තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 මැයි 23, අඟහරුවාදා 11:08

මංගල ගමනට අලංකාර කේක් නිර්මාණ විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
ඕපන් රෝස මලින් වැඩි එළියක්      ඕපන් රෝස මලින් කලඑළි වුණු තවත් කේක් ආකෘතියක්. අයිවි කොළ නිසා තවත් හැඩවෙලා.  චාම්බව අගයන මනාල යුවළකට කදිම මෝස්තරයක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8 x12 රවුම් ඩමි එකක්

අඟල් 8x16 රවුම් ඩමි එකක්

අඟල් 8x20 රවුම් ඩමි එකක්

අඟල් 8x24 රවුම් ඩමි එකක්

අඟල් 2x26 බේස් බෝඩ් එකක්

ෆොන්ඩන්ට් අයිසිං

සිල්වර් ස්ටෝන්ස් පටි

පාච්මන්ට් අයිසිං

ෆොන්ඩන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ලම සුදු ෆොන්ඩන්ට් අයිසිං මඟින් කවර් කරගන්න. ඉන්පසු තවත් ෆොන්ඩන්ට් කොටසක් ගෙන තුනීකර කොටුවක් ආකාරයට කපාගන්න. දැන් එය අවානක හැඩයට නවා ෆ්‍රිල් එකක් සාදාගන්න. මෙවැනි කොටස් ඩමි හතරටම සාදාගත යුතුයි.

පසුව එම කොටස් කැමැති පරිදි දිගහැර ජෙලටින් මිශ්‍ර වතුර මඟින් කේක් එක මත තබා අලවා ගන්න. ඉන්පසු අනෙක් පැතිවලට නොම්බර දෙක නොසලයෙන් රෝයල් අයිසිං මඟින් ලියවැලක මෝස්තරයක් දමා ගන්න.


 තට්ටු හතක කේක් එකක් 

ප්‍රමාණයෙන් උස කේක් ආකෘතියක් මංගල්‍යය වෙනුවෙන් සාදන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබටයි මේ කේක් ආකෘතිය.

තට්ටු හතකින් සමන්විත කේක් එක හැඩ වී ඇත්තේ රෝස මලිනි.

 අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x12 රවුම් ඩමි එකක්

අඟල් 8x16 රවුම් ඩමි එකක්

අඟල් 8x20 රවුම් ඩමි එකක්

අඟල් 824 රවුම් ඩමි එකක්

අඟල් 828 රවුම් ඩමි එකක්

අඟල් 8x 32 රවුම් ඩමි එකක්

අඟල් 8x 36 රවුම් ඩමි එකක්

අඟල් 40 ක විශ්කම්භය සහිත

බේස් බෝඩ් එකක්

ගොල්්ඩ් කලර් ලේස් පටි

ස්ටෝන්ස්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ලම ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු බේස්බෝඩ් එක මත පළලින් වැඩි ඩමි තුන තබාගන්න. එයට උඩින් වීදුරු බටයක් සහිත වාස් එකක් තබා අඟල් 8ඔ24 ඩමිය තබන්න. දැන් එයට උඩින් නැවතත් වීදුරු වාස් එක තබා ඊළඟ ඩමිය තබන්න. ඒ ආකාරයට අනෙක් ඩමි දෙක ද තබා ගන්න.

ඉන්පසු ඩමි සියල්ලේම යටින් ගොල්ඩ් ලේස් පටියක් අලවන්න. නොම්බර 2 නොසලයෙන් රෝයල් අයිසිං මඟින් සිග්සැග් ක්‍රමයට ඩමි සියල්ලම අයිසිං කරගන්න. ඩමිවල තැනින් තැන ස්ටෝන්ස් අලවන්න. දැන් පාච්මන්ට් අයිසිං මඟින් රෝස් ෆොගෙට් මී නොට් සහ පිටුනියා මල් ද කොළ ද සාදා වේළා ගන්න. එය හොඳින් වේළුණු පසු ඡායාරූපයේ දැක්වෙන පරිදි කේක් එකේ රඳවන්න.

 උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

කල්‍යාණි මුණසිංහ

  ඡායා - ශාන් රඹුක්වැල්ල

2343 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මැයි 23, අඟහරුවාදා 11:16
අදහස් එක් කිරීමට ලොග් වෙන්න