තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මැයි 02, අඟහරුවාදා 14:48

මංගල ගමනට හැඩැති කේක් විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
තේමාව ළා කොළ පැහැය නම්... ළා කොළ වර්ණය තීම් කලර් එක කරගත් මනාල යුවළක් වෙනුවෙනුයි මේ කේක් නිර්මාණය. චාම් බවත් සරල බවත් එක්වූ මේ කේක් එක පියෝනි මල නිසා තවත් හැඩවෙලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 6x8 රවුම් ඩමි එකක්

අඟල් 6x10 රවුම් ඩමි එකක්

අඟල් 6x12 රවුම් ඩමි එකක්

අඟල් 6x14 රවුම් ඩමි එකක්

අඟල් 1x20 බේස්බෝඩ් එකක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

රෝයල් අයිසිං

 

සාදන ක්‍රමය

පළමුව මෙම ඩමි සියල්ලම ළා කොළ වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු ඩමි පිළිවෙළින් ඉහළ සිට පහළට තබන්න. දැන් ඉහළම ඩමි දෙක අතරට නොම්බර 21 නොසලයෙන් ෂෙල් බෝඩරයක් දමාගන්න.

නැතිනම් බීඩ්ස් ආකාරයට ද දමාගත හැකියි. ඉන්පසු සුදු සහ කළු ෆොන්ඩන්ට් පටි කීපයක් තීරු කපා පිළිවෙළින් පහළට ඇති ඩමිය වටා අලවන්න.

තවද සුදු සහ කළු පටි කීපයක් එකතුකර බෝ එකක් සාදා මැදින් ඇති ඩමිය මත තබා අලවන්න.

ඇලවීමට රෝයල් අයිසිං භාවිත කළ හැකියි.

ඉන්පසු පාච්මන්ට් අයිසිං මඟින් පියෝනි මල්, කුඩා මල් කිපයක් සහ කොළ කීපයක් සාදා කේක් එක මත අලංකාර ලෙස අලවා ගන්න.


 

 

ඇත් දළ පැහැයෙන් වැඩි එළියක්

 

අයිවරි වර්ණය යොදා නිර්මාණය කළ මේ කේක් ආකෘතියත් ළඟ එන මල් මංගල්‍යය වෙනුවෙන්මයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 6x8 රවුම් ඩමි එකක්

අඟල් 6x12 රවුම් ඩමි එකක්

අඟල් 6x16 රවුම් ඩමි එකක්

අඟල් 3x6 රවුම් ඩමි එකක්

අඟල් 3x10 රවුම් ඩමි එකක්

අඟල් 1x20 බේස් බෝඩ් එකක්

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ලම අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් ආවරණය කරගන්න. ඉන්පසු ඡායාරූපයේ පෙනෙන පරිදි පිළිවෙළින් ඩමි ටික බේස්බෝඩ් එක මත තබා රෝයල් අයිසිං මඟින් අලවා ගන්න.

ඉන්පසු සෑම ඩමියකම පහළ කෙළවරින් අයිවරි වර්ණ ෆොන්ඩන්ට් අයිසිංවලින් කපාගත් පටි අලවන්න. නැතිනම් එම වර්ණයෙන්ම රිබන් පටියක් අලවා ගන්න. පසුව මෝල්ඩ් භාවිතකර සුදු ෆොන්ඩන්ට්වලින් මෙහි ඇති මෝස්තරය සාදා රෝයල් අයිසිංවලින් ඩමිවලට තබා අලවාගන්න.

ඒවා වටේට නොම්බර 1 හෝ 2 නොසලයෙන් සුදු පාටින් අවුට්ලයින් එකක් දමාගන්න. ඉන්පසු ළා රෝස පාට රෝස මල් හා තැඹිලි පාට ඇන්තූරියම් මල් ද කුඩා කහ පැහැති මල්ද කොළ ද පාච්මන්ට් අයිසිංවලින් සාදා කේක් එකෙහි උඩට සහ ඩමි අතරට තබා අලවාගන්න.

 

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී නදීකා දිල්රුක්ෂි

077-8340411

2112 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මැයි 02, අඟහරුවාදා 14:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න