තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මැයි 02, අඟහරුවාදා 11:53

අඩු මිලට ඇති අව් කණ්ණාඩි තියෙන පෙනීමත් නැති කරාවි විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
සමහරු රුපියල් දෙසීයට, තුන්සීයට පදික වේදිකාවෙන්, ඕනෑම තැනකින් අව් කණ්ණාඩි මිලදී ගන්නවා. මූණට ගැළපෙන කණ්ණාඩියක් මිල දී ගත්තම වැඩි දෙනෙක් හිතන්නේ ඇස් දෙක හිරු එළියෙන් බේරිලා මුහුණේ අලංකාරය තවත් වැඩිවෙනවා කියලා.

 

 

ගිනි කන්දක් ළඟ සිටිනවාක් මෙන් දැඩි උණුසුමක් දැනෙන මේ වගේ කාලයක අව් කණ්ණාඩියකින් ඇස් රැකගන්න සිතීමත් ඇස් ගැන වගකීමෙන් සිතන බවට ඉඟියක්. ඇත්තෙන්ම එය නුවණැති පියවරක්. අපේ වගේ ගිනි ඇවිලෙන උණුසුමක් තියෙන රටක ඇස්වලට බරපතළ හානි සිදු වෙනවා.

අපේ සිරුරේ වඩාත් සංවේදී සම ඇත්තේ ඇස් වටාය. හිරු එළියේ ඇති පාරජම්බුල කිරණවලට ඇස් වටා රැළි ගැසෙනවා.

එවිට මුහුණට වියපත් පෙනුමක් එක් වෙනවා.

ඇසේ සුදු පැහැති කොටස ආවරණය කරන පටලය හිරු එළියෙන් ඝන වී ප්‍රදාහයට පත් වෙනවා. මේ ප්‍රදාහය කුනීතයටත් (කළු පැහැ කොටසටත්) පැතිරී පෙනීමට පවා බලපාන්න පුළුවන්.

දිගින් දිගටම කුනීතය හිරු එළියට නිරාවරණය වීමෙන් ඇසේ සුද ඇතිවීමේ අවදානම ඉහළ යනවා. ඇහේ බබා (කළු ඉංගිරියාව) නිල් පැහැති නම් මේ හානිය වැඩියි.

දෘෂ්ටි විතානයට අව් රශ්මියෙන් හානි සිදුවීමෙන් ඇස්වලට වන හානිය ඇස් අන්ධ වීමට ද හේතුවක්.

මේ හානිවලින් බේරී සිටීමට ඇති හොඳම මාර්ගය අව් කණ්ණාඩියකින් රැකවරණයක් ලබා ගැනීමයි. එහෙත් තෝරා ගන්නා අව් කණ්ණාඩිය සෞඛ්‍ය ආරක්ෂිත නොවුණොත් එය අප විසින්ම ඇස් දෙක විනාශකර ගැනීමක් වෙනවා.

පාරජම්බුල කිරණ උරාගන්නා බව පමණක් සඳහන්කර ඇති අව් කණ්ණාඩි මිලදී ගන්න එපා.

සියයට සියයක්ම හිරු එළියෙන් රැකවරණය ලැබීමට ගත යුත්තේ (99-100 Percent UV Absorption)  සියයට අනූ නවයක් - සීයක්ම පාරජම්බුල කිරණවලින් රැකවරණය දෙන බවට සඳහන් අව් කණ්ණාඩි හෝ යූවි 400 (UV 400)ලෙස සඳහන් අව් කණ්ණාඩියි. අව් කණ්ණාඩියක් තද පැහැ වූ පමණින්ම එය සුපිරි අව් කණ්ණාඩියක් කියා සිතුවොත් වැරැදිය. අළු, කොළ, කහ, රෝස කාචවලින් පාරජම්බුල කිරණවලින් අමතර ආරක්ෂාවක් ලැබෙනවා.

විශාල රාමුවක් සහිත කණ්ණාඩිවලින් ද ලැබෙන රැකවරණය වැඩියි. අව් කණ්ණාඩි දැමූ විට ඇසේ කුනීතය විශාල වෙනවා.

අව් කණ්ණාඩිය පාරජම්බුල කිරණවලින් හොඳින් ආරක්ෂාව ලබා නොදෙන කණ්ණාඩි යුවළක් වුණොත් කණ්ණාඩි නොදැම්මාටත් වඩා පාරජම්බුල කිරණවලින් ඇසට හානි සිදු වෙනවා.අව් කණ්ණාඩිය තද පැහැතිවීමත්, අඩුම මිලකින් හෝ වැඩිම මිලකින් තිබීමත් එය මිලදී ගැනීමට සුදුසු බවට ඇති ඉඟියක් නොවෙයි.

සමහර සිවිකාචවලත් (කන්ටැක්ට් ලෙන්සස්) පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරන ගුණයක් පවතිනවා. එහෙත් මුළු ඇසටම ඉන් ආරක්ෂාවක් නොලැබෙන නිසා අව් කණ්ණාඩි පැලඳීම අත්‍යවශ්‍යයි.

ලෝකයේ හොඳම අව් කණ්ණාඩි ඇත්තේ ඔස්ට්‍රෙලියාවේයි. එරට ප්‍රමිතියකින් තොර අව් කණ්ණාඩි අලෙවි කරන්නේ නැහැ.

