තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ඔක්තෝබර් 17, බදාදා 16:17

මංගල උත්සවය දා First Dance එක First Class එකට නටන්න

ලිව්වේ  තනූජා සූරියබණ්ඩාර
අගයන්න
(4 මනාප)
නව යුවතිපතීන්ගේ ප්‍රථම රංගනය හැමෝටම අභිමානයක් කරගන්න මොකද ඔයා බර කල්පනාවක..... මධුගෙ වෙඩින් එකට යනවද නැද්ද කියල.....අනේ..... එහෙම කොහොමද? එයා මොනතරම් වියදමක් කරලද ඔය වෙඩින් එක ගන්නෙ..... මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ? නැ අනේ ඔයාට මතකනේ චතුරිගෙ බර්ත්ඩේ පාටි එකට ගිහින් හැමෝම ඩාන්ස් කළා. අපි දෙන්න විතරක් ඔහේ බලාගෙන හිටියා..... මෙවැනි අඹුසැමි සංවාද අද බොහෝවිට සිදුවෙනවා.....

ඇත්ත තමයි උත්සවයකට සහභාගී වුණාම කාලයේ තාලයට අනුව අපි හැමෝටම හැඩ ගැහෙන්නට සිදුවෙනවා. එහෙම නැත්තම් අපහසුතාවට, මදිකමට වගේම ලැජ්ජාවට පත්වන අවස්ථාත් බොහොමයි.

අද පි‍්‍රයසම්භාෂණවලදී ස්ත්‍රී පුරුෂ හෝ විවාහක අවිවාහක භේදයකින් තොරව නර්තනයට බොහෝවිට ආරාධනා ලැබෙනවා. එවැනි අවස්ථාවක ඒ ආරාධනය සතුටින් භාරගන්න අපිත් සුදානම් වෙලා හිටියොත් හොඳයි නේද? හැමෝම සතුටු 

වෙන වෙලාවක ඔබටත් ඒ අවස්ථාව සුන්දර කරවන්න දායකවෙන්න පු‍්‍රළුවන් නම් ඔබේ වටිනාකමත් වැඩිවේවි.

ඒ සඳහා සිතේ ලොකු කැමැත්තක් ආසාවක් තිබෙන්නටත් හැකියි. ඒත් ඔබට ලැජ්ජා බය දැනේවි නම්..... ඒ බොහෝ වෙලාවට නර්තන හැකියාවක් නොවන නිසා විය හැකියි.

අද මංගල උත්සවයකදී නව යුවළගේ නර්තනය ගැන හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඒත් බොහෝ වෙලාවට අපට දකින්නට හැක්කේ ඔවුන් ඉතා ලැජ්ජාශීලීව කෝලගති පැවතුම් ඇතිව මේ අවස්ථාවට මුහුණ දෙන ආකාරයයි.

එහෙත් අද වන විට විවාහ අපේක්ෂිත බොහෝ තරුණ තරුණියන් නර්තනය හදාරන ආකාරය පෙනෙන්නට තිබෙනවා.

ඒ අයගේ අපේක්ෂාව වන්නේ මංගල දින සාදයේ නර්තනය ලැජ්ජා බියකින් තොරව ඉදිරිපත් කිරීමයි.

විවාහ මංගල උත්සවයකදී නව යුවළ ඉදිරිපත් කරන රංගනය ෆස්ට් ඩාන්ස් (First Dance) ලෙස හැඳීන්වෙනවා. විදේශ රටවල 

නම් මෙය හරියට අපි කේක් කපනවා වගේම වැදගත් චාරිත්‍රයක්. මෙහිදී අපේ රටේ මෙන් ආරාධිතයන් පිරිවරාගෙන නව යුවළ නර්තනයේ යෙදෙන්නේ නෑ. එය සිදුවන්නේ හැමෝම බලාගෙන ඉන්න අවස්ථාවකදීය.

මේ සඳහා ඔවුන් පෙර පුහුණුවක් ලබනවා. අපේ රටේත් දැන් එවැනි ප්‍රවණතාවක් දකින්නට හැකියි. මේ සඳහා නව යුවතිපතීන්ට දින දෙක තුනක පුහුණුවක් ප්‍රමාණවත්. එමෙන්ම විවිධ අවස්ථාවන් සඳහා සුදුසු නර්තනය හදාරන අයට ඒ සඳහා මාස හයකවත් පුහුණුවක් ලැබිය යුතුව ඇත.

ඔබ මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් තීක්ෂණට කතා කරන්න. ඔහු ඔබට උපදෙස් ලබාදේවි කොහොමද පාඨමාලාවට යොමු වෙන්නෙ කියල.

ඔබට ඉඩකඩ ඇති විදිහට දින වේලාවන් වෙන්කර ගන්නත් පුළුවන්. මේ ඔහුගේ දුරකතන අංකය. 077-2305873 වැඩිදුර තොරතුªරු අවශ්‍ය නම් වෙබ් ලිපිනයත් දෙන්නම්.

www.learnanddance.blogspot.com 

 

4021 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ඔක්තෝබර් 17, බදාදා 16:29
මේ යටතේ එන අනෙකුත් ලිපි: « මංගල යුවළයි නැටුමයි
අදහස් එක් කිරීමට ලොග් වෙන්න