තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 අප්‍රේල් 19, බදාදා 09:01

මල් මංගල්ලෙට හැඩැති කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
පෙටුනියා මල් ගෙනෙන ආකර්ෂණය  ළඟ එන මංගල මාසයේ මනාලියක් වන්නට සිහින දකිනා තරුණියන්ටයි මේ කේක් නිර්මාණය. යෙහෙළියන්ගේ වගේම මල් කුමරියන්ගේ ඇඳුම්වල පැහැයෙන් මල් නිර්මාණය කරගත හැකි නිසා ඔබේ තීම් එකට අනුව කේක් එක නිර්මාණය කරගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x6 රවුම් ඩමි එකක්

අඟල් 10x6 ප්‍රමාණයේ

රවුම් ඩමි එකක්

අඟල් 12x6 ප්‍රමාණයේ

රවුම් ඩමි එකක්

අඟල් 14x6 ප්‍රමාණයේ

රවුම් ඩමි එකක්

අඟල් 16 ක විෂ්කම්භය

සහිත බේස්බෝඩ් එකක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

පැස්ටල් වර්ණ

කලරිං

 

සාදන ක්‍රමය

පළමුව මෙම ඩමි සියල්ලම සුදු පැහැති ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. මේ කේක් එක සම්පූර්ණයෙන්ම පෙටූනියා සහ රෝස මල්වලින් සරසා ඇති නිසා පළමුව වර්ණ කීපයක පැස්ටල් කලරිං භාවිත කරමින් පාච්මන්ට් අයිසිං මඟින් පෙටූනියා මල් සාදාගන්න. ඉන්පසු රෝසමල් සහ කුඩා කොළ කීපයක්ද සාදා කේක් එක මත තබා සරසා ගන්න. යටින්ම ඇති ඩමියෙහි වටේට සුදු ෆොන්ඩන්ට් පටිතීරු දෙකක් කපා ලණුවක ආකාරයට අඹරා තබාගන්න.

 

රෝස මලින් මල්කම්

 විවාහ ගිවිස ගැනීමකට හොඳින්ම ගැළපෙන රෝසලින් හැඩකළ තවත් කේක් ආකෘතියකි, මේ.

 අවශ්‍ය ද්‍රව්‍ය

විෂ්කම්භය 10x8 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

විෂ්කම්භය 14x8 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

සුදු ෆොන්ඩන්ට් අයිසිං

රතු පාච්මන්ට් අයිසිං

ගීල්ඩ් ලේස් පටියක්

 

සාදන ක්‍රමය:

පළමුව මෙම ඩමි දෙක සුදු ෆොන්ඩන්ට් අයිසිං මඟින් කවර්කර ගන්න. ඉන්පසු ඩමි දෙක වටේට ලේස් පටියක් අලවන්න. එහි යටින් ෆොන්ඩන්ට් අයිසිං මඟින් සාදාගත් කුඩා බෝල පේළියක් හෝ සුදු ස්ටෝන්ස් පේළියක් රඳවන්න.

දැන් මේ ඩමි දෙක ලී ස්මැක්ස් එකක් උඩින් තබන්න. එවිට කේක් එක තවත් විශාලව පෙනෙනු ඇත. අවසානයේ රතු පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් ඕපන් රෝස මල්වලින් කේක් එක සරසා ගන්න.

 

 

ඡායා  - ශාන් රඹුක්වැල්ල

2536 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අප්‍රේල් 19, බදාදා 09:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න