තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:35

රස වෑහෙන කේක්ගෙදරම හදමු විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
චොකලට් ක්‍රීම් කේක්, ඇපල් කේක්...ම්..ම්... රසය මතක් වෙනකොටත් දිවගට දැනෙන්නේ මිහිරක්. මේ කේක් වර්ග ගෙදරදීම හදාගන්න අද අපි ඔයාලට කියලා දෙනවා. පුංචි දරුවන්ට, පවුලේ අයට වගේම නිවෙසකට පැමිණෙන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නත් ඔවුන්ගේ නිවෙස්වලට ඔයාලා යනවිට අරගෙන යන්නත් මෙවැනි කේක් එකක් හරිම අපූරුයි.

 

 

 

ඇපල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

රතු ඇපල් ගෙඩියක්

බිත්තර 4 ක්

බටර් ග්‍රෑම් 250 ක්

ඇපල් එසන්ස් තේ හැන්දක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

 සාදන ක්‍රමය

පළමුව ඇපල් පළුවක් සිහින්ව කපා ගන්න. දැන් ඉතිරි පළුව පෙති හැඩයට කපාගන්න. ඉන්පසු බේකිං පවුඩර් පිටිවල මිශ්‍රකර තෙවරක් හළාගන්න. දැන් බටර් බිත්තර සහ සීනි බඳුනකට දමා හොඳින් බීට් කරන්න. එය මදක් බීට් වූ පසු කුඩාවට කපාගත් ඇපල් කැබලි ද එයට එකතු කරන්න.

මේ සියල්ල හොඳින් බීට් වූ පසු පිටි තෙවරකින් එයට එකතුකර කලවම් කරන්න. වැනිලා සහ ඇපල් එසන්ස් ද එයට එකතු කරන්න. දැන් තැටියක් ගෙන එයට ඔයිල් පේපර් එකක් දමා බටර් තවරා ගන්න. පසුව ඒ මතට සිහින්ව පෙති කපාගත් ඇපල් අතුරන්න. එයට උඩින් කේක් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 160 ක උෂ්ණත්වයෙන් විනාඩි 35 - පැයක් අතර කාලයක් බේක් කරගන්න.

 

ක්‍රීම් එක සඳහා

බටර් ග්‍රෑම් 200 ක්

අයිසිං සීනි ග්‍රෑම් 500

600 අතර

ඇපල්එසන්ස් තේ හැන්දක්

 සාදන ක්‍රමය

ඉහත සඳහන් සියල්ලම එක බඳුනකට දමා ක්‍රිම් එකක් වනතුරු බීට් කරගන්න.

දැන් කේක් එක ගෙන පැය දෙකක් නිවෙන්නට තබා දෙකට කපාගන්න. පසුව මැදින් ක්‍රීම් දමා සැන්ඩ්විච්කර කේක් එකෙහි උඩ සහ මතුපිටද ක්‍රීම් තවරා ගන්න.


 චොකලට් ක්‍රීම් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

සීනි ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

බිත්තර 4 ක්

බටර් ග්‍රෑම් 250 ක්

කිරිපිටි මේස හැඳි 2 ක් වතුර මේස හැඳි 3 කට දියකර ගන්න

වැනිලා තේ හැඳි 2 ක් චොකලට් පවුඩර් මේස හැඳි 3 - 4 ක් පමණ

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

 ක්‍රීම් එක සඳහා

බටර් ග්‍රෑම් 200 ක්

අයිසිං සීනි ග්‍රෑම් 500 - 600 අතර

චොකලට් පවුඩර්

මේස හැඳි 2 ක්

දියකරගත් පිටිකිරි

මේස හැඳි 3 ක්

 කේක් එක සාදන ක්‍රමය

පළමුව පිටි, බේකිං පවුඩර් සහ චොකලට් පවුඩර් එකට මිශ්‍රකර තෙවරක් හළාගන්න. ඉන්පසු බිත්තර, සීනි සහ බටර් බඳුනකට දමා බීට් කරගන්න. දැන් එම මිශ්‍රණයට පිටි දමා හොඳින් කලවම් කරන්න. එයට පිටිකිරි මිශ්‍රණය සහ වැනිලා දමන්න. අවසානයේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 35 - 45 අතර කාලයක් බේක් කරගන්න.

 ක්‍රීම් එක සාදාගැනීම

එහිදී ඉහත සඳහන් සියලු ද්‍රව්‍ය එකට දමා ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරන්න.

පසුව කේක් එක පැය දෙකක් පමණ නිවෙන්නට තබා නිවුණු පසු මැදින් කපා ක්‍රීම් ගා සැන්ඩ්විච් කරන්න.

දැන් කේක් එකෙහි වටේට සහ උඩට කේක් සඳහා භාවිත කරන කෝම්බ් (පනාවක්) එකක් ආධාරයෙන් ඉතිරි ක්‍රීම් තවරා ගන්න. මඳ වේලාවක් ශීතකරණයේ තබා අමුත්තන්ට පිළිගන්වන්න.

  උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පී

 ආචාර්ය කේන් පෙරේරා

1538 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 01, අඟහරුවාදා 09:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න