්‍රිංකල් දමා ද කප් කේක් අලංකාර කරනු ලැබේ.

 

 

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

නදීකා දිල්රුක්ෂි

4370 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 14, අඟහරුවාදා 12:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න