තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජූලි 04, අඟහරුවාදා 10:13

සුන්දර දිග හැරුමක් සහිත ප්‍රී ෂූට් එකක් විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
විවාහාපේක්ෂික යුවළකගේ ආදරණීය හැඟුම් වීඩියෝ දර්ශන පෙළක් ලෙස රූ ගැන්වීම දැන් විවාහ මංගල්‍යන්ට නැතිවම බැරි අංගයකි. මෙය වත්මනේ විවාහ මංගල්‍යයට පෙර කළ යුතුම යැයි ඇතැම් අය සිතන ප්‍රි ෂූට් එකයි.

 

 

මේ ගෙවී යන්නේ මංගල නැකැත්වලින් පිරුණු මාස කිහිපයයි. තමන්ට ප්‍රී ෂූට් එකක් වීඩියෝගත කිරීමට හෝ ඡායාරූපගත කිරීමට අවශ්‍ය යැයි මනාල යුවළ ඉල්ලා සිටියහොත් ඡායාරූප ශිල්පියා හෝ වීඩියෝ ශිල්පියා එය අකුරටම ඉටු කරනු ඇති. තේමාවක් කරා

මංගල උත්සවයට සති කිහිපයකට පෙර පැවැත්වෙන මෙම ප්‍රී ෂූට් එක සඳහා තේමාවක් කරා යන්නේ නම් එය ද නැවුම්ම අන්දමේ එකක් වනු ඇත.

සොඳුරු ඉසව්

ප්‍රී ෂූට් එක සඳහා අවශ්‍ය ලොකේෂන් සොයා ගැනීම මීළඟ කර්තව්‍යයි. ප්‍රී ෂූට් එක වෙනුවෙන් ඔබ වෙන් කරන්නට අපේක්ෂා කරන මුදල පිළිබඳ කල්තියාම තිරණයකට එලැඹිය යුතුවේ. මන්ද ඉදිරියේදී පැවැත්වෙන මංගල උත්සවය සඳහා මුදල් හදල් නිසිපරිදි කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වන බැවිනි. ප්‍රී ෂූට් එකක් රූගත කිරීම සඳහා විවිධ ඉසව් සොයා යන ගමනේ දී එය ඔබේ තේමාවට, ආර්ථිකයට බරක් නොවනවා සේම තැන් කිහිපයක් තෝරා ගත යුතුවේ. එකම තැනක් තෝරා ගනිද්දී එය ඡායාරූප / වීඩියෝ ශිල්පියාට ද තම නිර්මාණ හැකියාවන් පෙන්වීමට බාධාවක් වේවි. බොහෝදෙනකුගේ කැමැත්ත වෙන්වනුයේ ජලය ගලා බැසයන හරිත පරිසරයක්, මුහුදු වෙරළ යනාදියයි. එහෙත් අතහැර දැමූ ගොඩනැගිල්ලක, කර්මාන්ත ශාලාවක, වඩු මඩුවක, ජනාකීර්ණ වීදියක පවා අලංකෘත ප්‍රී ෂුට් එකක් කරදීමට ඡායාරූප / වීඩියෝ ශිල්පියා සමත් වන්නේ නම් ඉන් ප්‍රකට වන්නේ ඔවුනගේ නිර්මාණශීලී ඇසයි. 

 දහසක් සිතිවිලි

ප්‍රී ෂුට් එකක් කරද්දී එය සිනමා සිත්තමක, ටෙලි සිත්තකම සුන්දර දිගහැරුමක් මෙන් ගලා යන්නක් විය යුතුය. ප්‍රී ෂූට් එක ඇල්බමයකට එක්වන්නේ නම් එය සිතුවිලි දෝරේ ගලන සිත්තරකුගේ තෙලිතුඩට හසුවන සිත්තමක් තරමට චමත්කාරජනක විය යුතුවේ.

ඔබ දක්වන සහයෝගය

ප්‍රී ෂූට් එකක් සාර්ථක කරගැනීමට ඡායාරූප ශිල්පියාට නව යුවළගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින්ම වටී. සුන්දර නිමැයුමක අවසානය කරා යන්නට එය හේතුවේ. හොඳින් කතාබස් කිරීමෙන් නව යුවළගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමට ඡායාරූප ශිල්පියාට අවස්ථාව ලැබේ.

