තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 නොවැම්බර් 29, බ්‍රහස්පතින්දා 10:53

ආලෝකය ඡායා රූප කලාවේ පදනමයි

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ජීවිතයක ඇති මතක සැමරුම් සදාකාලික කරගැනීමට අප කා තුළත් ඇත්තේ දැඩි කැමැත්තක්. ඒ නිසාම ඡායරූපයකට පෙනී නොසිටි තැනැත්තෙක් සොයා ගැනීමට නොහැකි තරම්. අද වන විට මෙය තවත් ව්‍යාප්ත වී ඇති අතර නූතන ඩිජිටල් තාක්ෂණය ඡායාරූප ගැනීම ඉතා පහසුකර ඇත.

එසේ වුවත් සාර්ථක ඡායාරූප ගැනීමක් සඳහා කරුණු කිහිපයක් ඉවහල් වේ. ඡායාරූප ගැනීම සඳහා යොදා ගන්නා කැමරාව නිසියාකාරව පරිහරණය නොකිරීම, ආලෝක තත්ත්වය පිළිබඳ ඇති නොදැනුවත් බව හා රූප රාමු නිසිලෙස සංවිධානය නොකිරීම මත අසාර්ථක ඡායාරූප ලැබීම වැළැක්විය නොහැකිය.

සේයාපට යොදා රූප සැකසීමේදී කැමරාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ක්‍රියා කිරීමට ඡායාරූප ශිල්පීීන්ට සිදු විය. ඔවුහු සේයා පටයේ ආලෝකය උරා ගැනීමේ ශක්තිය පිළිබඳ දැනුවත්ව උන්හ. කැමරාවේ කාචය තුළින් ඇතුළුවන ආලෝක දහරාව පාලනය කිරීමටත්, ආලෝකය නිවැරැදිව ලබා දිය යුතු කාල ප්‍රමාණය පිළිබඳත් විමසිලිමත් විය යුතු විය. ඒ අනුව රූපරාමුවෙන් රූපරාමුවට නිවැරැදිව හා නිර්මාණාත්මක ප්‍රතිඵල එළි දැක්විණි.

සේයා පටයකින් තොරව, රසායනික විකාශයකින් තොරව පරිගණක ආශි‍්‍රතව රූප මැවීමේ ක්‍රමයක් කැමරාවේ සේයා පටය වෙනුවට මෙමරි කාඩ් (මතක පතක්) එකක් භාවිත කිරීම ඉතා සරල පහසු ක්‍රමයකි.

රූපගත කෙරෙන වස්තුවට වැටී ඇති ආලෝකය කැමරාවේ කාචය තුළින් ඇතුළුවීම හා එය යම්කිසි කාලයක දී ආලෝකය ලබාගන්නා දොර විවෘත වී වැසී යයි.

ඉන්පසුව රූපය නිරීක්ෂණය කළ හැකි බැවින් බොහෝ දෙනාගේ කැමැත්ත ඩිජිටල් කැමරාව වෙත යොමු වී ඇති බව පෙනෙයි.

ඩිජිටල් කැමරාවෙන් ඡායාරූප ගැනීමේ දී බොහෝ අය භාවිත කරනු ලබන්නේ ඔටෝ මෝඩ් (Auto mode)හෙවත් ස්වයංක්‍රීය මාත්‍රාවයි. එය ඇතුළත (in door) හා පිටත (out door) යන දෙයාකාරයෙන්ම භාවිත කළ හැකිය. ගෘහස්ථ භාවිතයේදී කැමරාවේ විද්‍යුත් ක්ෂණිකාලෝකය හෙවත් ෆ්ලෑෂරය ස්වයංක්‍රීයව දැල් වේ. එසේ වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වස්තුව වෙත ආලෝකය ලබාදීම සඳහායි.

එහෙත් ඇතැම් අවස්ථාවලදී එළිමහනේ ඡායාරූප ගැනීමේදී පවා ක්ෂණිකාලෝක ප්‍රභවය හෙවත් ෆ්ලෑෂ් ගන් එකක් දැල්වීමට හැකිය. ඒ, හිරු එළිය අඩුවීම නිසා අඳුර පවතින බැවිනි.

ඩිජිටල් කැමරාවක් භාවිත කිරීමේ දී වුවද ඡායාරූප ශිල්පය පිළිබඳ මූලික දැනුමක් ලබා තිබීම සාර්ථක ඡායාරූප ලබා ගැනීමට පිටිවහලකි. මේ නිසා ඡායාරූපයක් ගැනීමේ මූලික පදනම පිළිබඳ දැනුවත් වීම මඟින් තාක්ෂණික උපාංග උපයෝගි කරගනිමින් සාර්ථක නිර්මාණ ලබාගත හැකිය.

ආලෝකය ඡායාරූප කලාවේ පදනමයි. ආලෝකය මඟින් ඡයාරූපයක විවිධ වූ වෙනස්කම් සිදු කළ හැකියි. එම නිසා ආලෝකය මඟින් ඡායාරූපයකට සිදුවන බලපෑම කුමක්දැයි පළමුව ඔබ හොඳීන් වටහා ගත යුතුව ඇත.

ස්වභාවික ආලෝකය වුවද අපට රිසි අයුරින්, විවිධ වූ උපක්‍රම මඟින් ඡායාරූපය ලබාගැනීම සඳහා යොදාගත හැකිය. එමෙන්ම ස්වභාවික ආලෝකය වන හිරු එළියේ යම් අඳුරක් පවතී නම් අපට අවශ්‍ය ආලෝකය ලබා ගැනීම සඳහා කෘත්‍රිම ආලෝක ප්‍රභවයන් භාවිත කළ හැකිය. නිවෙසක් තුළ දී නම් විදුලි පහන් දැල්වීම, කෘත්‍රිම විදුලි ආලෝකයක් ඇති කිරීම මෙන්ම ෆ්ලෑෂරයක් භාවිත කිරීම සිදු කරයි.

ලබන සතියේදී නිසියාකාර ඡායාරූපයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන අනෙකුත් සාධක පිළිබඳ සාකච්ඡා කරමු.

විශේෂ ස්තුතිය අනිල් ලසත් පෙරේරා

10458 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 නොවැම්බර් 29, බ්‍රහස්පතින්දා 11:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න