තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජූනි 06, අඟහරුවාදා 15:52

විලාසිතා අතර නවතම විලාසිතාව Body painting විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ලස්සන වෙන්නට හැම කෙනකුම දක්වන්නේ බලවත් කැමැත්තක්. බොහෝ අය සිතන්නේ මෙය අද කාලයේ ඇති වූ ප්‍රවණතාවක් බවයි. එහෙත් නූතනයේ පමණක් නොව අතීතයේ දී ද බොහෝ දෙනකුට ලස්සන වීමට තිබූ උනන්දුව එලෙසමය.

 

 

බොඩි පේන්ටිං කලාව ඈත අතීතයේ සිට ලෝකයේ විවිධ ජාතීන් අතර ජනපි‍්‍රය වූවකි. විවිධ ගස්වලින්, මල්වලින් ලබා ගත් කහට වර්ග සහ සායම් වර්ග උපයෝගී කරගනිමින් ඔවුහු විවිධ රටාවන් ශරීරය පුරා ආලේප කරගත්හ. එමෙන්ම එම රටාවන්ට ගැළපෙන ලෙස කොණ්ඩා මෝස්තර ද සකසාගෙන කුරුලු පිහාටු, විවිධ ඇට වර්ග වර්ණ ගන්වා ඒවායින් හිසට සහ ආභරණ ලෙස විවිධ ආයිත්තම් වර්ග ද නිර්මාණය කොට ගත්හ. අද මෙම කලාව එයට වඩා ජනපි‍්‍රය වූවකි. ගස්, මල්, සතුන්, කුරුල්ලන්, සමනලයන් මෙන්ම විවිධ සැබෑ චරිත, ඩිස්නි චරිත ආදී නොයෙකුත් දේ මිනිස් සිරුර මත පින්තාරු කිරීමට තරම් මේකප් කලාව දියුණුවට පත්ව ඇත.

මෙම බොඩි පේන්ටිං කලාව සඳහාම වන පේන්ට් වර්ග අද වෙළෙඳපොළේ පවතින අතර, ඒවාට ම අදාළ කරගත හැකි ග්ලිටර්, පර්ල් වර්ණ ද ඒ සමඟින් භාවිත කළ හැකි විවිධ ඩස්ට් වර්ග, ස්ටෝන්ස් වර්ග යනාදිය ද ඇත. මේවා මනුෂ්‍ය ශරීරයට හානිකර නොවන අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇති අතර මේවා ශරීරයෙන් ඉවත් කිරීමට ද සිරුරට හානිකර නොවන බොඩි පේන්ට්ි රිමූවිං ලෝෂන් ද වෙළෙඳ පොළේ පවතී.

බොඩි පේන්ටිං කලාවේ දී භාවිත කරන විශේෂතම උපකරණයක් වන්නේ ස්ප්‍රේ ගන් නමැති උපකරණයයි. මෙය භාවිතයට යොදා ගනිමින් ශරීරයට සමබරව ස්ප්‍රේ කළ හැකි පේන්ට් වර්ග ද මිලදී ගත හැකියි. එය අප සිදු කරන බොඩි පේන්ටිං එක ඉතා ඉක්මනින් කිරීමට උපකාරී වන අතර වැඩි වෙහෙසකින් තොරව හොඳ නිර්මාණයක් කිරීමට ද උපකාරී වේ. සියුම් දේ ඇඳීම සඳහා අවශ්‍ය පේන්ට් බ්‍රෂ් වර්ග ද තමාගේ අවශ්‍යතාව අනුව තෝරා ගත හැකි අතර විවිධ වූ ස්පොන්ජ් කැබැලි භාවිත කරමින් අවශ්‍ය නිමාව ලබා ගැනීමට ද මේකප් ශිල්පියකුට හැකියාව තිබේ.

1. බොඩි පේන්ට් එකක් කිරීමේ දී පළමුවෙන් තමා කිරීමට යන ‘චරිතය’ (character )කුමක්ද, තේමාව කුමක්ද සහ එය කුමන අවස්ථාවක් (event) සඳහා ද යන්න තේරුම් ගත යුතුය.

2. තමා කිරීමට යන පේන්ට් එක පිළිබඳ සහ භාවිත කිරීමට යන පේන්ට් වර්ග ගැන අදහසක් මේකප් ශිල්පියා විසින් තමා පේන්ටිං එක කිරීමට යන තැනැත්තාට දැන්වීම වැදගත් කරුණකි.

3. බොඩි පේන්ටිං එකක් කිරීමට ප්‍රථම සිරුර පිරිසුදු කිරීම වඩා වැදගත් වන අතර දෑත් දෙපාවල රෝම ඉවත් කළ යුතු ද යන වග තේරුම් ගත යුතුය. එසේ කිරීමට අවශ්‍ය නම් සේවාදායකයාට එය දැන්විය යුතුය.

4. තමා කිරීමට යන ‘චරිතය’ හෝ තේමාවට අදාළ වර්ණ රටාවන් තෝරා ගැනීම සහ අදාළ උපකරණ හා ආම්පන්න වර්ග ද ඉතාම කල්පනාකාරීව (පිරිසුදු කළ උපකරණ) තෝරා ගත යුතුයි.

5. බොඩි පේන්ට් එක කිරීමට යන කාලය කොතරම් ද යන්න ගැන ඔබට අදහසක් තිබිය යුතු වන අතර ඒ ගැන සේවාදායකයා දැනුවත් කිරීම වැදගත් වේ.

6. බොඩි පේන්ට් එක කිරීමට තෝරා ගන්නා ස්ථානය ඉතාම වැදගත් වේ. සමහර අවස්ථාවල සම්පූර්ණයෙන් මෙය නිමවන තෙක් සේවාදායකයාට අසුන් ගැනීමට නොහැකිය. ස්ප්‍රේ පේන්ට් වැනි දේ භාවිත කරන්නේ නම් එයට සුදුසු ස්ථානයක් තෝරා ගත යුතුය. එමෙන්ම නිතර උපකරණ පිරිසුදු කිරීම අවශ්‍ය වන බැවින් ජලය ඉක්මනින් ලබා ගත හැකි තැනක් ද විය යුතුය.

7. මෙම පේන්ට් වර්ග සිරුරෙන් ඉවත් කරගැනීම සම්බන්ධව සේවදායකයා දැනුවත් කළ යුතුම වන අතර ඒ සඳහා භාවිත කරන්නා වූ දියර වර්ග, ආලේපන, ආම්පන්න ආදිය ගැන දැනුමක් ඔවුනට ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි.

 

 

උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

3035 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූනි 06, අඟහරුවාදා 15:54
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Ear Piercing Wedding එකකට යද්දී ඔබ ඔබ ම වන්න »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න