ඡායාරුප ශිල්පියා වෙත දක්වන සහයෝගය ඔබේ පැතුම් ඉටු කරනවා සේම ඕනෑවටත් වඩා හැඟුම්බර වීම කෙරෙහි නම් කිහිපතාවක්ම සිතන්නට වේවි. මන්ද මේ දිගහැරුම සිදුවන්නේ මාපියන් හා ඥාති පිරිස් අතරේ නිසා ඔවුන් අපහසුතාවට පත් කිරිමට ඔබ කිසිසේත්ම අනුබල දිය යුතු නොවේ. ඇතැම් ප්‍රී ෂූට් දෙස බලන්න මාපියන්ට, වැඩිහිටි ඥාතින්ට සිත් නොදෙයි. ඔවුන් මුහුණට මුහුණ බලාගන්නට අවස්ථාවක් ප්‍රී ෂූට් එක වෙතින් සැපයිය යුතු නොවේ.

ඇඳුම් පැලඳුම්වල විචිත්‍රවත් බව

ප්‍රී ෂූට් එක සඳහා තෝරාගන්නා ඇඳුම් පැළඳුම් ද ඔබේ ආර්ථිකයට, වෘත්තිය ගරුත්වයට, මාපියන්ගේ ගරුත්වයට හානි නොවන අන්දමේ ඒවා විය යුතුවේ. මේවා දර්ශන තලයේ පසුබිමට ගැළපෙන ඒවා විය යුතුවේ. සාමාන්‍ය මේක්-අප් එකක් දමා තිබීම ද අත්‍යවශ්‍ය කරුණකි. මේක්-අප් නොදමාම තිබීමත් මේක්-අප් වැඩියෙන් දැමීමත් අලංකාර නොවේ.

 කාර්යබහුල නොවන දිනයක්

ප්‍රී ෂූට් එක සඳහා යොදා ගන්නා දිනය ඡායාරූප ශිල්පියාට මෙන්ම නව යුවළට පහසු දිනයක් විය යුතුයි. කලබලයෙන් වීඩියෝ / ඡායාරූප ගැනීම වෙනත් වැඩ යොදාගෙන පැමිණීම නම් සෞන්දර්යාත්මක ප්‍රී ෂූට් එකක අවසානය කරා යෑමට බාධාවක් වේවි.

ප්‍රී ෂූට් එකේදී ඔබ ඡායාරූප ශිල්පියාට දක්වන සහයෝගය මංගල දිනයේදීත් ඔවුනට වැදගත් වේවි. නව යුවළගේ වඩාත් සුන්දරම දසුන් ඇති ඉරියවු පිළිබඳ ඔහු හට හොඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. මුදල් අතින් ගත්තත් එය වාසියකි.

ඇල්බමයක් ලෙසට

වත්මනේ ප්‍රී ෂූට් එක වීඩියෝ දර්ශනයක් ලෙසින් මංගල උළෙල දා පෙන්වීම වෙනුවට ඊට අමතරව ඇල්බමයක් ලෙස සකස් කොට ආරාධනා පිරිසට බැලීමට අතින් අත යැවීමක් සිදුවේ.

ප්‍රී ෂූට් එක සඳහා ඔබේ රැඟුමට පසුබිම් වූ සංගීතය, ගීත සඳහා ද අවධානය යොමු කළ යුතුවේ. මේවා සිහින් සුමිහිරි සංගීත රාවයක් ගෙන දෙන ඒවා වීමත් වැදගත් වේ.

රැල්ලට හසු නොවී

ප්‍රී ෂූට් එකක් කිරීම වත්මනේ රැල්ලක් බවට පත්ව ඇති නිසා එම රැල්ලට ඔබ හසු විය යුතුම නැත. “හැමෝම ප්‍රී ෂූට් කරනවා. මම නොකළොත් අඩුවක් වේවිද?” මෙවැනි සිතිවිලි අතර දෝලනය වෙමින් සිටීම නම් කිසිසේත්ම අවැසි නොවේ. ඔබ දෙදෙනා ඒ පිළිබඳ කතාබහ කිරීමෙන් මාපියන්ගේ කැමැත්ත ද ඇතිව එය කරන්නේ නම් වඩාත් සාර්ථක ප්‍රී ෂූට් එකක අවසානය ඔබේ නෙතට හසුවෙනු ඇත.

 අදහස් දැක්වීම

ප්‍රවීණ මංගල ඡායාරූප ශිල්පී

ප්‍රසන්න හෙන්නායක

1422 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 04, අඟහරුවාදා 10:19
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Pre - Shoot Locations
අදහස් එක් කිරීමට ලොග් වෙන්න