කෙනකු වැඩිපුරම පාරජම්බුල කිරණවලට නිරාවරණය වෙන්නේ උදේ දහයේ සිට සවස දෙක දක්වා කාලයේදීයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව වසරකට නව ලක්ෂයක් පමණ ඇසේ සුද නිසා අන්ධභාවයට පත්වෙනවා. ඇසේ සුද ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ පාරජම්බුල කිරණයි.

මේ සියල්ලටම අමතරව අව් කණ්ණාඩියකින් අපට තවත් විශාල වාසියක් සැලසෙනවා. පරිසරයේ හේතුවක් නිසා ඇස් වියළෙනවා නම් අව් කණ්ණාඩියෙන් ඇස් වියළීම වළකිනවා. ඒ අව් කණ්ණාඩි මඟින් දූවිල්ලෙන් සහ සුළඟින් ඇස් ආරක්ෂා වෙන නිසයි.

 

 

* අව් කණ්ණාඩිය මෘදු සබන් වතුරෙන් සෝදා පිරිසුදු කපු රෙදි කැබල්ලකින් පිරිසුදු කරන්න.

 

* ජලයෙන් සියයට සියයක්ම හිරු කිරණ පරාවර්තනය වෙනවා. හිමවලින් සියයට අසූ පහක් හිරු කිරණ පරාවර්තනය වෙන අතර වැලිවලින්, කොන්ක්‍රීට්වලින් සියයට විසි පහක් හිරු එළිය පරාවර්තනය වෙනවා. තණකොළවලින් සියයට තුනක් හිරු එළිය පරාවර්තනය වෙනවා.

උපදෙස් - අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

එස්. එච්. පී. පලිහක්කාර


ග්ලෝකෝමා පෙනීම උදුරා ගන්නා මාරයා

කිසිම රෝග ලකුණක් ඇති නොවී හට ගන්නා රෝග හරිම භයානකයි. වාසනාවකට වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් එවැනි රෝගත් දැන් හඳුනාගන්න පුළුවන්. එහෙත් රෝගය තිබෙනවාදැයි සොයා බැලීමේ වගකීම ඇත්තේ රෝගය වැලඳීමේ අවදානමක් තිබෙන ඔබ සතුවයි.

අපේ රටේ ජනගහනයෙන් සියයට හයක් ග්ලෝකෝමා රෝගයෙන් පීඩා විඳිනවා. සහෝදරයකුට හෝ සහෝදරියකට රෝගය වැලඳී ඇත්නම් තමන්ට රෝගය වැලඳීමේ ඉඩ සියයට නවයයි.

රෝගය වැලඳීමේ වැඩි ඉඩක් වයස අවුරුදු හතළිහට වැඩිවීමත් සමඟ ඉහළ යනවා. වයස අවුරුදු හතළිහට වැඩිවීමත්, දියවැඩියාවෙන් පීඩා විඳීමත් ග්ලෝකෝමා සඳහා වාර්ෂිකව දෑස් පරික්ෂාකර බැලීමට හේතුවක්.

ග්ලෝකෝමා කියන්නේ අසේ දෘෂ්ටි විතානයට වින කරන රෝගයක්. රෝගය නිසා ඇසේ පීඩනය වැඩිවන අතර ඉන් දෘෂ්්ටි විතානයට හානි සිදු වෙනවා.

පෙනීම බොහෝ දුරට අඩුවනතුරු රෝගය හඳුනා ගත නොහැකි වීම රෝගයේ බරපතළකමයි. අඩු වූ පෙනීම යළි කිසිදු ආකාරයකින් ලබා දෙන්නට බැහැ. කල් ඇතිව රෝගය හඳුනා ගත් විට තවදුරටත් පෙනීම අහිමිවීම වළක්වා ගත හැකියි. එහෙත් ඒ සඳහා ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ගැනීමට සිදු වෙනවා.

ග්ලෝකෝමා දෙආකාරයකින් වැලඳිය හැකියි. එක් වර්ගයකදී නිතර ඇස් දෙකම මත ලප වගේ පෙනෙන්නට ගන්නවා. වටේ නොපෙනී බලන දෙය උමඟක් තුළින් මෙන් දකින්නට ලැබෙනවා.

අනෙක් ග්ලෝකෝමා තත්ත්වයේදී තදබල හිසරදය, ඇස් වේදනාව, වමනය, ඔක්කාරය, බොඳ වී පෙනීම, ආලෝකය වටා තවත් එළි පෙනීම, ඇස් රතුවීම වැනි ලකුණු හට ගත හැකියි. ග්ලෝකෝමා තත්ත්වයෙන් පීඩා විඳින්නන්ගෙන් සියයට පහළොවකට වසර විස්සකදී අඩු වශයෙන් එක් ඇසක පෙනීමවත් අහිමි වෙනවා.

ඇස් දෙකට ආදරය කරන ඔබ වයස අවුරුදු හතළිහේදී හතළිස් ඇඳිරියට කණ්ණාඩි තෝරා ගැනීමට ගිය විට ග්ලෝකෝමා සඳහා පළමු පරීක්ෂාව සිදුකර ගන්න. තමන්ට ග්ලෝකෝමා වැලඳීමේ කිසිදු අවදානමක් නැත්නම් වසර හතරකට වරක් පරික්ෂා කළ යුතුයි.

වයස අවුරුදු 65 ට පසු වසර දෙකකට වරක් පරික්ෂා කිරීම වැදගත් වෙනවා.

 

 

උපදෙස් - අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ

මුදිතා කුලතුංග

2467 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මැයි 02, අඟහරුවාදා 11:57
මේ යටතේ එන අනෙකුත් ලිපි: « FASHION ලාංකික මංගල අසිරිය ඉතාලියට »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න