තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මාර්තු 24, සිකුරාදා 12:56

විලාසිතාවෙන් ඔබ්බට වටිනාකමක් ඔබට ඇත විශේෂාංග

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
කෙනෙකුගේ පළමු දැක්ම එම තැනැත්තා පිළිබඳව යම් තරමක හඳුනාගැනීමකට ප්‍රමාණවත් වෙනවා. මේ පළමු දැක්මමයි බොහෝ විට ඔහු / ඇය පිළිබඳ දිගු කාලීන මතකයන්ට හේතුවෙන්නේ.

 

බාහිර ඇඳුමින් පැලඳුමෙන් මිනිසුන් පිළිබඳ මිනුම් සදන්න එපා යැයි කියමක් තිබුණ ද යමෙකුගේ බාහිර විලාසයෙන් එම පුද්ගලයාගේ අභ්‍යන්තර සිතැඟි බාහිරව නිරූපණය වීමක් සිදු වෙනවා.

ආරක්ෂාවට සේම සුන්දරත්වයට ඉවහල් වන ඇඳුම් පැලඳුම් නිසාම අනාරක්ෂිත බව ද අසුන්දර බව ද ඇති වෙනවා නම් එය ඔබේ අතින් දැන හෝ නොදැන සිදුවන නොසැලකිල්ලේ ප්‍රතිඵලයක්.

තම ආත්ම ගෞරවය රැකගැනීමට කටයුතු කිරීම පුද්ගල ස්වභාවයයි. එහෙත් ඔබේ ම ඇඳුමින් පැලඳුමින් ඔබේ ආත්ම ගරුත්වයට ඔබම හානි පමුණුවා ගන්නවා දැයි මේ සටහන අවසන ඔබත් සිතා බලන්න.

වාණිජ වූ සමාජය මාන බලන්නේ පුද්ගලභාවයන් අරමුණු කරගනිමින් වෙළෙඳ අභිප්‍රායන් ඉටු කර ගැනීමටය.

බොහොමයක් නූතන කාන්තා විලාසිතා සම්බන්ධයෙන් ද එය එසේය.

නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර වල ඉතාමත් අධික මිල ගණන්වලට අලෙවි වන ඇතැම් ඇඳුම් විලාසිතා හුදු බාහිර ආටෝපයට පමණක් සීමාවුණු ශරීර ආවරණය වඩා නිරාවරණය ඉස්මතු වන ඒවාය.

විලාසිතා රැල්ලට නතු වුණු නව යොවුන් තරුණියන් මෙම විලාසිතාවල සොඳුරු බවට පත්ව ඇති බව වත්මන් සමාජ වටපිටාව දකින කවරකුට වුවද අමුතුවෙන් පැවැසිය යුතු නැත.

සංස්කෘතික වටිනාකම් වලින් කාන්තාවක් සැබැවින් ම ආරක්ෂා වන්නේය. විලාසිතාවන් සංකිර්ණ වූ තරමට අනවශ්‍ය ලෙස ශරීරය බාහිරව නිරාවරණය වන විට ඇය තවත් විසින් ම එම ආරක්ෂාවට බාධා පමුණුවාගෙන ඇත.

මේ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඔබ ද අත්විඳ අතුවාට සැක නැත. ඒ සමාජය තුළ නිරන්තරයෙන් එවැනි කාන්තාවන් සමාජ අපවාද හා උදහසට ලක්වන නිසැකය.

ඇඳුමේ ස්වභාවය මිස එහි ඉහළ මිල ගණන්වලින් තක්සේරු වීම බුද්ධිමත් යුවතියකට කිව යුතු නොවේ.

එහෙත් වර්තමානයේ කෙටි ගවුම් විලාසිතා රැල්ලකට නව යොවුන් තරුණියන් නතු වී සිටී.

අන්තර්ජාලය ඔස්සේ ද මේ ඇඳුම්වල දසුන් මැවෙන අතර එය ද මෝස්තරයක් ම වී අනුන් මිල දී ගන්නා නිසා තමන් ද එයට නතුවන තරුණියන් ද නැතුවා නොවේ.

එසේම ඇතැම් තරුණ නිවේදිකාවන් ද එවැනි ඇඳුම් වලින් සැරසි ප්‍රේක්ෂක තරුණියන් ද මේවාට නතු කර ගනු ලබයි.

මෙම විලාසිතා වලින් සැරසෙන තරුණියන්ට පළමුව තම නිදහස ම සීමා වේ.

එක්තරා යොවුන් තරුණියකට මහ මඟ දී කැඩුණු තම පාවහන් ගලවා ගැනීමට බැරි තරමට ඇගේ විලාසිතාව බාධාකාරී වීම ඒ ගැන පැවසීමට හොඳම නිදසුනකි.

ඔබේ ඇඳුම් විලාසිතා ඔබ ව පමණක් නොව ඔබ අවට සිටිනා පුද්ගලයන් කෙරෙහි ද බලපෑම් කරන බව අමතක කරන්න එපා.

සිතා බලන්න. ඔබ යම් පුද්ගලයකු හෝ ඔබේ ම සමීප හිතවත් පිරිසක් හමුවන අවස්ථාවක් ගැන එහිදී ඔබගේ ඇඳුම් විලාසිතාව ඔවුන්ගේ වටිනාකම් හා ගෞරවනීය බවට ද හානිදායක වේ.

මේ නිසා ඔබ ඇඳුමින් පැලඳුමින් සැරසෙන්නට ප්‍රථමයෙන් මා යන්නේ කොහෙද හමුවෙන්නේ කවුදැයි යළිත් මෙනෙහි කරන්න.

ආගමික ස්ථානයකට යන විට චාම් ඇඳුමින් සැරසීම සංස්කෘතියයි.

සාමාන්‍යයෙන් විහාරස්ථානයට යන විට සුදු ඇඳුම් සැරසීම තුළ පුහු මාන ගති නැති වී පිරිසුදු පිවිතුරු චේතනා පහළ වීම තුළ යහපත් අධ්‍යාත්මික වටපිටාවක් ගොඩනැඟෙනවා.

එහෙත් අද ඇතැම් යුවතියන් සුදු ඇඳුම ද අරුමෝසම් විලාසිතා එක් කරමින් සැරසීම කිනම් සමාජ ඛේදවාචකයන් ද කියා සිතෙනවා.

අත් රහිත සුදු ඇඳුම, ඇවිද ගැනීමට පවා අපහසු සුදු ඇඳුම්, කියාපාන්නේ ඔබේ සංවර බවේ අඩුපාඩුවයි. අන් අයගේ සිත් තුළ ද ගැටීම් ඇති කරවයි.

ඇතැම් අම්මාවරුන් තරුණ දූ දරුවන් සමඟ මහ මඟ එකම ගමන් කරන්නේ මාතෘත්වයේ උත්තරීතර බවට ද හානි වන සේ මාතෘත්වයට නොගැළපෙන විලාසිතාවන්ගෙන් සැරසෙමිනි.

තමන් රුචි ඇඳුමකින් පැලඳුමින් සැරසීම ඔබේ අයිතියක් බව සැබැයි. නමුත් ඔබේ සැරසීම සමාජයේ අප්‍රසාදයට නොව ප්‍රසාදයට හේතුවන්නේ නම් වඩා වැදගත් වන්නේ එයයි.

2373 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 24, සිකුරාදා 12:59
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Beauty Stars My Style Fashion »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න